𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬


Гео и язык канала: Индия, Сингальский
Категория: Для взрослых


𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬
•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts
⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69 | @Dinu_zZ
s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Сингальский
Категория
Для взрослых
Статистика
Фильтр публикаций


1783 දී හිස් දෙකක් ඇති පිරිමි ළමයෙකු උපත ලැබීය. දෙවන හිස උඩු යටිකුරු වූ අතර බෙල්ල කෙළින්ම ඉහළට යොමු විය. පුදුමයට කරුණක් නම්, දෙවන හිස සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී විය.😶

දෙවන මොළය ඔහුට විවිධ දේවල් කියනු ඇසෙන බව පිරිමි ළමයා කියා සිටියේය.


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


🔥COMBINED MATHS
FREE REVISION 🔥
නොමිලේ විෂය ඉගැන්වේ

“ කුමන හෝ හේතුවකට
combined maths විෂය අතහැරුණු සිසුන් සදහා නැවත මුල සිට නොමිලේ”

🌐 සතියේ දින 5ක්ම
      - රාත්‍රී 9.30 ට -


🛑Free Repeat Revision
- https://t.me/+OoHcufesI7s3OGJl

▫️ Combined Maths
▫️ අමිල අබේසිංහ


විද්‍යාඥයන්ගේ අනාවැකි අනුව 2060 වන විට කෘත්‍රිම බුද්ධිය සෑම අංශයකින්ම මිනිසා අභිබවා යනු ඇත. 🤖💥

එච්චර කල් යන් නැතිවෙයි හැබැයි නේහ්...😅


ඔයාලටත් අනාවැකි තියනවද?

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

2.5k 0 2 16 139

🚨COMBINED MATHS🚨
🔵 UNIT REVISION 🔵

▫️රට අනුකලනයට▫️

🌐 සැප් 12 බ්‍රහස් - ගම්පහ - SyZyGy
- උදේ 7.30 -2.00
🌐 සැප් 13 සිකු - නුගේගොඩ-SyZyGy
- උදේ 7.30 -2.00
🌐 සැප් 09 සදුදා - මාතර - Apex
- උදේ 7.30 -2.00
🔵 Online - බ්‍රහස් හෝ සිකු
- උදේ 7.30-2.0

1950-2023 අනුකලනය නිබන්ධනය - https://t.me/+OoHcufesI7s3OGJl

🟥 Combined මුල සිට නොමිලේ උගන්වන re-revision - https://t.me/+OoHcufesI7s3OGJl

පන්ති විස්තර - WhatsApp 0767850858

අදිටනින් ඉදිරියටම
▫️ Combined Maths
▫️ අමිල අබේසිංහ


Death wish coffee ☕️

ලොව ප්‍රබලම කෝපි හෙවත් Death wish කෝපි වල සාමාන්‍ය කෝපි කෝප්පයකට වඩා 200% වැඩියෙන් කැෆේන් අඩංගු වේ.
ඉදිරි දින 3 තුළ යම් අවස්ථාවක හෝ නිදා ගැනීමට කැමති අය සඳහා මෙය නිර්දේශ නොකරයි. 💀
🙏

ඔවුන්ගේ වෙබ් අඩවියෙන් රු.7000 කට පමණ කෝපි පැකට් 2ක් ඔබට මිලදී ගත හැක.

බීලා බලන්න ආස නැද්ද? 😴


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

3.6k 0 29 32 278

ඔබ දන්නවාද?

🦆 පිරිමි මැන්ඩරින් තාරාවා ලෝකයේ ලස්සනම කුරුල්ලන්ගෙන් එකෙක් ලෙස සැලකේ.

ඔහුගේ දීප්තිමත් සහ බහු-වර්ණ සහිත පිහාටු, රතු හොට, දම් පැහැති පපුව සහ තැඹිලි පාට තටු සමඟ වර්ණවත් දසුනක් නිර්මාණය කරයි. 🥹💖
මෙම පක්ෂියාගේ නිජබිම නැගෙනහිර ආසියාව වන නමුත්, බ්‍රිතාන්‍යයේදී විශාල වශයෙන් දැකගත හැකිය.


කොල්ලො කොහොමත් ලස්සනයි කෙල්ලොන්ට වඩා 😏🫵🏻


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඔබගේ තේරීම...? (පළවෙනි කමෙන්ට් එක කියවා ඉන්පසු පිළිතුර යොමු කරන්න👇🏻) 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Опрос
  •   🛢️ රනිල් වික්‍රමසිංහ
  •   ☎️ සජිත් ප්‍රේමදාස
  •   🧭 අනුර දිසානායක
  •   🌷 නාමල් රාජපක්ෂ
  •   🚨 සරත් ෆොන්සේකා
  •   ⭐ දිලිත් ජයවීර
  •   🚜 බත්තරමුල්ලේ සීලරතන හිමි
  •   වෙනත්
  •   ඡන්දය ප්‍රකාශ නොකරමි 🔒
2730 голосов

6k 0 19 69 109

🐘දළ හතරේ ඇත්තු, අලි සොහොන්, ගජමුතු

අලි දිනය සම්බන්ධයෙන් ගෙනාපු සටහනේ මම කීවා අලි සම්බන්ධව එන පුරාණෝක්තින් ගැන හිමීට කතා කරන්නෝනි බව. ඔය දළ හතරේ ඇතුන් ගැන කතා කළොත් අපිට ගොඩක් සමීප කතාවක් තමා රාමායණයේ එන රාවණාගේ ලංකාපුරයේ හිටපු දළ හතරේ ඇතුන්.
මේ වගේ දළ හතරේ ඇතුන් හිටියද ?
උත්තරය "ඔව්"

මීට අවුරුදු මිලියන 5කට කලින් ජීවත් වුණු ගොම්ෆෝතේරස් (Gomphothere) ට මේ වගේ දළ හතරක් තිබුනා. ඇත්තටම මැමත් වලට වඩා ගොම්ෆොතේරස් තමා වර්තමානයේ ජීවත් වෙන අලි ඇතුන්ට සමීප වෙන්නේ. මීට අවුරුද්දකට විතර කලින් උතුරු ෆ්ලොරිඩාවේ ගොම්ෆොතේරස් සොහොන් බිමක් හම්බුන හින්දා මේ ගැන පැහැදිලි තොරතුරු අනාවරණය උනා.

