පුදුම ලෝකය 🇱🇰


Гео и язык канала: Индия, Сингальский
Категория: Познавательное


ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න
විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා
SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍
#educationbeyondboundry
✅Amazing Facts
✅Latest Updates
Buy ads - https://telega.io/c/PudumaLokayaSL
Contact Us - @Infofinder

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Сингальский
Статистика
Фильтр публикаций


Репост из: පුදුම ලෝකය 🇱🇰
අපි දැන් බලමු ඔයාට කවදහරි ලැබෙන දරුවා පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද කියලා.

ඒක කොහොමද කියන්නේ.

මේ පර්‍යේෂනය කරලා තියෙන්නේ එංගලන්තයේ නිව් කාසල් විශ්වවිද්‍යාලයෙන්.

මේකට අනුව යම් පිරිමි පුද්ගලයෙකුට ලැබෙන ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් ගණන ඔහුගේ සහෝදර සහෝදරියන් ගණන මත රඳා පවතිනවා.උදාහරණයක් විදියට ඔයා පිරිමි කෙනෙක්නම් ඔයාට වැඩිපුරම ඉන්නේ සහෝදරියන් නම් ඔයාට වැඩිපුර ගැහැණු දරුවන් ලැබීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.

මේකට හේතුව තමයි ආවේණිය.යම් පුද්ගලයෙක් පැවත එන්නේ වැඩිපුර ගැහැණු දරුවන් ඉන්න පවුලකින් නම් ඔහුට ගැහැණු දරුවන් ලැබෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා.

ඉතින් ඔයාට කවුද ලැබෙන්නේ? කියන් යන් බලන්න☺️.තනිකඩ කෙල්ලෝ ටිකටනම් ඉතින් පතාගෙන ආපු කෙනා එනකන් ඉන්න වෙයි😜.ඔය කොල්ලෝ ඉන්න කෙල්ලො ටික පොඩ්ඩක් හොයලා බලන්න කොල්ලා ගැන.😂

@PudumaLokayaSL


Репост из: ANDROMIDA_EDU_ADS
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,

🔬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,

📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින්

🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽

   
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
   
📆Daily Questionnaire and Discussion
Program හා සම්බන්ධ වීමට
   
📈Motivation post කියවන්න
   
📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට

🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄


ඔබ දන්නවාද?

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ මොළය වෙනස් ආකාර දෙකකට නිර්මාණය වී ඇත.මෙම වෙනස කාන්තාවන් හා පිරිමින් එකම අවස්ථාවකදී ආකාර දෙකකට කටයුතු කිරීමට හේතුවන බව අධ්‍යයන වලින් සොයාගෙන ඇත.

පිරිමින්ගේ මොළයේ සැකැස්ම අනුව පිරිමින් දිශා හඳුනාගැනීමට සහ යම්කිසි දෙයක් එකවර අවබෝධ කරගැනීමට වැඩි දක්ෂතාවක් දක්වයි.කෙසේ නමුත් කාන්තාවන්ගේ මොළයේ සැකැස්ම අනුව විවිධ කාර්යන් කිහිපයක් එකවර කිරීමට,බොහෝ දුර දිග සිතා කටයුතු කිරීමට මෙන්ම හැඟීම් ප්‍රකාශ කිරීමේදීද පිරිමින්ට වඩා හොඳ දක්ෂතාවක් දක්වයි.

මීට අමතරව පිරිමින් තමන්ට කරදරයකදී එයින් පලායෑමට හෝ එය සමඟ සටන් කිරීමට පෙලඹෙන නමුත් කාන්තාවන් මිත්‍රශීලීව හා එයට අනුගත වෙමින් ප්‍රශ්න වලින් මිදීමට සිතයි.

