Telegram Info Sinhala


Channel's geo and language: Sri Lanka, Sinhalese
Category: Telegram


@tginfo හි සිංහල අනුවාදයයි
සියලුම බීටා විස්තර සඳහා: @betainfosi
නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat

Related channels

Channel's geo and language
Sri Lanka, Sinhalese
Category
Telegram
Statistics
Posts filter


SMS කේත යැවීමට Telegram වෙත සහය වීමෙන් Telegram Premium ලබා ගැනීමට අවස්තාව

Telegram පරිශීලකයින්ට වෙනත් Telegram පරිශීලකයින්ට OTP කේත ලබාගැනීමට තම දුරකතන අංකය භාවිතා කිරීමට Telegram වෙත අවසර දීමෙන් Telegram Premium ලබාගත හැකි නව ක්‍රමවේදයක් Telegram විසින් දියත් කර තිබෙනවා.ඉන්දුනීසියානු පරිශීලකයෙකු විසින් මෙම විශේෂාංගය පිළිබඳ Screenshot එකක් @tginfoen වෙත එවා තිබෙනවා.

මෙම විශේෂාංගය “Peer-to-Peer Login Program” ලෙස හඳුන්වන අතර මෙය අදාල නියමයන් සහ කොන්දේසිද Telegram විසින් publish කර තිබෙනවා.

Telegram විසින් දන්වන ආකාරයට තෝරගත් රටවල් කිහිපයකට පමණක් මෙම සේවාවට සහභාගී වීමට අවස්තාව ලැබෙන අතර මෙයට දායක වන පරිශීලකයින්ගේ දුරකතන අංකය භාවිතයෙන් ඔහුගේ වියදමෙන් උපරිමය SMS 150 කට යටත්ව Telegram විසින් අලුතෙන් Log වෙන පරිශීලකයින් වෙත OTP යැවීමට බලාපොරොත්තු වෙයි.පරිශීලකයා අවම වශයෙන් යැවිය යුතු SMS සංඛ්‍යාව සම්පූර්ණ කළ විට ඔහුට Telegram Premium Gift Code එකක් ලැබෙන අතර SMS යැවීම සඳහා යන වියදම් පරිශීලකයා විසින් දැරිය යුතු වෙයි.

මෙහිදී OTP ලබන්නාට SMS එක වෙනත් පරිශීලකයෙකු තමා වෙත එය එවූ ලෙස පෙනෙන අතර එම දුරකතන අංකයද දිස් වේ.

මෙම සේවාව Android පරිශීලකයින් වෙත පමණක් මේ වන විට ක්‍රියාත්මක වෙයි.

කෙසේවෙතත් මෙම සේවාව ඉන්දුනීසියාව වැනි SMS පිරිවැය අධික රටවලට ක්‍රියාත්මක වේ යැයි අනුමාන කළ හැක.

#P2PL #Premium


Video is unavailable for watching
Show in Telegram
Filters in Saved Messages

emoji ටැග් භාවිතයෙන් messages filter හැකියාව ඇතුළත් Telegram Version එකක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.

පණිවිඩයක් ටැගයකින් සලකුණු කරන්නේ කෙසේද?
• Saved Messages වලට යවන ඕනෑම reaction එකක් ස්වයංක්‍රීයව ටැගයක් බවට පත්වේ.
• Saved Messages වලට reaction එකක් ලෙස යවන ඕනෑම ඉමොජියක් සඳහා, පරිශීලකයාට කෙටි පැහැදිලි කිරීමේ පෙළක් යෙදිය හැක. මෙම පෙළ එක් එක් අදාළ reaction එක අසල මෙන්ම search bar එකට පහළින් ද පෙන්වනු ඇත. මෙම පෙළ සැකසීමට හෝ වෙනස් කිරීමට, පණිවිඩය යටතේ හෝ සෙවුම් රේඛාව යටතේ ඉමොජි ටැගය Touch කර අල්ලාගෙන සිටින්න.

මම නිශ්චිත ටැගයක් සහිත සියලුම messages සොයා ගන්නේ කෙසේද?
Telegram මෙය කිරීමට ක්රම දෙකක් ඉදිරිපත් කරයි:
• පණිවිඩයට පහළින් ඇති ඉමොජි ටැගය තට්ටු කර අල්ලාගෙන සිටින්න.
• සුරකින ලද පණිවිඩවල සෙවුම් බොත්තම තට්ටු කර ඉන්පුට් රේඛාවට පහළින් ඇති ඕනෑම ඉමොජි ටැගය මත තට්ටු කරන්න.

#iOS


දැනුම්දීමකින් තොරව Telegram ගිණුමක් නිර්මාණය කිරීම

Telegram නිල පරිවර්තන වේදිකාවේ, "Contact joined Telegram" බව පරිශීලකයින්ට දැනුම් දීමේ විශේෂාංගය අක්‍රිය කිරීම පිළිබඳ තොරතුරු දර්ශනය විය.

