හෙළයන් සැගවූ මන්ත්‍ර ගුරුකම් 🔱☸️🔱


Channel's geo and language: India, Tamil
Category: Esoterics


Similar channels

Channel's geo and language
India, Tamil
Category
Esoterics
Statistics
Posts filter


💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ඇදුරු ආරක්ෂාවට සූනියම් දේව ආරක්ෂාව
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

🏵️ ආධුනිකයන් සහ වරම් දරුවන් මෙය භාවිතයට පෙර ගුරු උපදෙස් ලබා ගැනීම යහපති

මෙම මහා බලගතු සූනියම් දේව ආරක්ෂාව සූනියම් දෙවියන් හෝ ඔඩ්ඩිස යක්ෂයා සම්බන්ධ ඕනෑම හොද නරක ගුරුකමකට දැන සුදුසු පරිදි යොදාගත හැකි අතර ඕනෑම ගුප්තවේදීයකු වරම් දරුවකු ආධුනිකයන්ට තමන්ට ආරක්ෂාවක් ලෙස ඇදුරු ආරක්ෂා මන්ත්‍රයක් ලෙස සැක නැතිව භාවිතා කල හැකි අති මහත් බලගතු වූ මන්ත්‍රයකි මෙම මන්ත්‍රයට සමාන ආකාරයට පද බැදුම් ඇති මහීපාල ඉනා බන්ධන ය සහ තවත් මන්ත්‍ර කීපයක්ද ඇති නමුත් ඒවා සංකීර්ණ සහ අනිවාර්යයෙන් දැන ඉගෙන ප්‍රවේසමින් භාවිතා කල යුතු මන්ත්‍ර වේ

🌷සූනියම් දේව ආරක්ෂාව මන්ත්‍රය 🌷

ඕං හ්‍රීං හරිහර ඔඩ්ඩිස දේව රූපිණී ඔඩ්ඩි කර්ග හස්ථ දේව රාජා නම:

ඕං නමෝ අහස ගුගුරුවාගෙන පොළව වෙව්ලවාගෙන මා⁣ගේ හඩ අසාගෙන මා කීවා ඉෂ්ට සිද්ධ කර දෙන්නට ගෞතම බුදුන් අණින් දිස්ටි වැටී වර වර නම:

ඕං නමෝ වඩිග රට වඩිග රජ්ජුරුවන්ට ජාතකව යෞදගිරි බිසවුන් වහන්සේගේ කුසයෙන් උපන් කිහිරැලි ගොපලුරැලි හිරවීරමුණ්ඩ නම්ලත් සිද්ධ සූනියම් සුරිදු මාගේ ජීවිතය ආරක්ෂා කරගනින් මාගේ යහන් පහන් පුදපූජා කැපගනින්

එක්සිය සිව්සැටක් ගම්වර ඇති ගම්භාර සුරිදුනේ මෙමා ඔබට භාරයි මාගේ ජීවිතය රැකගනින් මාගේ සතුරන්ගෙන් පලි ගනින් ඔඩ්ඩි කර්ග හස්ථ දේව රාජා නම:෴

මෙම මන්ත්‍රය මහා බලගතු මන්ත්‍රයකි ගුරුකම් එකසිය අටකට ප්‍රත්‍යක්ෂ බව ගුරු පොතේ සදහන් වේ සූනියම් දෙවියන් ගෙ පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේ ඕනෑම ගුරුකමක් කරන්න ට පලමු පිරුවටයට ඉණ බදින පටියට 21 වර හෝ හත්වර මතුරා ගැනීමට කහ පැන් කොතලයට හත්වර හෝ 21 මතුරා ගැනීමට යහපති විශේෂයෙන් ගුරුකම් වැඩකදි පූජාවක් තැබීමේදී විශේෂ කාරණාවකට යහනට දුම්මල හත්වර මතුරා අල්ලනු බැල්ම වැටේ පුද කැප වේ ⁣පස්තෙල් හෝ පිරිසිදු තැඹිලි තෙල් 21 වර මතුරා පහනට බිංදු කීපයක් දමනු අංගම් පිල්ලි සූනියම් නොවදී පහන් බලවේ යක්ෂ බියට අමියා ඉනා විසට 21 වර පස්තෙල් මතුරා බඩේ ආලේප කරනු දෙසි ඇඹුල් මතුරා බීමට දෙනු
බදාදා සෙනසුරාදා දින දෙක පුද පූජා කැප කර නිසි ලෙස පහන් තබා හත් වර හෝ 21 වර බැගින් කියනු දිස්ටි වැටේ සිද්ධි වූ කල බොහෝ වැඩ ගත හැකිය ආරක්ෂා වට අණවින කොඩිවිණ දෝෂ දුරු කරයි යක්ෂ බියට තෙල් නූල් මතුරනු දෙසි මතුරනු කපනු පැන් කහ දියර මතුරා මූණ සෝදනු බියවීම් අමුනුෂ්‍ය බලපෑම් නිසා වූ සිහි මුර්ජා වලකී සත්‍යයි අද්දුටුයි පහදවාගත් කල සතුරන්ට පලි දැරිය හැක සතුරන් බල බිදිය හැක සතුරන් වැනසිය හැකිය පොල් මතුරා තුංමංසල ගසනු එයට නිසි පුද තබා යාම හෝරා දැන තමා ආරක්ෂා වී කරනු බොහෝ වැඩ ගත හැකිය ත්රිශුලයක් හෝ වේවැලක් ගෙන නානුමුර කර සූනියම් දෙවියන්ට පූජා තබා ආරාධනා කර ශිව මස්තු නමෝ රාම ගාතාවෙන් 21වර කියා මෙකී මන්ත්‍රයන් එකසිය අටක් මතුරා ගනු බලවත් වේ පලතුරු කැවිලි විළද මීපැණි කිරිබත් අදුන් සදුන් සුවද පුද තබනු මහා බලවත් මන්ත්‍රයකි යහපතටම යොදා ගනු