එතකොට අලි සොහොන් කියන්නේ මොකක්ද ? 🪦
අලි සොහොනක් කියන්නේ ඇතුන් වයසට ගොස් මියයෑමට ළං වුනාම ඒගොල්ලෝ විශේෂයෙන් පැමිණෙන ස්ථානයක් විදිහට තමයි කියන්නේ. මේක ප්‍රවාද කතාවක් විදිහට තමයි එන්නේ.

සාමාන්‍යයෙන් අලියෙක්ගේ වයස නිර්ණය කරන්න ප්‍රධාන වශයෙන් බලන්නේ දත්වල වර්ධනය. ඇතකුගේ නම් සැලකිල්ලට ගන්නේ දළ දෙකේ වර්ධනය සහ පරිධිය තමා. ඊට අමතරව අලි ඇතුන්ගේ කකුලේ පරිධිය වගේ මිනුම් ලබාගන්නවා. වනාන්තරයේ සිටින අලි ඇත්තු අවුරුදු 70-80ත් අතර කාලයක් තමා ජීවත් වෙන්නේ. හැබැයි ආසියානු අලීන්ගේ වයස නිර්ණය කරන්න විශේෂයෙන් ගෝමර බලනවා. එහෙම ගෝමර එද්දී ඇතුන්ගේ මුහුණ ගිලා බැහැපු ස්වභාවයක් පෙන්වනවා. ඒකේ දී කන් පෙතිවල පෘෂ්ටිමත් භාවය නැතිවෙනවා, ඇතුන්ගේ දළය තුළ තියෙන ගජමුතු ගැලවී සෙලවීමට පටන් ගන්නවා,ඇස්වල දීප්තිය අඩුවෙලා  රළු ශාක ආහාරවලින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ගේ ශරීරය දුර්වල වෙන්න යනවා කියලා දැනගන්නකොට ජලය යහමින් තියෙන උස තෘණ වර්ගවලින් පිරුණු ස්ථානයක් කරා ගමන් කරනවා. මේ වගේ වයෝවෘද්ධ වී දුර්වල වෙද්දී, අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගන්න වැඩියෙන් යොමු වෙනවා. මේ වගේ මරණයට ළං උණු ඇතෙක් හිටගෙන ඉන්නවා නම් එයාට වැටෙන්න නොදී රැහේ අනිත් අලින් එයාට හේත්තු වෙලා ඉන්නවා. අවසාන හුස්ම කිහිපය අවසානයේ ඒ ඇතා පොළොවට ඇද වැටෙනවා.🫠 ඊට පස්සේ මියගිය ඇතාගේ ශරීරය භාර වෙන්නේ කැළයේ ඉන්න වල්ඌරෝ වගේ කසලශෝධකයන්ට තමා. අවසානයේ මිය ගිය ඇතාගේ දළ තියෙනවා නම් අනික් අලින් ඒවා කඩලා දානවා. ඔන්න ඕකට තමයි අලි සොහොනක් කියන්නේ. මේක ප්‍රවාද කතාවක් වුණත් සමහර අයගේ අත්දැකීම් වලට අනුව ඇත්තක්. ඒත් සමහර අය කියන්නේ මිනිසා විසින්ම කරපු සංහාර හින්දා මේ වගේ සොහොන් ඇති වෙන්න ඇති කියලා. මොකද ඒ වගේ සොහොනකින් විවිධ වයස්වල ඇතුන්ගේ ඇටසැකිලි හම්බෙලා තියෙන හින්දා.

ඒ එක්කම පොඩියට හරි කතා කරන්නෝනි ගජමුතු ගැන. 💎
මුතුවක් කියන්නේ conchiolin ජාලයක් තුළ කැල්සියම් කාබනේට් ස්ථරයක්  එක්ක දිලිසීමක් තියෙන්න ඕනි දෙයක්. මුතු බෙල්ලන්ට මේ වගේ ස්ථරයක් තිබුනත් ඇතුන්ගේ ඒ වගේ ස්ථරයක් නැහැ.

එතකොට ගජමුතු හැදෙන්නේ කොහොමද?
ඔය ඇතුන් හැමවෙලේම ගෑනු හන්දා රණ්ඩු වෙනවා නොවෑ. ඉතින් ඒ වගේ සටන්වල දී ඇතුන්ගේ දළවලට සිදු වන අනතුරුවලදී දළ මූලය නරක් වෙලා එතැනින් විෂ බීජ දළ තුළ පැතිර යනවා. ඒ හන්දා දළ කුහරය තුළ ඉදිමීමක්,ලේ කැටිවීමක් පවා වෙන්න පුලුවන්. ඉතින් ඒ ලේ කැටිවීම් දළ කුහරය තුළ ඇති බාහිර ද්‍රව්‍යය සමග එක්වෙලා වෙනම දන්ත කොටසක් ලෙස කුහරයේ රැදෙන්න ගන්නවා. එතකොට ගජමුතු කියන්නේ දළ අභ්‍යන්තරයේ හටගන්නා මෙම රෝග කාරක තත්වයට. ටෝර්ච් එකක් එහෙම ගහලා බැලුවම ගජමුතු අවරෝස පැහැයකට පේන්නේ ඔය හින්දා.😂 ඉතින් ගජමුතු වල වටිනාකම එන්නේ ඒවයේ දුර්ලභ බවෙන් විතරයි. දැන් නම් ගජමුතු කියලා තියෙන්නේ ව්‍යාජ ඒවා විතරයි. ගජමුතු ගන්නේ මියගිය ඇතුන්ගේ වුණත් දැන් ජීවත් වෙලා ඉන්න ඇතුන් දඩයම් කරනවා. එහෙම කළත් ඒවාවල ගජමුතු දකින්නට ලැබෙන්නේ නෑ. මොකද අර වගේ තත්ත්වයක් යටතේ විතරයි ගජමුතු හැදෙන්නේ. හරි ඒ කතාව ඇති😂
ඊට පස්සේ අහයි අලි සොහොන් තියෙන්නේ කොහෙද කියලා.