#iOS


Telegram හි stories වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම

Telegram නිල පරිවර්තන වේදිකාවේ, @tginfo දකින්නේ Telegram Premium ඇති පරිශීලකයින්ට ඉහළ ගුණත්වයෙන් stories බැලීමට හැකි වනු ඇති බවයි.

එය වේගයෙන් load කිරීම සඳහා storiesවල රූපයේ ගුණාත්මක භාවය අඩු කර තෝරා ගැනීමේ හැකියාව ගැනද එහි සඳහන් විය. මෙය හරියටම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තවමත් නොදනී.

#Android


Telegram Premium පරිශීලකයින් සඳහා Saved Messages වල Tags

නිල Telegram පරිවර්තන වේදිකාවෙන්, @tginfo දැනගත් පරිදි tag විශේෂාංගය Telegram Premium සහිත පරිශීලකයින්ට පමණක් ලබා ගත හැක.

අනාගතයේදී ඔවුන් විසින් අවශ්‍ය notes සොයා ගැනීම සඳහා පරිශීලකයාට ඔවුන්ගේ saved messages විශේෂ tag සමඟ ලකුණු කිරීමට හැකි වනු ඇත.

#Android


පුද්ගලික පණිවිඩ ලැබිය හැක්කේ කාගෙන්ද යන්න සීමා කිරීමේ හැකියාව

ටෙලිග්‍රෑම් Premium නොමැති පරිශීලකයින්ගෙන් පුද්ගලික පණිවිඩ පැමිණීම වැළැක්වීමට හැකි නවතම විශේෂාංගයක් සූදානම් කරමින් සිටින බවට ඉඟි කරන iOS සඳහා වූ ටෙලිග්‍රෑම් source code හි වෙනස්කමක් සිදු වී ඇත.

මෙම privacy settings හි නම "Who can write to me" ලෙස එහි සඳහන් වී ඇත. ඔබට පුද්ගලික පණිවිඩ එවිය හැක්කේ කුමන පරිශීලකයින්ගෙන්ද යන්න තෝරා ගැනීමට මෙමගින් ඔබට හැකියාව ලැබේ: "Everyone" හෝ "Contacts and Premium" යන option පමණක් මෙහි අඩංගු වී ඇත.

අනාගතයේදී මෙම විශේෂාංගය භාවිතා කළ හැක්කේ Premium සහිත පරිශීලකයින්ට පමණක් බව දැනට අපට තීරණය කල හැක.

නමුත්, දැනට ටෙලිග්‍රෑම් කේතයේ මෙම විශේෂාංගය පිළිබඳ සඳහනක් පමණක් හමු වී ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර එය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත, එබැවින් විශේෂාංගයේ අවසාන අනුවාදයේ යම් වෙනස්කම් තිබිය හැකිය.

#iOS


Video is unavailable for watching
Show in Telegram
Self-destructing Video Messages සහ Recording අතරතුර Pause කිරීම

ඉදිරි Telegram යාවත්කාලීනයේදී, එක් වරක් පමණක් නැරඹිය හැකි වීඩියෝ පණිවිඩ යැවීමට හැකි වනු ඇත. මීට පෙර, හඬ පණිවිඩ සඳහා සමාන විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.

මීට අමතරව, හඬ සහ වීඩියෝ පණිවිඩ යන දෙකෙහිම පටිගත කිරීම pause කිරීමට option එකක් හඳුන්වා දෙනු ඇත.


Telegram නැවතත් US App Store හි ඉහළින්ම

Telegram Messenger දැන් US App Store හි Social Media කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටී. App එක දැනට Facebook, WhatsApp, Threads, Twitter, Signal සහ Discord වලට වඩා .ore downloads ලබා ගනී.

සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල, Telegram ඉහළම 20 අතර සිටින අතර එහි සැලකිය යුතු තරඟකරුවන් අතර එය දෙවැනි වන්නේ ByteDance යෙදුම් (TikTok සහ CapCut) වලට පමණි.

Statista වාර්තාවන් අනුව පසුගිය වසරේ එක්සත් ජනපදය Telegram හි සිව්වන වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළ බවට පත් වූයේ Audience Growth Terms වලට අනුවය. ඒ ඉන්දියාව, රුසියාව සහ ඉන්දුනීසියාවට පිටුපසින්.

#statistics


Video is unavailable for watching
Show in Telegram
Apple Vision Pro Headset සඳහා ටෙලිග්‍රෑම් හඳුන්වා දෙයි.