📔 Also Read:
🌟පිරිමින්ට වඩා ගැහැනුන්ට වැඩි පාට ගානක්... See More
🌟හොඳටම පේන්නේ ගෑණු අය...See More

📑 @PudumaLokayaSL


Репост из: Post
නිවැරදි තොල් සිපගැනීමකදී ඇස් පියවෙන්නේ ඇයි කියලා දැනන් හිටියද...? 👀

Read Here ✈️


Репост из: පුදුම ලෝකය 🇱🇰
ඔන්න රෑ යාමේ අරගෙන ආවා පොඩි හොල්මන් සිද්ධියක්.🧞‍♂️🧞‍♂️
හොල්මන් ගැන හිතන,හිතල බය වෙන කට්ටිය කියවන්න යන්න එපා.🧟‍♂️🧟‍♂️

මිනිස්සු විශ්වාස කරන දෙයක් තමයි අවතාර බොහෝ විට සුසාන භූමි ආශ්‍රිතව ගැවසෙනවා කියලා.ඒත් ඒ මතය වරදවා වටහාගැනීමක්.අවතාර බොහෝවිට මිනිසුන් ඇසුරෙහි ගැවසීමට වැඩි කැමැත්තක් දක්වනවා.

සරලවම කිව්වොත් ඔබේ නිවසේ අවතාරයක් සැරිසැරීමට ඇති ඉඩ සුසාන භූමියක අවතාරයක් සැරිසැරීමට ඇති ඉඩට වඩා බෙහෙවින් වැඩියි.සමහර විට දැන් ඔයා මේ post එක කියවනකොටත් ඔයාගෙ ළඟ අවතාරයක් ඉන්න පුලුවන්.🥺😦

ඔන්න දැන් ඕක කියවල බය වෙන්න එපා හොදේ.හීනෙන් බය වුනා කියලා අපිට බනින්නත් එපා.අපි දන්නෙ නෑ.😇

@PudumaLokayaSL


Репост из: පුදුම ලෝකය 🇱🇰
ඔබ දන්නවාද?

සත්ත්ව විශේෂඥයින් සිදු කරන ලද සමීක්ෂනවලින් හෙළි වී ඇත්තේ බලු සුරතලුන් තමාගේ අයිතිකරුගේ අවධානය තමන් වෙතට ගැනීමට අසනීපයක් ඇති ලෙස බොරුවට රඟපාන බවයි.

අපේ ගෙදර එකානම් අවධානේ ගන්න මාර වැඩ කරන්නේ.🥲ඔයාගේ බල්ලත් එහෙමද?


@PudumaLokayaSL


Репост из: පුදුම ලෝකය 🇱🇰
ඔයාටත් සමහර වෙලාවට මුත්‍රා කරනකොට එක සැරේට ඇඟ වෙව්ලලා යනවා දැනිලා තියෙනවද?

ඔයා පිරිමි කෙනෙක් නම් අනිවාරෙන්ම මේක වෙලා ඇති.

හැබැයි මේක කාන්තාවන්ට වැඩිය වෙන්නේ නෑ.කාන්තාවන් මුත්‍රා කරන ඉරියව්ව නිසා තමයි කාන්තාවන්ට මේක වැඩිය දැනෙන්නේ නැත්තේ.

මේ විදියට ඇඟ වෙව්ලලා යන එකට හරියටම හේතුවක් හොයාගෙන නෑ.ඒ නිසා විද්‍යාඥයෝ එක එක මත මේ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

වෙව්ලීම කියන්නේ ඇඟේ මාංශපේශී එකවර සංකෝචනය හා ඉහිල් වෙන එකට.මේකෙන් තාපය නිපදවීමක් සිදුවෙනවා.ඔයා මුත්‍රා කරද්දි එක පාරම ඇඟේ උෂ්ණත්වය පහළ බැසීමක් සිදු වෙනවා.මෙන්න මෙතනදි ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ගෙන එන්න තාපය නිපදවමින් වෙව්ලීමක් ඇඟේ සිදුවෙනවා.

මේක තමයි දැනට මේ වෙවිලීමට හේතුව විදියට පිළිගන්න ප්‍රධානම හේතුව.ඒත් තව ගොඩක් හේතු ඉදිරිපත් වෙලා තියෙනවා.මුත්‍රා කරද්දි රුධිර පීඩනය එකවර අඩු වෙන නිසාත් මේක වෙනවා කියලා මතයක් තියෙනවා.

ඔයාටත් වෙලා තියෙනවද?😁☺️

@PudumaLokayaSL


දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම,තුන් බෑ ජටිලයන් දමනය කිරීම ,බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදුවීම වැනි බොහෝ වැදගත් සිදුවීම් රැසක් සිදුව තිබෙන්නේද දුරුතු පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

📑 @PudumaLokayaSL


ඔබ දන්නවාද?

ඇමරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද අධ්‍යයනකදී හෙළි වී ඇත්තේ පූසන් ඇතිකරන පුද්ගලයින්ට අනෙකුත් පුද්ගලයින්ට වඩා හෘදයාබාධ සෑදීමේ සම්භාවිතාව 30%කින් අඩු බවයි.

පුද්ගලයින් 4500 ක් යොදාගෙන සිදු කරන ලද මෙම අධ්‍යයනය සිදු කරන ලද විශේෂඥයින් පවසන්නේ බළලුන් ඇති කිරීම මානසික ආතතිය,අධි රුධිර පීඩනය ආදිය අඩු කිරීමට දායක වීම මීට හේතුව බවයි.

📑 @PudumaLokayaSL


Репост из: පුදුම ලෝකය 🇱🇰
2015 වසරේදී ජර්මානු උසාවියකින් එක්තරා පුද්ගලයෙක්ට තමන්ට අයිති දේපලවලින් හරි අඩක් දික්කසාද වු බිරිඳට දීමට නියෝග කර ඇත.
මෙම තීන්දුවෙන් කෝපයට පත් එම පුද්ගලයා තමා සතුව ඇති ටී.වී එක,අයිෆෝන් එක,ලැප්ටොප් එක,සෝෆා එක,මෝටර් රථය,ඇඳ,පාපැදිය හා නිවසේ සිටි ටෙඩියෙක්ද හරියටම දෙකට කපා භාගයක් එම කාන්තාවට ලබා දී තිබිණි.

@PudumaLokayaSL


සියදිවි නසාගන්න අපේ රටේ තහනම් වුණාට සමහර රටවල සියදිවි නසාගන්න උපකරණත් නීතිගත කරලා තියෙන්නේ...

"මොන පිස්සුවක්ද?"

ඔයාටත් එහෙම හිතුනද?

මේ සිද්ධිය වාර්තා වෙන්නේ ස්විට්සර්ලන්තයෙන්.
ස්විට්සර්ලන්තයේ සියදිවි නසාගන්නම නිපදවපු යන්ත්‍රයක් තියෙනවා.මේ උපකරණය හඳුන්වන්නේ Sarco Capsule කියලා.මේ උපකරණය ඒ රටේ පාවිච්චි කරන්නත් පුළුවන් විදියට නීතිගත කරලා තියෙනවා.

මනුස්සයෙක්ට වේදනාවක් නැතිවම මැරෙන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ.

මේක කොහොමද මනුස්සයෙක් මරන්නේ?

මේකෙදි මැරෙන්න ඕන කෙනා මේකට ඇතුල් උනාම ඔහුව කෝමා තත්වයකට පත් කරලා ඔක්සිජන් මට්ටම එකවර පහත හෙලනවා.ඊටපස්සේ විනාඩි 5ක් විතර යනකොට ඒ කෙනා මැරෙනවා.

ඔන්න ඔය විදියට තමයි වේදනාවක් නැතුවම සියදිවි නසාගන්න තියෙන්නේ.

මොකක් උනත් වේදනාවක් නැතුවම හෝ ඇතුව සියදිවි නසාගන්නවා කියන්නේ මහ මෝඩකමක් තමයි.

@PudumaLokayaSL


දින 64ක් එකදිගට නිදාගත් තරුණිය😴

නිකොල් ඩෙලියන් නැමැති 17 වන වියේ පසුවන තරුණිය 2012 නොවැම්බර් මාසයේ දිනක සාමාන්‍ය පරිදි නින්දට ගොස් තිබෙනවා.නමුත් පසුදින ඇය සුපුරුදු පරිදි අවදි වී නොමැත.

ඇය නැවත අවදි වී ඇත්තේ දින 64කට පසුවයි.එනම් 2013 වසරේ ජනවාරි මාසයේදීය.

ඇයගේ දෙමාපියන් පවසන්නේ ඇය කුඩා කල සිටම අසාමාන්‍ය නිදාගැනීමේ රටාවක් පෙන්වන බවයි.එහිදී ඇය සමහර දිනවල පැය 18ක් පමණ නිදාගත් බව ඔවුන් පවසා ඇත.