ඔය දළ හතරේ ගොම්ෆොතේරස්ලා ප්ලයිස්ටොසීන යුගයේ ආහාර හිගයත් එක්ක නැති වෙලා ගියා. ඒත් මෑත කාලීනව දළ හතරක් තිබුණු ඇතෙක් ගැන වාර්තා උනේ 1930 ගණන්වල කොංගො වනාන්තරයේ. දඩයම්කරුවන් අතින් මරණයට පත් වුණු මේ අප්‍රිකානු ඇතාගේ හිස් කබල ඇමරිකාවේ explorer club එකේ තාමත් සුරක්ෂිත ව තියෙනවා..📍


📝ඒ එක්කම කියන්න ඕනි, කලින් ගෙනාපු සටහනේ මම විස්තර කළේ විද්‍යාත්මකව ප්‍රයිමේටාවන්ගේ බහු සේවනයෙන් මිනිස්සු මිදුණු එක👇🏻 ගැන. ඒ සටහනට ආපු comments වල දැක්කා ආදරය යනු බොරුවක් ය මායාවක් ය කියන එක ගැන... ඇත්තටම මම එහෙම දකින්නේ නැහැ. ඒකභාර්‍ය සේවයෙන් මිදිලා අපි විසින්ම බිහිකරගත්ත මනුෂ්‍යත්වය තුළින් ඇතිවුණු ආධ්‍යාත්මයට තමයි ආදරය කියන්නේ.
“ස්වභාවධර්මය කිසිම පරිණාමික වාසියක් නැති ආදරය මිනිස්සුන්ට හදුන්වලා දුන්නේ ඇයි?” ප්‍රජනනය සදහා දෙන රසායනික කික් එක කියලා කියන අයට මේවාට උත්තර දෙන්න බැහැ.😅 සවිඥානිකව මේවාට උත්තර හිතලා බලන්න. මනුෂ්‍යත්වය එක්ක කැටිවුණු ආදරය තමයි මේ ලෝකය යහපත්ව පවත්වාගෙන යන්න එකම හේතුව විදිහට මම දකින්නේ...🩷


🖊Janiru Ransith

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕔𝕥𝕤 🧬🔬


🇿🇦 දකුණු අප්‍රිකාවේ "සාරා බාට්මන්" (1789-1815) යනු උපතින්ම ඉතා විශාල, අසාමාන්‍ය තට්ටම් සහිතව ජීවත් වූ තරුණියකි.

ඇගේ මෙම තට්ටම් නිසා සුදු ජාතිකයන් විසින් ඇයව යුරෝපයට රැගෙන ගොස් මානව අයිතිවාසිකම් වලට පටහැනිව සංදර්ශන භාණ්ඩයක් ලෙස ඇයව ප්‍රදර්ශනය කරමින් විශාල මුදලක් සූරාකෑමට කටයුතු කළේය.
💸💸

1815 දී මරණයෙන් පසුවද ඇගේ දේහය 1974 දක්වා වසර 100 කට වැඩි කාලයක් පැරීසියේ ප්‍රදර්ශනය කරන ලදී. ඉල්ලීම් රැසක ප්‍රතිඵලයක් ලෙස 2002 දී ඇගේ දේහය නැවත දකුණු අප්‍රිකාවට ලබා දෙන ලදී. 😶‍🌫💔


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.9k 0 11 18 272

ඔබ දන්නවාද❓

🔞ලිංගික කටයුතු වලදී කොන්ඩම් දෙකක්, එකකට එකක් උඩින් පැළඳීම සුදුසු නොවේ.

මෙය ඔබට ද්විත්ව ආරක්ෂාවක් ලබා දේ යැයි සිතුවත් එසේ නැත. කොන්ඩම් දෙකක් භාවිතා කිරීම ඝර්ෂණය වැඩි කිරීමට හේතු විය හැක. එමඟින් ඒවා ඉරීම/කැඩී යාමේ සම්භාවිතාව වැඩි වේ.
😬💥

මීට පස්සේ 2ක් use කරන්න එපා ඔයාලා 😊🩵


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6.9k 0 15 18 218

🎮 මේ වෙන කොට game world එකේ ගොඩක් දෙනෙක් කතා වෙන game එකක් තමා Black myth wukong කියන්නේ. අද කියන්න යන්නෙ ඒ ගැන නෙවේ, game එකට සම්බන්ධ Sun wukong සහ අපූරු චීන ප්‍රබන්ධ ඓතිහාසික කතාවක් තමා කියන්න යන්නෙ. 🌝🔥

🧩Xuanzang

මෙතන ඉදං මේ කියන සිද්ධි ඇත්තටම සිදුවුණ ඓතිහාසික සිදුවීම්. ක්‍රිස්තු වර්ෂ හත් වෙන සියවස කියන්නෙ චීනෙ බුදුදහම පරිහානියට පත් වෙලා තිබ්බ කාලයක්. ඒ වෙනකොට බුදුදහම ඉගෙන ගන්න හරියාකාර පොත් පත් තිබුනේ නෑ. 602 අප්‍රේල් හය වෙනිදා ඉපදුන Xuanzang කියන තරුණයා විසි වෙනි වියේදී පැවදි වෙනවා. මෙයාගෙ සහෝදරයත් භික්ෂූවක්. ඒ වගේම Xuanzang කියන්නෙ දක්ෂ කඩිසර තරුණයෙක් මහණ වෙන්න කල් ඉදංම.