පවෙල් ඩුරොව් විසින් VisionOS සඳහා ටෙලිග්‍රෑම් අතුරුමුහුණතක සංකල්පයක් ඉදිරිපත් කරන ලදී.

Apple ආයතනය මගින් වැඩි දියුණු කළ රියැලිටි හෙඩ්සෙට් එක ද 2024 දී නිකුත් කිරීමට නියමිතව තිබීම මෙයට හේතුවක් වේ.


Video is unavailable for watching
Show in Telegram
Giveaways වලින් Telegram Premium දිනා ගැනීම

• නාලිකා හිමිකරුවන්ට දැන් ක්ලික් කිරීම් කිහිපයකින් giveaway එකක් නිර්මාණය කර එහි කොන්දේසි සැකසීමට හැකිය.

• Giveaway එක අවසන් වූ පසු, Telegram විසින් නියමිත නිර්ණායක සපුරාලන පරිශීලකයින්ගෙන් අහඹු ලෙස ජයග්‍රාහකයින් තෝරා ගනු ඇත.

• ජයග්‍රාහකයින්ට gift codes ලැබේ, එය giveaway එකේදී ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳ මහජන තහවුරු කිරීමක් ලෙස සේවය කළ හැකිය.

• තරඟයේ ජයග්‍රාහකයාට ඔවුන්ගේ කැමැත්ත පරිදි gift codes වෙනත් පරිශීලකයෙකුට මාරු කළ හැක.

• සෑම තෑගි කේතයක්ම Free ටෙලිග්‍රෑම් Premium දායකත්වයක් Active කරයි. නමුත් සංවිධායකයින්ට නාලිකාවල subscription giveaway විශේෂාංගයට සම්බන්ධ නොවන ඔවුන්ගේම ත්‍යාග එක් කළ හැකිය (උදාහරණයක් ලෙස බෙදා හැරීමේ සේවා සහිත ජයග්‍රාහකයින් සඳහා සිහිවටන).

• ප්‍රදානය කරන ලද සෑම premium දායකත්වයක් සඳහාම, නාලිකාවට අමතර vote 4ක් ස්වයංක්‍රීයව ලැබේ.

• මෙම votes වෙනත් නාලිකාවකට මාරු කළ නොහැකි අතර බෙදා හරින ලද Free ටෙලිග්‍රෑම් Premium දායකත්ව කාලය සඳහා ඒවා සංවිධායක නාලිකාව සමඟ පවතිනු ඇත.

සම්පූර්ණ වෙනස්කම් ලැයිස්තුව සඳහා, මෙම ලින්ක් එක බලන්න.


නාලිකාවල Giveaways සහ Free Premium

අද සිට, ටෙලිග්‍රෑම් නාලිකා හිමිකරුවන්ට තම ග්‍රාහකයින් අතර අහඹු ලෙස ත්‍යාග බෙදා දීමේ Giveaways පැවැත්විය හැකිය. මෙය ඔබේ නාලිකාව promote කිරීමට, නව ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට හෝ වත්මන් ග්‍රාහකයින්ට rewards ලබා දීමට හොඳ ක්‍රමයකි.

මෙයට ස්තූතිවන්නට, මිලියන ගණනක් පරිශීලකයින්ට නොමිලේ ටෙලිග්‍රෑම් Premium දායකත්වයක් සහ වෙනත් ත්‍යාග දිනා ගැනීමට හැකි වන අතර ජයග්‍රාහකයින් සාධාරණ ලෙස තෝරා ගත් බවට ටෙලිග්‍රෑම් විසින් සහතික කරයි.

⚠️ නව විශේෂාංග සේවා server පැත්තෙන් enable කර ඇත. කෙසේ වෙතත් ඔබගේ යෙදුම නවතම version එකට යාවත්කාලීන කරන ලෙස අපි නිර්දේශ කරමු.

නොමිලේ ටෙලිග්‍රෑම් Premium දායකත්වය
• නාලිකා හිමිකරුවන්ට දිනුම් ඇදීමක් සාදා ක්ලික් කිරීම් කිහිපයකින් ඒ සඳහා කොන්දේසි සැකසිය හැක.
• නාලිකා හිමිකරු විසින් නියම කරන ලද දිනයේදී, Telegram විසින් නිශ්චිත නිර්ණායක සපුරාලන පරිශීලකයින් අතරින් අහඹු ලෙස ජයග්‍රාහකයින් තෝරා ගනු ඇත.
• ජයග්‍රාහකයින්ට Gift Codes ලැබේ, එය giveaway එකේදී ජයග්‍රහණය තහවුරු කිරීමක් ලෙස ක්‍රියා කළ හැක.
• සෑම gift code එකකම Free ටෙලිග්‍රෑම් Premium දායකත්වයක් සක්‍රිය කරයි. නමුත් සංවිධායකයින්ට දායකත්වයට ඔවුන්ගේම ත්‍යාග එක් කළ හැකිය.
• ජයග්‍රහණය කරන ලද සෑම premium දායකත්වයක් සඳහාම, නාලිකාවට ස්වයංක්‍රීයව Boost කිරීම් 4ක් ලැබේ.
• මෙම Boost වෙනත් නාලිකාවකට මාරු කළ නොහැක - බෙදා හරින ලද free ටෙලිග්‍රාම් premium දායකත්ව කාලය සඳහා ඒවා සංවිධායක නාලිකාව සමඟ පවතිනු ඇත.