තරුණ වූ විට මෙය වඩාත් උග්‍ර වී ඇති අතර ඇය අවදියෙන් සිටින වෙලාවක් සොයා ගැනීමද ඉතා අපහසු කාර්‍යක් විය.

මෙය "Kleine-Levin" නම් අතිශය දුර්ලභ රෝගයක් වන අතර මෙසේ ඇය දින 64ක් නිදා ගැනීමේදී ඇයගේ කන අසල කොපමණ ඝෝෂා කරද ඇය අවදි වී නැත.

මෙම රෝගයේ තවත් විශේෂයක් වන්නේ මෙම රෝගීන් අවදියෙන් සිටින විට අධිකව ආහාර ගන්නා අතර සමහර විට නින්දෙන් අවදි වන්නේ ආහාර ගැනීමට පමණි.

📑 @PudumaLokayaSL


අවුරුදු පතා මරණ ගොඩගන්න චාරිත්‍රය😱

ඉන්දුනීසියාවේ ටොරාජා නම් ප්‍රදේශයේ වැසියන් තමයි මේ අමුතු චාරිත්‍රය සිදු කරන්නේ.ඔවුන් තමන්ගේ මියගිය ඥාතීන් අවුරුද්දකට සැරයක් භුමදානය කරපු වලෙන් ගොඩ අරන් පිරිසිදු කරලා,නාවලා අලුත් ඇඳුම් අන්දවනවා.ඒ විතරක් නෙවෙයි ඔවුන් ඒ විදියට සූදානම් කරපු දේහය අරන් ගම වටේ පෙරහැරක් වගේ යනවා.

තම මියගිය ඥාතීන්ට ගෞරව කිරීම හා මියගිය පුද්ගලයා හා ඔවුන් අතර තිබුණු බැඳීම ශක්තිමත් කරගැනීම කියන හේතූන් මත තමයි ඔවුන් මේ චාරිත්‍රය ඉටු කරන්නේ.

ඒ වගේම තමයි මේ ටොරාජා වරුන්ගෙන් සමහරක් දෙනා මැරුණු කෙනාට කාමරයක් වෙන් කරලා ගෙදරම තියාගන්නවා.අපි ඒ ගැන කලින් කිව්වා.පලවෙනි comment එකේ ලින්ක් එක දාන්නම්
.

📑 @PudumaLokayaSL


ඔබ දන්නවාද?

අපගේ සිරුර තත්පරයකට නව සෛල මිලියන 25ක් පමණ නිපදවයි.

එනම් ශ්‍රී ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි සෛල ප්‍රමාණයක් ඔබගේ සිරුර තත්පරයකදී නිපදවයි.

📑 @PudumaLokayaSL


Репост из: පුදුම ලෝකය 🇱🇰
ඔබ දන්නවාද?

ඩොල්ෆින් මසුන් සත්ත්ව ලෝකයේ ඉතා බුද්ධිමත් සතුන් කොට්ටාසයක් ලෙස සලකයි.

තම වර්ගයා හා සන්නිවේදනය කිරීම,තම පැටවුන් වැඩි වියට පැමිණෙන තෙක් ආරක්ෂා කිරීම හා මිය යන තෙක්ම සියලුම පවුලේ සාමාජිකයින් පවුලක් ලෙස ජීවත් වීම මෙම සතුන්ගේ බුද්ධිමත්කමේ ලක්ෂන ලෙස දක්වයි.

එමෙන්ම තම පවුලේ සාමාජිකයෙකු මියගියහොත් එහි දුකට ආහාර පවා නොගෙන සිය දිවි හානි කර ගැනීමට තරම් මෙම මසුන් සංවේදී බව සත්ත්වවේදීන් පෙන්වා දෙයි.

පෙනුමෙන් ඉතා සුරතල් ලෙස පෙනුනත් සාගරයේ සිටින ඉතා දක්ෂ දඩයක්කාරයෙකු ලෙස ඩොල්ෆින් නම් දරා සිටියි.

එමෙන්ම ඩොල්ෆින් මසුන් කුඩා මසුන්ගේ හිස කපා ඔවුන්ගේ සිරුර ස්වයං වින්දනය සිදු කිරීමට ද යොදා ගනියි.

