මම රැකියාවත් හැකි උපරිම කරා,, මට රැකියාවේ ඉතාම ඉහළ තත්වයකට එන්න ඒක හේතු උනා.. මට විශාල වැටුපක් විශාල තනතුරක් පවා හිමි උනා.. මම විශාල ගෝලයෝ පිරිසක් හැදුවා, මම ගොඩාක් අයට රැකියා දුන්නා.. අදටත් එඒ ළමයි ඒ මිනිස්සු කොහේදී දැක්කත් මාව අගය කරනවා මට වදිනවා ගරු කරනවා..
මට ඒක පුදුම සතුටක්.. අන්න ඒ සතුට නිසා මම තව තව දේවල් ඒ විදයේ කරන්න ගත්තා..
නමුත් මම මගේ දාඩිය මහන්සිය කැප කරලා හම්බ කරන හැමදේම වියදම් කරන පවුලෙන් දරුවන්ගෙන් මට එහෙම වටිනාකමක් අගය කිරීමක් ලැබුණේ නැහැ..
ඒ අය හිතුවේ මම ලස්සන කාමරයක ලොකු පුටුවක් උඩ වාඩි වෙලා පහසුවෙන් සල්ලි හම්බ කරනවා කියලා..
අඩුම මම ගැන මගේ මහන්සි වීම ගැන දරුවන්ගේ හිත්වල වටිනාකමක් ඇති කරන්න වත් බිරිද කටයුතු කරලා තිබුණේ නැහැ.
නමුත් මම දැකලා තියනවා අපේ ආයතනයේ සේවය කරන තේ හදන මනුස්සයගේ පිරිසිදු කරන මනුස්සගේ පවුලේ දරුවන් බිරිද ඒ මනුස්සයට ඒ මනුස්සයගේ මහන්සි වීමට කෘතගුණ දක්වනවද කියලා, අගය කරනවද කියලා..
ඇත්තටම කිව්වොත් තේ හදන මනුස්සය මම වියදම් කරනවා වගේ විස්සෙන් එකක් තමන්ගේ දරු පවුල වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ..
නමුත් ඒ මනුස්සයට සහ මට ලැබෙන තත්වය පවුල තුළ...?
ඉතින් ඔය දේවල් පවා මම වෙනස් වෙන්න සෑහෙන බලපෑවා..
මම සල්ලි හම්බ කරා සල්ලි වලින් පවුලේ අය වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරා, wife ට එයාගේ වැඩ දරුවන්ගේ වැඩ කරන්න කාර් එකක් අරන් දුන්නා.. ගෙවල් දෙකක් හැදුවා, හැබැයි ඉතින් අපි නැති උනාම ඒ ගෙවල් වල ඉන්න නම් කවුරුත් නැති වෙයි.. මොකද දුවලා තුන් දෙනාම වෙන රටවල පදිංචි වෙන්න ඉන්න නිසා..
මම wife ට ඕන තරම් සල්ලි දුන්නා, මම දන්නවා එයා ඒ එක රුපියලක් නාස්ති කරේ නැහැ.. එයා ඒ අතින් හොද බිරිදක්, මම ඒ දේවල් වලට ගරු කරනවා..
අන්තිමට දරුවන් උනත් මගෙන් අවසානයේදී බලාපොරොත්තු උනේ මම හිතන විදියට සල්ලි, හැබැයි මම ඒවා පුලුවන් උපරිමයෙන් සතුටින් කරලා දුන්නා, මොකද මම මේ හැමදේම කරේ එයාලා වෙනුවෙන් ලොකු දෙන්න වෛද්‍යවරියන් වෙලා කැනඩා ගියා, පොඩි දුව වෛද්‍ය විද්‍යාලයේ..
ඇත්තටම wife උනේ mr කසුන් එයා පොඩි කාලේ ඉදනා උස් මහත් කරපු දරුවන් එයාගෙන් දුරස් උනා, එයා තනි උනා එක පාරටම, එයාට ඒ තනිකම දරා ගන්න බැරි උනා.. එයා මාව හෙව්වා.
එතකොට මම අල්ලාගෙන එන්න බැරි තරම් දුර ඇවිල්ලා හිතා ගන්න බැරි තරම් වෙනස් වෙලා..
එයා අවුරුදු පනමක් ඉක්මවා ගියත් හෙව්වෙ මීට අවුරුදු විස්සකට තිහකට පෙර හිටිය මාව, එහෙම නැත්නම් අපි ආදරය කරද්දී හිටපු තරුණ මාව..
නමුත් දැන් ඒ මනුස්සය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා උඩු යටිකුරු වෙලා..
දැන් එයාට ඕන මට තුරුළු වෙන්න මට තුරුළු වෙලා නිදා ගන්න..
නමුත් මම දැන් ඉන්නෙ ස්පර්ශයන් වලින් තොරව සිප වැළද ගැනීම් වලින් තොරව බැදීම් නඩත්තු කිරීමකින් තොරවජීවත් වෙන්න ඕන කියන මානසික මට්ටමක..
නමුත් බිරිද වෙන්න හදනවා මීට අවුරුදු තිහකට විතර කලින් හිටපු තරුණ එයාව..
දැන් තමයි එයාට ඒ ජීවතය විදින්න අවශ්‍ය වෙලා තියෙන්නෙ..
දැන් මම එයට සූදානම් නැති නිසා එයා මාව සැක කරනවා..
මට ගැහැණු පාවා දෙනවා..
මට වඩා අවුරුදු විස්ස තිහ බාල මගේ දරුවන්ගේ වයසේ ගැහැණු ළමයි පාවලා දෙනවා..
මගේ ආයතනයේ මට පහළින් සේවය කරන කාන්තාවන් පාවලා දෙනවා..
මම ඉස්සරත් බීලා ගෙදර ඇවිල්ලා නිදා ගත්තා තනියම, ඒක එයාට ගාණක් උනේ නැහැ ඒ කාලේ, නමුත් දැන් මමකකා බිබී නරක ගැහැණු ඇසුරු කරන බේබදු සල්ලාලයා වෙලා..
දැන් තමයි මම බොනවා කියලා එයා දැනගෙන තියෙන්නේ.. (ඔහුට සිනා යයි)
ඉතින් ඔබ තුමාට පුලුවන් නම් ඇයට මේ තත්වය ගැන කරුණු හොදින් පැහැදිලි කරලා දෙන්න..
මොකද මම දැන් මේ ජීවිතයට හුරු වෙලා ...
මම හිතනවා ඔබ තුමාට හොදින්ම ඒ හැකියාව තිබෙන බව...
➡️➡️🛑ඉතින් ඔබත් කිසිම කලෙක ඔබේ වයසට කරන්න ඕන දේවල් නොකරම ඉන්න එපා...
ඔබේ අනෙකාව මග හැර ගන්න එපා.. මග හැරෙන්න දෙන්න එපා..
සමහරවිට ඔබේ මව පියා අතර මෙවැනි ගැටලු ඇති,, අනිවාර්යයෙන් බුද්ධිමත් ඔබ එවැනි අයව මනෝ උපදේශනය සදහා යොමු කරන්න..
Kasun Rajapaksha
ප්‍රවීණ මනෝ උපදේශක..