නාලිකාවක දීමනාවක් නිර්මාණය කිරීම
• ජයග්‍රාහකයින් සංඛ්‍යාව සහ දිනුම් ඇදීමේ කාලසීමාවට අමතරව, සංවිධායකයින්ට අවශ්‍ය නම්, සහභාගිවන්නන් සංඛ්‍යාව නව නාලිකා ග්‍රාහකයින්ට හෝ ඇතැම් රටවල පදිංචිකරුවන්ට පමණක් සීමා කළ හැකිය.
• අතිරේකව, giveaway එකට සහභාගී වීමට පරිශීලකයින් දායක විය යුතු අමතර නාලිකා ඔබට නියම කළ හැක.
• ඕනෑම තරාතිරමක නාලිකාවලට giveaway එකක් සංවිධානය කළ හැක — මෙය කිරීමට, Channel Profile > ⋮ හෝ ⋯ > Statistics > Boosts වෙත යන්න.

Telegram Premium දීමනාවක් සඳහා ගෙවන්නේ කෙසේද?
• දීමනාව ආරම්භ වීමට පෙර, සංවිධායක විසින් තෝරාගත් premium දායකත්ව ගණන සඳහා ගෙවිය යුතුය.
• ඔබට ඕනෑම Telegram යෙදුමකින් ගෙවීමක් කළ හැක — නමුත් @PremiumBot bot හෝ Fragment platform එක භාවිතා කිරීම වඩාත් සුදුසුය.
• Google Play සහ App Store උපරිම ගෙවීම් මුදල සීමා කරන බැවින්, @PremiumBot හරහා තවත් දායකත්වයන් ලබා ගත හැක.
• Fragment platform එක මත, ඔබට එකවර ග්‍රාහකත්ව දහස් ගණනක් මිලදී ගත හැක (විශාල පරිමාණයේ giveaway එකක් සඳහා).

Premium භාවිතා කරන්නන් සඳහා තවත් boost කිරීම්
• දැන් ග්‍රාහකත්වය සඳහා ගෙවන පරිශීලකයින්ට boost 4ක් ලැබේ.
• මෙම සියලු boost එක නාලිකාවකට ලබා දිය හැක — නැතහොත් කිහිපයක් අතර බෙදා හැරිය හැක.
• ඔබ වෙනත් පරිශීලකයෙකුට Telegram Premium ලබා දෙන්නේ නම්, ඔවුන්ට 1 boost එකක් ලැබෙන අතර ඔබට අමතර ඒවා 3ක් ලැබේ.
• ඔබ giveaway එක ජයග්‍රහණය කිරීම සඳහා ග්‍රාහකත්වයක් ලබා ගන්නේ නම්, සියලුම බූස්ට් 4ම සංවිධායක නාලිකාව සමඟ පවතිනු ඇත.

ලිපිය: telegram.org/blog/giveaways/

Android: APK එක Google Play, නිල වෙබ් අඩවියෙන් හෝ සත්‍යාපිත නාලිකාවෙන්.
iOS: App Store.
Desktop: නිල වෙබ් අඩවියෙන් හෝ GitHub වෙතින්.
macOS: App Store, නිල වෙබ් අඩවියෙන් හෝ සත්‍යාපිත නාලිකාවෙන්.
Windows 10+ සඳහා Unigram: Microsoft Store | සෘජු බාගත | ස්ථාපන උපදෙස්

#update #Android #iOS #Desktop #macOS #Unigram


ගෝලීය සෙවුම් යෙදුමේ නව හැසිරීම පිළිබඳව පවෙල් දුරොව් ගේ අදහස

Pavel Durov විසින්, අපගේ සාමාජිකයන් විසින් නිරීක්ෂණය කරපු, ගෝලීය සෙවුම් යෙදුමේ වෙනස්කම් පිළිබඳව තහවුරු කිරීමක් සිදු කරල තියෙනව.

"මීට කලින් search results වල උඩින්ම පෙන්නුවෙ, වැඩි සාමාජිකයන් ගණනක් සිටින public චැනල්. ඒ සිස්ටම් එක ටික කාලයක් හොඳින් ක්‍රියාත්මක උන නමුත්, spammer ල ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක වැඩි උනා. ඒ නිසයි අපි දැන් channel ranking වලට සැබෑ චැනල් සාමාජිකයන්ව විතරක් සලකන්නෙ.

