අධ්‍යාපනය කියන්නෙ ලෝකෙ බලවත්ම අවියද?📚
මේ පාර ආපු O/L ප්‍රතිඵලවලින් මුල් දහ දෙනා අතර ඉන්නෙ එක පිරිමි ළමයයි. වෙන අවුරුදුවල දෙන්නෙක් හරි උඩින් ඉන්නවා.😑 මං හොයපු විදියට සහ මං දැනගත්ත විදිහට පිරිමි ළමයි අධ්‍යාපනයෙන් දුරස් වෙන්න මේ සමාජ මාධ්‍යයේ දකින දේවල් බලපානවා. දුරස් වෙනවා කියල මං කිව්වේ මුල් දහ දෙනා අතර එක පිරිමි ළමයෙක් ඉන්න නිසා නෙවේ.
ඔක්කෝටම කලිං අධ්‍යාපනය කියන එක තේරුම් ගත්තනම් හොදයි. මේක හරියටම නිර්වචනය කරන්න අමාරුයි. කුසලතා, දක්ෂතා, පෞරුෂත්ව වර්ධනය කරන එක තමා අධ්‍යාපනයෙන් වෙන්නෙ. රටක පවතින අධ්‍යාපන පද්ධතිය සාර්ථක වෙන්න නම් ඒ පද්ධතිය තුළින් මේ දක්වපුව ළමයින්ගෙ වර්ධනය වෙන්න ඕන. අධ්‍යාපනය විධිමත්ව සහ විධිමත් නොවන ඒවගේම අවිධිමත් කියන තුන්විදියකට බෙදෙනවා. පාසලකින් හම්බෙන්නෙ විදිමත් අධ්‍යාපනයක්. සමාජයෙන් හම්බෙන අත්දැකීම් අවිධිමත් අධ්‍යාපනය යටතට වැටෙන්නෙ. පාසලෙන් ළමයව සමාජයට අනුගත කරන්න ඕන. ලංකාවෙ අධ්‍යාපනයෙන් මේක වෙන් නැති බව ඇත්ත. පෞරුෂ සංවර්ධනය අධ්‍යාපනයෙ කොටසක්...🔥
පාසල් අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ගොඩක් කට්ටිය කියන විදියට කම්කරුවො සහ සේවකයෝ හදන එකලු. මව් භාෂාව වර්ධනය කිරීම, පෞරුෂ වර්ධනය ඉදං ළමයා කැමති path එකක් හොයල දෙනකං පාසල් අධ්‍යාපන විහිදෙනවා. රට රටවල අධ්‍යාපන පද්ධතියේ සාර්ථකත්වය මත මේව රදා පවතිනවා.🏫
සිසුන් කැමති දේ සොයා දෙන්න සහ සෑම රැකියාවකම වැදගත්කම පාසලෙන් ඉගැන්විය යුතුමයි. ඉතිහාසය ඉගැන්වීම වැදගත් නෑ කියල හිතුවත් ඒකට කැමති ළමයෙක් ඒ side එකෙන් ඉදිරියට ගිහින් තමන්ගෙ රටේම පුරාවිද්‍යා කෙනෙක් වෙලා ඓයිතිහාසික දෙයක් හොයා ගත්තොත් ඒක බලන්න වෙනත් රටවලින් පිරිස් එන එකෙන් රටේ ආර්ථිකය වර්ධනයට දායක වෙනවද? නැත්ද? සරලම උදාහරණෙ සෙනරත් පරණවිතාන මහතා.🪨
පාසල් අධ්‍යාපනයෙන් යම් කොටසකට ඉදිරියට යන්න බැරි වෙනව. එතකොට ඇතැම් විට තමන් අකමැති යම් රැකියාවක් එයාලට කරන්න වෙනවා. පාසලෙන් සෑම රැකියාවකම තියෙන වගකීම සහ අත්‍යවශ්‍යයතාවය උගන්නල තියෙනව නම් සෑම රැකියාවක්ම වැදගත් කියල ළමයි අවබෝධ කරගන්නවා. එහෙමනම් රැකියාවල උස් පහත් භාවය මනින්න යන්නෙ නෑ. ඒක තවත් පාසලෙන් උගන්නන නමුත් ලංකාවේ පාසල් අධ්‍යාපනයෙ උගන්නනෙ නැති කාරණයක්.👨🏫
විධිමත් නොවන අධ්‍යාපනය යටතට තමා ඔය tution,course කරන තැන් අයත් වෙන්නෙ. පාසල් අධ්‍යාපනයෙන් යම් කොටසක් අතහැරෙනවා කිව්වනෙ. ඒකට ඒ ඒ රටවල රජයෙන් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරල තියෙනව. වෘතීය පුහුණු කඳවුරු වගේ වැඩ සටහන්.💊