යහපතක් ම වේවා තෙරුවන් සරණයි සූනියම් දේව පිහිට ආරක්ෂාවයි

ලිපි සැකසුම ගුප්තවේදී දේවගැති චරිත් අනුරාධ 🌺🌺


යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ  එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වූ අතර,
1958 දී ෆිල්ම්⁣ෆෙයාර් සම්මාන උලෙළේද නර්ථනයෙන් දායක විය.

ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ නැටුම්වලින් පිරී ඉතිරිනි.

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා යකදුරුතුමා ප්‍රතික්ෂේප කලහ.ඊට හේතුව නොදනී.

එකල ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ අතීශය ජනප්‍රිය විය.

1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ රුවෙනි.

අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණය ගුරුන්නාන්සේව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදූහ.

1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ හට සම්මානයෙන් පිදුවා.

2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ රුවෙන් සැරසෙනවා.

දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක මෙතුමා පිළිබදව ගැන ලිපි පළවුණා.

1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කලහ.

බිරිඳ 'සොඳිනා' ත් දියණිය 'අමරාවති'ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ තනි වූ අතර
අන්තිම කාලේ මෙතුමා ජීවත් වෙන්නෙ කෝපි කැඩීම ජීවීකාව කරගෙනයි.

කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ එක ඇහැක් අන්ධ විය.

ජීවිතේ අවසා⁣න භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු  නිත්තවෙල ගුණයා යකදුරු ගුරුන්නාන්සේ රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියහ.

©️ ලිපි සැකසීම :-  ධර්ම ශ්‍රී නන්දලෝචන




කුප්පි ලාම්පුව පෙරලී මියගිය ජාතික වස්තුව නිත්තවෙල ගුණයා යකදුරු ගුරුන්නාන්සේ

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද
සිය දේශයේදී කaaර ඉරණමකට ලක්වූ
මෙරට අති දක්ෂ නැට්ටුවා

නි ත් ත ව ල ගු ණ යා යකදුරු ගුරුන්නාන්සේ
••••••••••••••••••••••••••••••••••••••••••••••

කප්පරක සම්මානලාභී වූවත් ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමටද ??
***

ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ගුරු සේවයට ආරාධනා ලැබූ
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ වේ.

නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ.

පියාගේ නම කිරි උක්කුවාය.

කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.

ගුණයා ගුරුන්නාන්සේ කිරි උක්කුවගේ එකම පුතා විය.

උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ මී මුත්තාය.

ගුණයා යකදුරුතුමා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත් අතර

අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නර්ථන හැකියාවන් විදහා පෑ දැක්වූහ.

අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්ද අතර,

අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නර්ථන දායකත්ව ලබාදුන්හ.

සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ ම නිර්මාණ බව ඔබ නොදන්නවා ඇත.

පණ්ඩිත් අමරදේවයන් ගයන 'වැලිතල අතරේ' ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.

නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ 1927 දි ජර්මනියේ පවා තම නර්ථන හැකියාව විදහාපෑහ.

1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කන්ඩායමේ නායකයා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ විය.


මල් යහන් කවි 🌼🙏








🙏සර්ව දේව කනලවිිවක් ...🙏🙏



10 last posts shown.

1 384

subscribers
Channel statistics