උදාහරණයකට, වැඩි
premium සාමාජිකයන් ඉන්න චැනල්, මීට පස්සෙ ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම දිස්වෙනව. හැබැයි, නිශ්චිත premium සාමාජිකයෙක්, චැනල් ගොඩකට ජොයින් වෙලා ඉන්නව නං, ඒ කෙනාව සෙවුම් ශ්‍රේණිගත කිරීම් වලට වැඩිය සලකන්නෑ. සහ ඔයාගෙ රට අනුවත් සෙවුම් ප්‍රතිඵල වලට ප්‍රමුඛතාවක් ලැබෙනව.

මේ අලුත් වෙනසට ලැබුණ ප්‍රතිචාර ඉතාමත් ධනාත්මකයි. සාමාජිකයන් අඩු වෙමින් පවතින චැනල්, මීට පස්සෙ අඩුවෙන් search results වලට දෘෂ්‍යමාන වෙනව වගේම, මේ වෙනකොට වැඩි පරිශීලක ආකර්ෂණයක් හිමිවෙමින් තියෙන්නෙ ප්‍රයෝජනවත් ගෲප්ස් සහ mini apps වලටයි.
"

#search


Telegram සහ Crypto wallet හි ඒකාබද්ධ වීම!

ටෙලිග්‍රෑම් අලුත් වර්ශන් එකේ, මීට කලින් @wallet බොට්ව පාවිච්චි කරල තියෙන අයට, ඇප් එකේ ප්‍රධාන මෙනු එකේ වෙනම crypto wallet සෙක්ශන් එකක් දිස්වෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේදී, අනෙක් අයටත් මේ wallet එකට ඉක්මන් ප්‍රවේශයක් ලබාදෙන බවට ටෙලිග්‍රෑම් ආයතනයෙන් පොරොන්දු වෙලා තියෙනව.

TON පදනම, ටෙලිග්‍රෑම් සමග ඔවුන්ගේ හවුල්කාරීත්වය පිළිබඳව TOKEN2049 සම්මන්ත්‍රණයේදි නිවේදනය කලා - එහි ඉදිරිපත් කිරීම් සහ ඡායාරූප

දැන් @wallet බොට් ට, එම සේවාව, ටෙලිග්‍රෑම් මෙනු එකට එකාබද්ධ කරපු නිසා, මිලියන 800ක් වූ (එක්සත් ජනපද පුරවැසියන් හැර) ටෙලිග්‍රෑම් පරිශීලයන් වෙතට සෘජු ප්‍රවේශයක් තියෙනව.

ඊට අමතරව, ටෙලිග්‍රෑම් යෙදුමෙන්, TON ව්‍යාපෘති වලට සහ හවුල්කරුවන්ට, ටෙලිග්‍රෑම් Ads platform එකේ ප්‍රමුඛතා ප්‍රවේශයක් ලබා දීමට නියමිතයි.

වසර 5ක් තුළ, සියලුම සක්‍රීය ටෙලිග්‍රෑම් පරිශීලකයන්ගෙන් 30%කට ළඟා වීමට, TON සැලසුම් කරනවා.

Download: Google Play, App Store.

#TON


අප්ඩේට් උන Web Bots, චැනල් සඳහා Stories සහ චැනල් Boost

Android සඳහා වන ටෙලිග්‍රෑම් බීටා යෙදුමේ අලුත් අප්ඩේට් එකෙන්, ඉදිරියට පැමිණීමට නියමිත අලුත් විශේෂාංග කීපයක් ගැන ඉඟි පළ කරනවා.

චැනල් සඳහා Stories සහ boosts

පේන විදිහට ටෙලිග්‍රෑම් යෙදුමෙන්, චැනල් සඳහා Stories පහසුකමක් සහ Discord යෙදුම සිහි ගන්වන, සඳහා boost පද්ධතියක් එකතු කිරීමට වැඩ කටයුතු කරනවා. චැනල් සාමාජිකයන්ට හැකියාවක් ලැබෙනව Boosts ඔස්සේ, ඔවුන්ගේ කැමතිම චැනල් වලට වොට් ලබා දෙන්න. (මනාපය ප්‍රකාශ කරනව වගේ)

මේ හම්බෙන boosts වලින්, චැනල් වලින් Stories පළ කිරීම වැනි විශේෂ හැකියාවන්, අදාළ චැනල් ඇඩ්මින්ලට ලැබෙන්න ඉඩකඩක් තියෙනව. නමුත් මේ boost පද්ධතිය මත පදනම් උන නිශ්චිත විශේෂාංග සහ ත්‍යාග ගැන තාමත් හරිහැටි සඳහනක් නෑ. චැනල් වලට හම්බෙන boost සංඛ්‍යාව මත, විවිධ විශේෂාංග සඳහා ක්‍රියාකාරී සීමාවන් සහ පළ කළ හැකි ස්ටෝරිස් සංඛ්‍යාව තීරණ වෙන්න පුලුවන්.