@PudumaLokayaSL


ඔබ දන්නවාද?

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පියෙක් තම 8 හැවිරිදි දරුවා පාසලෙන් ප්‍රමාද වී පැමිණියේ යැයි කෝප වී ඔහුගේ ලිංගේන්ද්‍රය කපා වැසිකිළියට දමා තිබෙනවා.
😳

පසුව ජල නළ කාර්මිකයෙකු පැමිණ මහත් පරිශ්‍රමයක් සිදු කර දරුවාගේ ලිංගේන්ද්‍රය සොයාගෙන ඇති අතර රෝහල් ගත වීමෙන් පසුව නැවත එය පැය තුනක පමණ සැත්කමකින් දරුවාට බද්ධ කර ඇත.
🫣

📑 @PudumaLokayaSL


Репост из: පුදුම ලෝකය 🇱🇰
ඔයත් කෑම කාලා ඉවර වුන ගමන්ම දත් මදිනවද?
එහෙනම් මේක ටිකක් කියවල බලන්න.


මේ විදියට කෑම කාලා ඉවර වුන ගමන්ම දත් මදින එක ඔයාගෙ දත්වලට අහිතකර විදියට බලපානවා.

දත්වල තියෙන එනැමලය ගැන ඔයා අහල ඇති.අපි ආහාර ගන්න කොට මේ එනැමලය මෘදු වෙනවා.ඉතින් ඒ වෙලාවට දත් මදිනවනම් ඔයාගේ දත්වලට ගොඩක් හානි ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා කෑම කාලා ඉවර වෙලා අඩුම ගානේ විනාඩි 30ක් වත් ඉඳලා දත් මදින්න මතක තියා ගන්න.

@PudumaLokayaSL


ඔබ දන්නවාද?

ඔබ අවදිව සිටින විට ඔබගේ මොළය වොට් 20 ක පමණ විදුළි බලයක් නිපදවයි.මෙය කුඩා LED බල්බයක් දැල්වීමට තරම් ප්‍රමාණවත් වේ.මොළයේ බිලියන ගණනක් වන නියුරෝන අතර සන්නිවේදනය සිදු වන විට මෙම විදුළිය නිපදවේ.

📑 @PudumaLokayaSL


ඔබ දන්නවාද?

අධ්‍යනවලින් හෙළි වී ඇත්තේ මිනිසුන්ට උපතේදී තිබෙන්නේ බිය වර්ග දෙකක් පමණක් බවයි.

එයට අනුව වැටීමට ඇති බිය සහ උස් හඬවලට ඇති බිය පමණක් මිනිසුන්ට උපතින් උරුම වේ.අනෙකුත් සියලු බයවල් පසුකාලීනව ජීවිතයේ ලබන අත්දැකීම් මත ඇතිවන බිය ආකාර වේ.

📑 @PudumaLokayaSL


🎗මේ 2025 අවුරුද්ද ඔයාලගේ හැම හොඳ වැඩක්ම හිතන විදියටම හරියන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.🎈

ඉතින් අපිට ගිය අවුරුද්දෙනම් විවිධ පෞද්ගලික හේතූන් ටිකක් නිසා ඔයාලත් එක්ක ඉන්න බැරි වුනා
☺️.ගොඩක් දෙනෙක් ඒ ටික කාලෙට චැනල් එකෙන් ගිහින්.ඒකට කමක් නෑ අපිත් එක්ක තාමත් ඉන්න ඔයාලා හැමදෙනෙක්ටම ගොඩක් ස්තූතියි❤️🤝

කොහොම උනත් අපිට ගිය අවුරුද්දේ Telegram Facts channel වලින් Top 5 චැනල් අතර ඉන්න පුලුවන් වුණා.
😎

ඉතින් අද ඉඳන් අලුත් වැඩ ගොඩක් එක්ක පරණ පුරුදු විදියටම ඔයාලට දැනුම අරන් එනවා.
❤️

එහෙනම් අපිත් එක්ක මෙච්චර කාලයක් හිටියා වගේ දිගටම ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා
😔

Puduma Lokaya Team

❤️ @PudumaLokayaSL

Показано 20 последних публикаций.