බුදුදහම ඉගෙන ගන්න මෙයාට චීනය පුරා යන්න සිද්ද වෙනවා. මොකද බෞද්ධ පොත් පත් හොයාගෙන. Chang'an වලට එන මොහු බුදුදහම සහ බෞද්ධ පොත් පත් හොයාගෙන ඉන්දියාවට යාමට අධිෂ්ඨාන කරගන්නවා. ඔහුට පොඩි පන්නරයක් එනවා මේ වගේම ගමනක් ගියපු ෆැන්සියන් කියන චීන භික්ෂූව නිසා. මේ අනුව තමා මොහු ඉන්දියාවට එන්නෙ. මොහු ලංකාවට එන්නත් හදල තියෙනවා කියල කියනවා. කොහොම උනත් ඉන්දියාවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් හමුවුණා කියල සදහන් වෙනවා. මේ ගමන ගැන Xuanzang පොතක් ලියල තියෙනවා Records of the western regions කියල.

🧩Journey to the west

චීන සාහිත්‍යයේ මහා සම්භාව්‍ය නවකතා හතරෙන් එකක් තමා මේ Journey to the west කියන්නෙ.මේක මිං කියන රාජවංශයේදී Wu Cheng'en විසින් Records of the western regions ඇසුරෙන් ලියපු එක් පැත්තකින් ප්‍රබන්ධ නවකතාවක්. බොහෝ දේවල් වල එකතුවක් තමා මේ Journey to the West කියන්නෙ. චීන මිත්‍යා, චීන ජන ආගම්, බුද්දාගම, අමරණීයත්වය, තාඕවාදය වගේ දේවල් මේ පොතේ කතාවට යොදාගෙන තියෙනවා. Xuanzang නැත්තං මේ නවකතාවෙ මෙයා ඉන්නෙ Tang sanzang කියන භික්ෂූවගේ ගමනට ආධාර පිණිස මේ පොතේ Sun Wukong, Zhu Bajie, Sha Wujing කියල මිත්‍යා ප්‍රබන්ධ චරිත තුනක් බලාගන්න පුළුවන්.Zhu bajie කියන්නෙ අර්ධ ලෙස ඌරෙක් සහ මිනිසෙක්. ඉංග්‍රීසි පරිවර්තන පොත්වල මෙයා හදුන්වල තියෙන්නෙ Monk pig කියල. Sha Wujing සහ White dragon horse කියල Tang sanzang ට සගයෙක් සහ අශ්වයෙක් ඉන්නවා.

🧩Sun wukong

මේ Journey to the West කියන පොතෙන් තමා Monkey king විදිහට මෙයා එන්නෙ. Journey to the west අනුව මෙයා ඉපදිලා තියෙන්නෙ Mountains of Flowers and Fruit කියන කන්දේ මැජික් ගලකින්.

කන්දේ ඉන්න වානරයොත් එක්ක එකතුවෙන Wukong රැලේ නායකයා සදහා වන තරගයකින් රැලේ නායකය වෙනවා. ඒතමා කන්දේ තියෙන ඔයට වතුර එන උල්පත හොයා ගන්න එක. Wukong ඒක හොයාගන්න නිසා එයා රැලේ නයකය වෙනවා. රැලේ වානරයෙක් මිය යනව දකින Wukong ට මරණය පරාජ කරල අමරණීය වෙන්න ඕන වෙනවා. ඒ නිසා Wukong Puti Zushi කියන තාඕවාදී ගුරුවරයාගෙන් තාඕවාදී ශිල්ප ඉගෙන ගෙන අමරණීය වෙනවා. ශිල්ප උගන්නන එක puti zushi මුලදි ප්‍රතික්ෂේප කරත් මෙයාගෙ කැපවීම උනන්දුව නිසා ශිල්ප උගන්නනවා. අනවශ්‍ය විදිහටයි බලයන් භාවිත කරනෑ කියන පොරොන්දු පිට මෙයා යනවා. ආපහු කන්දට යද්දි කන්ද යක්ෂයෝ අල්ලන් තියෙනවා දකින wu එයලාව පරාජය කරලා ආයෙත් රැලේ නායකය වෙනවා. ඊට පස්සෙ රැලේ අයට ආයුධ සොයා ගත්තත්. තමන්ට ගැළපෙන ආයුධයක් හොයාගෙන Au Guang ගේ නිධානයකින් Buyi Jingu Bang කියල ආයුධයක් හොයා ගන්නවා. මේක තමා Wu ගෙ ප්‍රධාන ආයුධය. 7960kg වෙන මේක කුඩා කරල Wu ගේ කනේ රදව ගන්න පුළුවන්. ඒ වගේම dragon king න් wukong ට දම්වැල් කමිසයක් සහ ෆීනික්ස් තොප්පියක් හම්බෙනවා.

Wukong ට බලයන් හැත්තෑ එකක් තියෙනවා කියල තමා සදහන් වෙන්නෙ. අමරණීයත්වය, වෙස් ගන්න එක, ශරීරයෙන් ආත්මය පිට කිරීම, අගුලු බිදීම, ගිනි වැලක් වීම වගේ හැකියා බලාගන්න පුළුවන්.

ඊට පස්සෙ ඇති වුණ සිදුවීම් සහ ස්වර්ගය විනාශ කිරීමට තැත් කිරීම හේතුවෙන් බුදුන් වහන්සේ විසින් Wukong ව ඔහුගේම කන්දේ සිරකරනවා. Journey to the west පොත අනුව ඊට වසර පන්සීයකට පසු Tang Sanzang (Xuanzang ) විසින් Wukong ව තමන්ගේ ගමනට සම්බන්ධ කරගන්නවා.