දැනට පේන විදිහට නම්, ප්‍රිමියම් සාමාජිකයන්ට විතරක් මේ විදිහට boosts ලබාදෙන්න හැකියාවක් තියෙනව සහ එයාලට, නොමිලේ එක boost එකක්, ප්‍රිමියම් පැකේජ් එකත් එක්කම හම්බෙනව. ටෙලිග්‍රෑම් යෙදුමෙන් ඉලක්ක කරන්නෙ, මේ විශේෂාංගය චැනල් ඇඩ්මින්ලට හඳුන්වාදීම තුළින්, එයාලගෙ චැනල් එකේ සාමාජිකයන් ලව්වා අදාළ චැනල් එකට boost ලබාගැනීම දිරි ගන්වන එකයි. චැනල් වලට Boost යැවීම පහසු කරන්න, ඒ අදාළ මෙනු එකට වෙනම deep link එකක් සපයනවා. ටෙලිග්‍රෑම් සාමාජිකයන්ට පුලුවන්, එක දිනකට එක වරක් පමණක් ඔවුන්ගේ boost එක ලැබෙන්න ඕනෙ චැනල් එක වෙනස් කරන්න.

වැඩිදියුණු උන Stories

පරිශීලකයන්ට පුලුවන් වෙනවා, තමන්ගෙ Stories වලට background audio එකක් එකතු කරන්න. ඒ වගේම ඉදිරියට, පෝස්ට් එකකට ස්ටෝරියක් pin  කිරීමත් හඳුන්වා දෙනවා.

වැඩිදියුණු උන login confirmation පද්ධතිය

දැන්, login notifications ටෙලිග්‍රෑම් එකවුන්ට් එක හරහා ලැබෙනව වෙනුවට, ඒව චැට් ලිස්ට් එකේ උඩින්ම දිස්වෙනවා.

Statics (සංඛ්‍යා ලේඛන)

චැනල් Statics වලට දැන්, ටෙලිග්‍රෑම් ප්‍රිමියම් සාමාජිකයන් ගැන දත්තත් ඇතුළත් වෙනවා.

"View Once" ආකාරයේ පොටෝ සහ වීඩියෝ

Media files, එක වරකට වඩා නැරඹීම වැළැක්වීමට, අලුත් self distruct පහසුකමක් එකතු කිරීමට නියමිතයි.

Web Bot වේදිකාවටත් Update එකක්

මීළඟ අප්ඩේට් එකේදි, ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ side menu එකට, web bots ල launch කිරීමට, short cuts ඇඩ් කිරීමට අවසර දෙන්න නියමිතයි.

මේ පහසුකම ලැබෙන්නෙ, තෝරාගත්ත Partner bot ලට විතරක් වෙන්න ඉඩ තියෙනව. සහ මේ shortcut පහසුකම විශේෂයෙන්ම සකසල තියෙන්නෙ @Wallet බොට් සඳහා වෙන්න පුලුවන්. නමුත් ඉදිරියේදී වෙනත් Partner bot ල සඳහාත් ඒ පහසුකම හිමි වෙන්න පුලුවන්.

Web Bot platform එක, 'Mini Apps' ලෙස නාමය වෙනස් කරල තියෙනව සහ ඒක පාවිච්චි කරන්න නම්, පරිශීලකයන්ට ප්‍රධාන යෙදුමෙන් වෙනස් උන terms of service (සේවා කොන්දේසි) පිළිගැනීම අත්‍යාවශ්‍ය වෙනව.

මීට කලින් web bot ලට, එයාලගෙ දත්ත telegram server වලම ගබඩා කිරීමේ හැකියාවක් තිබුනා. සහ, ඒ දත්ත පරිශීලකයන්ගේ උපාංග සමග sync වෙලා තිබුනා. @tginfo අපි අනුමාන කරනවා, මෑතකදි ප්‍රකාශයට පත් කරපු non-custodial (භාරකාර නොවන) TON wallet සඳහා මේ විශේෂාංගය දියුණු කරන්න පුලුවන් කියල. ඒ වගේම ඉදිරියට, telegram server වල දත්ත ගබඩා කරන්න ඉඩකඩ හම්බවෙන්නෙ, තෝරාගත් partner bots ලට විතරක් වෙන්න පුලුවන් බවත් යෝජනා වෙලා තියෙනව.