වෛද්‍ය, ඉන්ජිනේරු, නීතිපති කියන රැකියා වලින් එහාට තව රැකියා තියෙනවා. උදාහරණයකින් කිව්වොත් Software Engineer කෙනෙක් කරන්නෙ හොයාගෙන තියෙන දේකින් තව දෙයක් නිර්මාණය කරන එක. හැබැයි Computer Scientist කෙනෙක් කරන්නෙ ඒ filed එක ඉදිරියට දියුණු කරන එක. එතකොට කවුරු හරි කිව්වොත් පාසල් අධ්‍යාපනය කරන්නෙ සේවකයෝ නිර්මාණය විතරයි කියල ඒක වැරදී කියල මට හිතෙනවා මෙතනදි.👻
පාසල් අධ්‍යාපනය තුළින් ළමයෙක් කැමති දේ හොයා ගන්න උදව් වෙනවා. ඒ වගේම රටේ අධ්‍යාපනය තුළ ඒ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙලා තියෙන්න ඕන. මේ විදිමත් අධ්‍යාපනයේදී තමන් දක්ෂ දේ නැත්නම් විදිමත් නොවූ අධ්‍යාපන ක්‍රමයක් හරහා ඒක ගන්න වෙනවා.😊
ගොඩක් අය හිතනවා පාසල් අධ්‍යාපනයේ මූලිකම පරමාර්ථය සල්ලි උපයන එක කියල.නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මූල්‍ය අධ්‍යාපනය මගින් ඒක ගැන උගන්වනවා. අපේ රටේ ඒක ගැන උගන්නනෙ නෑ. අධ්‍යාපනය කියන්නෙ පාසල විතරක් නෙවේ. ඒක හැම ක්ෂේත්‍රයක පුළුල්ව පැතිරිලා තියෙන දෙයක්.💵
ලෝකෙ මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තහම අධ්‍යාපනය තමා ලොකුම අවිය. ලෝකෙ බලවතෙක් වෙන්නත් පෝසතෙක් වෙන්නත් මොනයම් හෝ අධ්‍යාපනයක් ඕන.
ලංකාවේ සමාජ මාධ්‍යවල (special:- Tiktok, Facebook) සල්ලි බලවත් කියල පෙන්නන්න හදනවා. ඔව් ඒක එක අතකට පශ්චාත් නූතනවාදී සමාජයක ඇත්ත. නමුත් සල්ලි මත පදනම්ව හැම කෙනාම වැඩ කලොත් ලෝකෙ කිසිම රටකට සංවර්ධන, තාක්ෂණය, කර්මාන්ත යන පැතිවලින් ඉදිරි ගමනක් නෑ. මේ ක්ෂේත්‍රව දිනෙන් දින ඉදිරියට යන්න පුහුණු සහ උනන්දු පිරිස් ඕන. ඒකට අධ්‍යාපනය සහ පිරිවැයක් යන දෙකම අවශ්‍යයි.📱
මිනිස්සුන්ට ඕන නිකං ඉදල සල්ලි හොයන්නනෙ. ඒත් ලෝකෙ නියාමනය වෙන්න අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපනය කියන එක ඕන.🥳 ලංකාවෙ සමාජ මාධ්‍ය Trading, Youtube, Droppshiping වගේ ඒව ලේසි කියල පෙන්නල තරුණ අයව නම්ම ගන්නවනෙ. ඒ වගේම සල්ලි බලවත් කියල පෙන්නනව දැකල ඇතිනෙ. පාසල් යන අය ගොඩක් අය ඕවට අහු වෙනවා. එතකොට පාසල් අධ්‍යාපනය මගෑරෙනවා. තමන් දක්ෂ තමන් කැමති path එකක් තෝර ගන්නවත් උනන්දු වෙන්නෙ නෑ එතකොට.👍
හැම ක්ෂේත්‍රයක්ම වැදගත්. ඉක්මනින් නිකම්ම සල්ලිකාරයෙක් වෙන එක විතරක් හීනයක් කරගන්න එපා. ඒකටත් අධ්‍යාපනයක් ඕන. තමන් කැමති තමන් දක්ෂ දේ අනිවාර්යයෙන්ම හොයාගන්න, ඒක කරන්න.😃
අධ්‍යාපනය තමා ලෝකෙ බලවත්ම අවිය.ඒක අමතක කරන්න එපා.
මම හොයා ගත්ත දේවල් මේකෙ දාල තියෙන්නෙ. අවසාන පේළි කිහිපයේ විතරයි මගෙ අදහස ඉදිරිපත් කරල තියෙන්නෙ...❤️
✍
Nightfall𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