Wukong ව පාලනය කරන්න එයාගෙ කරට දාන්න පලදනාවක් Guanyin කියන බෝධිසත්වයගෙන් Tang sanzang  ට ලැබෙනවා. ඒ වගේම ගමන පුරාවටම Wukong  ඇතුලු සගයන් තුන්දෙනා Tang sanzang ව ආරක්ෂා කරනවා. මොකද යක්ෂන් සහ කොල්ලකරුවන් සිතන්නෙ Tang sanzang මස් කෑම තුළින් අමරණීය වෙන්න පුළුවන් කියල. මේ ගමනෙදී Tang sanzang ගෙන් Wu බුදු දහම ඉගෙන ගන්නවා. මෙයාල නැවත චීනයට පැමිණෙන ගම තුළ කරදර 81 ට මුහුණ දෙනවා. ගමනෙදී Wu බුදු දහම ඉගෙන ගන්නවා, ගුණ ධර්ම ගැන ඉගෙන ගන්නවා. ගමන අවසානයේ දී Monkey king නැත්තං Sun Wukong බුදු වෙනවා. මෙතනිං එහාට නං කියන්න බලාපොරොත්තුවක් නෑ.

🖊 Night fall

Game එක play කරාද? 👀


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

7.3k 0 33 10 81

​​🦦 ආදරයේ තවත් පැතිකඩක් 

මේ අවුරුද්දේ මම සටහන් කිහිපයක්ම ගෙනාවා ආදරය ගැන විස්තරය කොරලා. කියන්න සතුටුයි තවමත් පෙම්වතියක් මට නැති වීම නිසා ආදරය කිරීම සම්බන්ධයෙන් නම් අත්දැකීම් නැහැ. 😂 මේ අවුරුද්ද අවසානය ට හෝ වෙනසක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.🫠 ( හැමදාම කියන්නේ ඕක තමා) ඒක වැඩක් නෑ..,

ඇත්තටම අපේ ජීවිතයේ එකම එක සහකාරියක් හෝ සහකාරයෙක් හොයාගන්නවා කියන්නේ අමුතු සංසිද්ධියක්. ඔයාට හිතෙනවා ඇති මේකේ මොන අමුත්තක් ද කියලා. නැහැ මේකේ අමුත්තක් තියෙනවා. පරිණාමිකව උසස් ක්ෂීරපායින් තනි ඒකාකාරී සේවනයකට හැඩගැහුණු අය නෙවේ. දීර්ඝ කාලයක් එකම සහකාරයෙක් තෝරගන්නේ බොහෝ විට ක්ෂීරපායින් සහ පක්ෂීන් විතරයි. ඒකෙනුත් 10%ක් වගේ අඩු ප්‍රමාණයක් තමා ජීවිත කාලේම එකම සහකාරියක් වටා ජීවතය ගෙනි යන්නේ. ඒත් මිනිස්සු කියන්නේ තනිසහකාරයෙක් එක්ක ජීවිතය ගෙනියන විදිහට හැඩගැහුණු අය නෙවේ.

එතකොට කොයි කාලේ ද තනි සහකාරයෙක් එක්ක ජීවත් වෙන්න හැඩගැහුණේ ?

ජාන විශ්ලේෂණයට අනුව අවුරුදු 1000කට කලින් ප්‍රවේණිකව පවුල් ගැන සොයා බලද්දී මේක තහවුරු වෙනවා. එතකොට විවාහය සම්බන්ධ ව මුලින් ම විස්තර එන්නේ අවුරුදු 4,350 කට කලින් මෙසපොතේමියාවෙන්. විවාහය සහ තනි සහකාරයෙක් එක්ක ජීවත් වෙන එක ඒ කාලේම ඉදන් පටන් ගත්තා කියලා කියන්න අමාරුයි මොකද මානව ඉතිහාසයේ 90% ක්ම ලියවිලා නැති හන්දා. ඇත්තටම ඔය මුල් කාලයේ විවාහයන් උනේ ආදරය හන්දා නෙවේ ආර්ථික සම්බන්ධ කටයුතු සහ ලිංගිකත්වය වෙනුවෙන් එකිනෙකා අතර වෙන ආරවුල් විසදීම අරමුණු කරගෙන.😂 එහෙම වෙලත් විවාහය කියන සංකල්පය පිළිගත්තේ 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්.

ප්‍රයිමේටාවන් වන චිම්පන්සි, ගෝරිල්ලා, ඔරං ඔටං, බොනෝබෝවා පවා බහු සහකාර සේවනයට හැඩ ගැහුණු කට්ටිය වෙනවා.🥲

ඒත් මනස උසස් කියන මිනිස්සු කොහොමද මේ ප්‍රයිමේටාවන් ගේ සත්ත්ව ගති වලින් මිදෙන්න උත්සහ කළේ ?

මේකට මානවවේදය සම්බන්ධ විද්වතුන් මත කිහිපයක් තියනවා. මේවා කෙටියෙන් විස්තර කරන්නම්.

පලවෙනි මතය තමා ලව්ජෝයිගේ උපකල්පනය. මේකේ දී ප්‍රයිමේටස්ලගේ පිරිමින් අතරින් වැඩිම ශක්තියක් තියෙන කෙනා එක්ක ගැහැණු සත්ත්වයා බැදීමක් ඇති කරගන්න එක තමා වෙන්නේ. මේකේ දී ගැහැණු සත්ත්වයන් ආක්‍රමණශීලී පිරිමින්ට වඩා ආහාර සපයලා දෙන විශ්වාසවන්ත අයට ආකර්ෂණය වුණා.

දෙවෙනි උපකල්පනය තමා female spacing hypothesis එක. සීමිත ආහාර සම්පත් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගන්නකොට පිරිමින්ට සහකාරියෝ කිහිප දෙනෙක් තියන් ඉන්න හැකියාවක් තිබුනේ නෑ. ඒ හින්දා ඒගොල්ලන්ට වෙන attack එකත් අඩු වෙනවා සහ සම්පත් ඉතිරි වීමෙන් ජීවත් වීම පහසු වෙනවා.