මේ හැම දෙයක්ම, ඇන්ඩ්‍රොයිඩ් යෙදුමේ බීටා අනුවාදයෙන් ලද උපකල්පන මත පදනම් වෙලා සටහන් කරපු ඒව නිසා, ඒ ඒ විශේෂාංගය නිකුත් කරන කාලය වෙනකොට ඉහත සඳහන් කළ තොරතුරු වල යම් යම් වෙනස්කම් සිදුවෙන්න පුලුවන්.

#stories #boosts


ටෙලිග්‍රෑම් චැනල් වලටත් Stories විශේෂාංගය ලබා දීමේ සූදානමක්...

@tgcrawl හි දත්ත වලට අනුව, ඇන්ඩ්‍රොයිඩ් යෙදුම සඳහා වන ටෙලිග්‍රෑම් හි, වෙනස්කමක් සිදු කරල තියෙනවා. ඒ වෙනස්කමින් පෙනී යන්නේ, ටෙලිග්‍රෑම් චැනල් සඳහාත් Stories විශේෂාංගය ලැබීමට නියමිත බවයි.

ඒ සිදු කරල තියෙන වෙනස්කම් වලට අනුව, අපිට අනුමාන කරන්න පුලුවන්, ටෙලිග්‍රෑම් තුලත්, Discord ඇප් එකේ වගේ boosting system එකක් නිර්මාණය කරන්න යන බව. උදාහරණයකට, චැනල් එකක් විදිහට පළ කරන්න පුලුවන් Stories ප්‍රමාණය, අදාළ චැනල් එකේ subscriber ලගෙන් ලැබෙන boost ප්‍රමාණය අනුව තීරණය වෙන්න පුලුවන්.

ඒ වගේම දැනට පෙනී යන විදිහට නම්, චැනල් වලට boost ලබාදෙන්න හැකියාවක් තියෙන්නෙ, ටෙලිග්‍රෑම් ප්‍රිමියම් තියෙන අයට විතරයි.

#stories


Telegram Ads වේදිකාවේ නව විශේෂාංගයන්

පහුගිය සති කීපය තුළ, ටෙලිග්‍රෑම් දැන්වීම් වේදිකාව (නිල වෙළඳ දැන්වීම් වේදිකාව) සැලකිය යුතු වෙනස්කම් කීපයකටම භාජනය වෙලා තියෙනව. දැන් අපි බලමු මේ වෙනස්කම් වලින්, දැන්වීම්කරුවන්ට ලැබුන නව හැකියාවන් ගැන.

• සීමා කිරීම් නැති දිගු බාහිර සබැඳි (external links):
මේ අලුත් විශේෂාංගය තුළින්, දැන්වීම්කරුවන්ට (advertiser) හැකියාවක් ලැබෙනව, ඔවුන්ගේ දැන්වීමේ අදාළ url එකට, විශේෂ UTM ටැග්ස් එකතු කරන්න. මේ මගින් ඔවුන්ට පුලුවන් වෙනව, අදාළ traffic source එක පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ලබාදෙන්න. (UTM - Urchin Tracking Module)

• ක්ෂණික ආහාර ප්‍රචාරණයට අවසර ලබා දී ඇත:
මීට කලින් ටෙලිග්‍රෑම් දැන්වීම් වේදිකාව තුළ, ක්ෂණික ආහාර නිෂ්පාදන සම්බන්ධ දැන්වීම් වලට පනවා තිබුණ වාරණය, සම්පූර්ණයෙන්ම ඉවත් කරල තියෙනව.

• දැන්වීම් ප්‍රතික්ෂේප කිරීමට හේතු පිළිබඳව තොරතුරු:
ටෙලිග්‍රෑම් දැන්වීම් වේදිකාවෙන් දැන් දැන්වීම් කරුවන්ට, ඔවුන්ගේ දැන්වීම සපුරාලන්නෙ නැති, "Destination quality", “Destination functionality”, “Irrelevant destinations” හෝ “Manipulation of content.” වැනි නිශ්චිත අවශ්‍යතා සමූහය දැනුම් දෙනවා.

• පළ කරපු දැන්වීම්වල CTR, CPM, CPC, CPS සඳහා ප්‍රමිතික බැලීම:
මේ නව විශේෂාංගය නිසා, දැන්වීම්කරුවන්ට පුලුවන් ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර වල සඵලතාව තහවුරු කරන්න පුලුවන්.

• ඇඩ් text එකට, custom emojis ඇතුල් කිරීමේ පහසුකම:
සාම්ප්‍රදායික නොවන, custom emojis භාවිතයෙන්, අනාගත ගණුදෙනුකරුවන්ගේ සහ ග්‍රාහකයන්ගේ අවධානය දිනා ගැනීමට මේ නිසා හැකියාවක් ලැබෙනව.