තුන්වෙනි එක තමා infanticide hypothesis එක. ඒ කියන්නේ ළදරු ඝාතන කල්පිතය. මේකේ දී වෙන්නේ ගැහැනු සතෙක් එක පිරිමියෙක් එක්ක සංසර්ගයෙන් දරුවෝ වැදුවට පස්සේ තවත් පිරිමියෙක් සමග සංසර්ගයේ යෙදෙනකොට ඒ පිරිමි සත්ත්වයා කලින් පිරිමින්ගේ දරුවෝ මරාදමන එක. අමු අමුවෙම චිම්පන්සියෝ එහෙම කාලා දානවා මේ පැටවුන්ව. ඉතින් වානර ගැහැණු සතුන් තමන්ගේ පැටවුන් ව ජීවිත කාලේම ආරක්ෂා කරගෙන ඉන්න අය. මේ තත්ත්වය හන්දා කාලානුරූපීව  තනි සහකරුවෙක් එක්ක ජීවත් වෙන්න ගැහැණු අය හුරු වෙනවා.

හතරවෙනි එක තමා Paternal care hypothesis නැත්තම් පීතෘ රැකවරණ උපකල්පනය. ප්‍රයිමේට්ලාගේ බහු සේවනය හන්දා පීතෘ අවිනිශ්චිතතාවය ඉහළයි. මේ කාගේ ළමයද මේ මගේ ළමයෙක්ද කියන ප්‍රශ්නේ ලොකුවටම එනවා. පිරිමි  සත්ත්වයාට තම දරුවන් වෙනත් පැටවුන්ගෙන් වෙන්කර හඳුනා ගන්න විශේෂ හැසිරීම් ඉඟි උගන්වනවා.🫠 ඒත් මේකත් සාර්ථක ක්‍රමයක් නෙවේ.

පස්වෙනි එක තමා dimorphism hypothesis නැත්තම් ලිංගික විෂමතා කල්පිතය. මේකේ දී  මිනිස්සු තමන්ගේ ශරීර ප්‍රමාණයට සමාන කෙනෙක් එක්ක ජීවත් වෙන්න තෝරගන්න එක තමා වෙන්නේ. සාමාන්‍යයෙන් මිනිස් කාන්තාව සහ මිනිස් පිරිමින් ශරීරයේ බරින් උසින් ලොකු වෙනසක් නෑ නේ.😂 බහු සේවනයේ යෙදී ඉන්න පිරිමි ගෝරිල්ලා ගැහැණු සතුන් මෙන් දෙගුණයකටත් වඩා ස්කන්ධයෙන් වර්ධනය වෙනවා.🫠

“අනේ මන්දා මේ සීන් එක වර්තමානයේ දී බිද වැටෙනවා දෝ කියලා හිතෙනවා.මොක ද බිම්මල් වගේ ඉන්න කෙල්ලෝ ඉල්ලන්නේම උස කොල්ලෝ නොවෑ” 😂

හැබැයි මේ සියලු මතවලට වඩා වර්තමානයේ දී ලිංගාශ්‍රිත රෝග වැඩිවීම නිසා මිනිසුන්ට ඔවුන්ගේ සංසර්ගයේ හැසිරීම අනුව ඒකාකාරී වෙන්න සිදු වෙනවා කියලා මට හිතෙනවා.🫠 මේක ගැනත් ලොකුවට ම පැහැදිලි කරන්න තිබ්බා. ඒත් telegram වල word limit එක හන්දා ලියන්න බැහැ.

එතකොට එක සහකරුවෙක් වෙනුවෙන් ජීවිතය ගත කරන එක කොහොමද ආවේ? කලින් සදහන් කරපු කල්පිත වලින් එහාට ගිහින් හිතන්නෝනි දෙයක් ද මේක?

විවාහ වෙන්න කෙල්ලෙක් වත් නැති අයගේ🫵🏻 ඔලුවට දාන මේ ප්‍රශ්න සමගින් මම සමුගන්නවා 👋

(ඒ එක්කම පොඩි ඉල්ලීමක් තියෙනවා. Lanka comic con festival එකේ මා ඇතුළු මාගේ මිත්‍රයෝ කරපු මේ වීඩියෝවත් බලලා share කරන්න කියලා ඉල්ලනවා.❤️)
https://www.facebook.com/share/v/2JavtpuyTStLJGvz/?mibextid=xfxF2i

🖊 Janiru Ransith

සහකරයෙක් ඉන්නවා - 😘
තවම නෑ - 🔥


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬
🔬

7.7k 0 29 137 333

ඔබ දන්නවාද?

අපිව දර්පණයකින් පේනකොට සහ ඡායාරූපවලින් ඔබව පෙනෙන ආකාරය අතර ලොකු වෙනසක් තියෙනවා.මේකට හේතුව Mere exposure effect එක. මිනිසුන් තමන්ට හුරුපුරුදු දේවල් වලට මොළයෙන් දෙන හොද උත්තේජනය හා ඒක වර්ධනය කරගන්න දෙන අවස්ථාවට තමයි mere exposure effect එක කියන්නේ.ඒහින්දා කන්නාඩියෙන් බලනකොට ඔයාව ලස්සනට පේනවා.

(හැබැයි දර්පණ සහ ඡායාරූප දෙකම ආලෝකය, කෝණ සහ දුර වැනි විවිධ සාධක මත අපගේ පෙනුම වෙනස් වෙනවා).


සහතික ඇත්තහ්😒👌


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

7.3k 0 20 8 323

👮🏻‍♀ 2013 දී බැල්ටිමෝර් බන්ධනාගාරයේ නියාමකවරියන් හතර දෙනෙකු එකවරම ගැබ්ගෙන ඇති බව සොයා ගන්නා ලදී.

පසුව කළ විමර්ශන වලින් අනාවරණය වූයේ පාතාල කල්ලි නායක "ට්‍රැවොන්" විසින් මෙම නිලධාරිනියන් 4 දෙනා සමගම ලිංගිකව එක්වී ඇති බවයි.😐💦
එමෙන්ම ඔහු හොර රහසේ ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය ගණුදෙනු, ලිංගික සබඳතා රැසක්ද පවත්වාගෙන ගොස් ඇත.

රාජකාරිය අකුරටම ඉටු කරන ගෑණු😅👌🏼


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

7.8k 0 10 5 288

නින්දෙන් පසු අත පය දිගු කිරීමට අවශ්‍ය ඇයි?🥱

නිදාගැනීමේදී ශරීර උෂ්ණත්වය සහ ශ්වසන වේගය අඩු වන අතර මාංශ පේශි හැකිතාක් ලිහිල් වේ.😴මෙමගින් රුධිර ගමනාගමනය අඩු වේ.

✅ ඔබ අතපය දිගු කරන විට, මාංශ පේශි ආතතිය, ශිරා රුධිර ප්‍රවාහය වැඩි වේ. කේශනාලිකා ප්රසාරණය වීම සහ මාංශ පේශි ප්‍රතිග්‍රාහකයන්ගෙන් ලැබෙන ආවේගයන් මොළයට මනාව ගමන් කරවීම සිදු කරයි.


Good Morning Babies...! 🌝❤️


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


​​ආත්ම සහකරු 💞

New age spiritualism නැත්තම් නව යුගයේ අධ්‍යාත්මවේදයේ එන පුනරුත්පත්තිය කියන්නේ හරි අපූරු දෙයක්. පුනරුත්පත්තිය කියන්නේ අපේ ආත්මය නැවත නැවත ඉපදෙමින් අනන්ත වූ ජීවිත ගණනක් හරහා ගමන් කරන සංකල්පයක්. හැබැයි බුදු දහමේ එන පුනර්භවය එක්ක මේක පටලන් ඉන්නේ සමහර අය. පුනර්භවය කියන්නේ එක් සිතුවිලි පරම්පරාවක් අවසන් වෙලා කර්ම ශක්තියෙන් තවත් අලුත් භවයකට ගෙනියන එකයි.cකෙටියෙන්ම කීවොත් විඤ්ඤාණයේ පැමිණීම කියලත් කියන්න පුලුවන්. මෙතන දී ආත්මය කියන දේ බුදුන් වහනසේ ප්‍රතික්ෂේප කරලා තියෙන බව ඔයා දන්නවා ඇති. ඔය පුනරුත්පත්තිය සහ පුනර්භවය කලින් කීවා වගේ සරලව පැහැදිලි කරන්න බැහැ සංකීර්ණ දේවල්.

කෙසේ හෝ වේවා මම සහ මගේ අතිජාත මිත්‍රයෙක් අතර වුණු කෝපි සංවාදයක් නිසා තමා මේක ලියන්නේ.😂 පොර හැමවෙලේම new age spiritualism එක උඩින්ම තියන් ඉන්න පොරක්. ඔය new age spiritualism එකේ පුනරුත්පත්තිය එක්ක විස්තර වෙන අපූරු දෙයක් තමා අපේ ජීවිතයේ අපි ආදරය කරන්න තෝරගන්නේ එකම පිරිස කියලා. කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ සම්බන්ධතා කොහොමද විස්තර වෙන්නේ කියන එක බලමු.

මුලින්ම එන්නේ karmic relationship නැත්තම් කර්මීය සම්බන්ධතා. කර්ම සම්බන්ධතා වලට අනුව අපේ පෙර ආත්මයන් වල සිදු වුණු වැරදි වලට සමාව ගන්න අවස්ථාවක් ලබා දෙන, අපිට ගිය ආත්මයේ ඉගෙන ගැනීමට නොහැකි උනු ජීවන පාඩම් උගන්වන්න එන විශ්වය විසින් ඔයාට හදුන්වලා දෙන සහකරු හෝ සහකාරිය තමා කර්මීය සහකාරයා කියන්නේ. මේ සම්බන්ධතා ලේසියෙන් මගහරව ගන්න බැහැ. අසුන්දර මතකයන් ගොන්නක් එකතු වෙන සම්බන්ධතාවයක් කියලා තමයි විශ්වාස කරන්නේ. (හැබැයි මේවා හොදට වෙනවා වෙන්නත් පුලුවන් 😂)

කර්මීය සම්බන්ධතා ගැන මනෝවිද්‍යාත්මක වත් කතා කරන්න පුලුවන්. Psychology වල අපි කර්මීය සම්බන්ධතා විස්තර කරන්නේ ඉතාම උද්‍යෝගයෙන් සම්බන්ධතාවයක් පටන් ගෙන පස්සේ ඒ උද්‍යෝගය බිද වැටෙන සම්බන්ධතාවලට. මෑත කාලීනව මේ වගේ සම්බන්ධතාවලට ප්‍රධානම හේතුවක් විදිහට මම දකින්නේ  කොවිඩ්. මොකද ඒ කාලයේ නිවෙස් තුළ හිර වෙලා ඇති උනු මානසික පීඩනයත් තනිකමත් එක්ක මේ වගේ ඉක්මන් සම්බන්ධතා වලට අපි නැඹුරු උනා. මේක karmic relationship කීවට psychology වලින් මේ සම්බන්ධතා වලට කියන්නේ trauma bonding කියලා.
හරි ඔය කතාව පැත්තකට තියලා ඔයා අහන්න පුලුවන් karmic relationship එකකද  ඉන්නේ කියලා අදුන්ගන්නේ කොහොමද කියලා? හැබැයි මේකට හරි process එකක් නැහැ. ඔයාම තමා අදුනගන්න ඕනි තමන්ගේ හිත නිවුණු වෙලාවක තමන් එක්කම කතා කරලා.😂 (මේවා කියවලා තමන්ගේ සහකරු හෝ  සහකාරියව අනවශ්‍ය විදිහට සැක කරන්නෙපා ඈ )