#AboutAds


Telegram Stories දැන් උස්බෙකිස්තානයටත්!

මීට කලින් දාපු පොස්ට් එකෙන් අපි කිව්වා උස්බෙකිස්තානය ඇතුළු රටවල් කිහිපයකට Stories පහසුකම හිමි නොවීම පිළිබඳ විස්තරයක්. කොහොම උනත් දැන් උස්බෙකිස්තාන පරිශීලකයන් වාර්තා කරන්නේ, උස්බෙකිස්තාන දුරකථන අංක සහිත ටෙලිග්‍රෑම් ගිණුම් වලටත්, premium නොමැතිව Stories පළ කිරීමේ හැකියාව ලැබිල තිබෙන බවයි.

මේ විශේෂාංගය අනෙකුත් රටවලටත් ව්‍යාප්ත කිරීම සම්බන්ධව අපි සොයමින් ඉන්න නමුත්, එම රටවල් වලට මේ විශේෂාංගය හිමිවීම සම්බන්ධ තොරතුරු ඉදිරියට පැමිණීමට නියමිතයි.

#Uzbekistan #Stories


Telegram Premium නැතුව Stories පළ කිරීම, කලාප අනුව තීරණය වෙනවද?

Telegram හි 10.0.0 අනුවාදයෙන්, premium නොවන පරිශිලකයන්ටත් Stories පළ කිරීමෙ හැකියාව ලබා දුන්නා. කොහොම උනත් තවත් බොහෝ පරිශිලකයන් ප්‍රමාණයකට ඒ පහසුකම හිමි උනේ නෑ.

@tginfo අපි විශ්වාස කරන්නෙ, premium ලබා නොගෙන ඇති පරිශීලකයන්ට, ඔවුන් ඔවුන්ගේ අදාළ ටෙලිග්‍රෑම් ගිණුම නිර්මාණය කරපු, දුරකථන අංකය අයත් රට අනුව, Stories පළ කිරීමේ හැකියාව රඳා පවතින බවයි.

උදාහරණයකට, රුසියාව, යුක්‍රේනය, උස්බෙකිස්තානය, ඉන්දියාව සහ ඉරානය කියන රටවල් වල පරිශීලකයන්ට premium නොමැතිව Stories පළ කිරීමෙ හැකියාවක් නෑ. නමුත් බෙලරුස් සහ කසකස්තාන පරිශීලකයන්ට ඒ හැකියාව තියෙනව.

වෙනත් රටවල කතෲ කණ්ඩායම් වලින් දන්වන නිරීක්ෂණයන් සහ ප්‍රකාශන පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් පහත ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.

http://tginfo.me/stories-by-countries-en

#Stories


Telegram විසින් පළකරන Stories

මේ වෙනකොට Telegram වලින්ම පළකරන Stories දැකපු, ටෙලිග්‍රෑම් පරිශීලකයන්ගෙ සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනව. මේ Stories වලින්, telegramහි අලුත් අප්ඩේට් එකෙන් හඳුන්වල දීපු Stories වල තියෙන විශේෂාංග වල, දෘෂ්‍යමය රූපරාමු පෙන්වනවා.

මීට කලින් අපි සඳහන් කලා, telegram වෙතින්, යෙදුමේ අලුත් අප්ඩේට් ගැන තොරතුරු මේ විදිහට බෙදාහරින්න පටන් ගනිනව කියල. (telegram නිල එකවුන්ට් එකෙන් එවන, අලුත් අප්ඩේට් සම්බන්ධ දිගු text මැසේජ් වලට අමතරව)

Telegram වෙතින්ම පළ කරන මේ Stories, වෙන කෙනෙක්ගෙ Stories hide කරනව වගේ hide කරන්න පුලුවන් කමක් නෑ. ඒ සම්මත ක්‍රමය, telegram විසින්ම පළ කරන මේ Stories වලට වලංගු වෙන්නෑ.

#Stories


Telegram Desktop යෙදුම එහි 4.9.2 අනුවාදයට යාවත්කාලීන කර ඇත.

නව අංග:

- අවසානයට භාවිත කළ තනි emoji ය ඉවත් කිරීම හෝ context menu එකෙන් එම ලිස්ට් එක reset කිරීම.

- Emoji & People ගොණුවේ තිබුණු සියලුම emoji වල පැහැය (skin colours) වෙනස් කර ඇත.

- Settings > Advance හි Connected Websites සෙක්ශන් එක.

- දෝෂ නිරාකරණයන් සහ අනෙකුත් වැඩිදියුණු කිරීම්.

නිල වෙබ් අඩවියෙන් හෝ GitHub යෙදුමෙන් download කරගන්න.

#update #desktop

20 last posts shown.