ඊලග එක තමා ආත්මීය සහකාරයෝ soulmates කියන්නේ මේගොල්ලන්ට. මෙයාලා තමා අපි භවයෙන් භවයට ගමන් කරනකොට අපිට හමුවෙන ආදරණීය මිනිස්සු. (කටවහරෙට කියන්නේ පතාගෙන ඔතාගෙන එන කෙනා කියලා 😂). භවයෙන් භවයට සහකරු සහ සහකාරිය අතරේ පවත්වාගෙන ආපු  ආදරය ශක්තිමත් නම් මේ ජීවිතයෙත් ඒ සහකරු හෝ සහකාරිය සෙට් වෙන්න පුලුවන්. හැබැයි ස්ථී‍රවම කියන්න බැහැ. ෆිල්ම්ස් වල පෙන්වනවා වගේ අමුතු හුළගක පහස විදින අතරේ soulmates ලා හම්බෙනවා කියලා මන් අහලා නැහැ හැබැයි 😂

තුන්වෙනි කට්ටිය තමා ගොඩක්ම අමුතු සහ ලස්සනම සම්බන්ධතාවයක් ගේන්නේ. twin flames කියලා හදුන්වන මේ කට්ටියට පුද්ගලයන් දෙදෙනෙකු අතර තීව්‍ර හා බලවත් ආත්ම සම්බන්ධතාවයක් ප්‍රවර්ධනය කරන්න හැකියාවක් තියෙනවා. මේ අදහසට පදනම වැටෙන්නේ මැවුම්වාදය හින්දා. මැවුම්වාදයේ තියෙන විදිහට ලෝකයේ සියලුම ආත්ම මැවෙන්නේ ගිනිදලු විදිහට. මේ වගේ ගිනිදලු ඇතිවෙන්නේ යුගල විදිහට. එතකොට ඔයාගේ ආත්මයට සමාන ආත්මයකුත් බිහි වෙනවා.mirror souls කියලා කියන්නෙත් මේකටම තමා. එතකොට ඔයාගේ ගිනි දැල්ලෙන් ඉපදුණු අනිත් එක්කෙනා තමා twin flame එක වෙන්නේ.cහැබැයි මේ වගේ twin flame එකක් අපේ ආදරවන්තයා හෝ ආදරවන්තියට එහා ගිහිල්ලා අපේ දෙමව්පියන්, හොදම මිතුරා, සහෝදර සහෝදරියොන්ගෙන් කෙනෙක් වෙන්නත් පුලුවන්. Twin flame එකක් අදුනගන්න එක ලේසි හැබැයි හොයාගන්න එක තමා අමාරුම. මොකද twin flame එකක් ඉන්නේ මුළු ජීවිත චක්‍රයටම එකයි. මේ twin flame කියන්නේ new age spiritualism එකෙන් අලුත් දෙයක් විදිහට පෙන්නන්න උත්සහ කළත් ග්‍රීක පුරාවෘත්තය තුළ මුහුණු දෙකක්, අත් යුගල දෙකක් සහ කකුල් යුගල දෙකක් සහිත හිසක් තිබුණු මිනිස්සු හිටියා. නමුත් සියුස්ගේ බලයට එරෙහිව යන්න බැරි වුණු මේගොල්ලෝ කොටස් 2 කට වෙන් වෙනවා. ඉතින් මේ යුගළ ඔවුන්ගේ අනෙක් භාගය හොය හොයා තම ජීවිතය ගත කරනවා. ඔය සංකල්පය වැඩිදියුණු වෙලා new age spiritualism එකට ගෙනාවා කියන්නත් පුලුවන්.

මම මේවා ගැන විශ්වාස නොකෙරුවත් මේවා ඉගෙන ගන්න එක රසවත්. කෝපි සංවාදය එසේ අවසන් වුණත් මට සහ මගේ අතිජාත මිත්‍රයාට තවමත් සහකාරියක් හමුවෙලා නෑ. දුක යනු එයයි. කෙසේ වෙතත් මේ සටහන කියවපු හැමෝටම කර්මීය පෙම්වතුන් මුණ නොගැසෙන ආත්ම සහකරුවෝ වැඩි වැඩියෙන් හමුවෙන කාලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💫

🖊Janiru Ransith

#ඔයාටබැරිදමගෙsoulmateවෙන්න

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬




🥀 අධ්‍යනයන්ට අනුව කාන්තාවන්ට ඇති වඩාත් පොදු ලිංගික පසුතැවිල්ල වන්නේ "වැරදි" පුද්ගලයාට තම කන්‍යාභාවය අහිමි වීමයි.

කාන්තාවන්ගේ අනෙකුත් පොදු පසුතැවීම් නම් තම සහකරුට වංචා කිරීම සහ වෙනත් අය සමඟ රහසේ ලිංගිකව එක්වීමයි. 🥴💔


එයාලම කරලා එයාලම දුක් වෙනවා...🤷🏻‍♂


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

9.9k 0 32 37 368

ඔබ දන්නවාද?

තීරණාත්මක කාල වලදී දේශපාලන පක්ෂ මිනිසුන් කෙරෙහි වඩාත් හැඟීම්බර වන තරමට, මිනිසුන් එම පක්ෂයේ සන්නාමය සහිත ඕනෑම දෙයකට අන්ධ ලෙස සහයෝගය දැක්වීමට ඇති ඉඩකඩ වැඩිය.


ගල් පැලෙන ඇත්ත...😒👌


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

8.9k 0 11 117 329

ඔබ දන්නවාද?

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ තම භාර්යාවට ගෙදර දොරේ වැඩවලට උදව් කරන පිරිමින් වඩාත් සතුටින් සිටින අතර වැඩි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන බවයි.


සිරිමත් සැමියා...😌


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

9.3k 0 79 7 394
Показано 20 последних публикаций.