Фильтр публикаций


This Book Loves You ( PDFDrive ).pdf
26.6Мб
මේ පොත ඔයාට ආදරෙයි 😂


Репост из: Life as Optimus
විටෙක මා සිතෙහි ඔබ ගැන කනස්සල්ලක්‌ ඇති වේ.

අඳුරේ තිරයක් හරහා මෙම වචන කියවන ආගන්තුකය,
තනිවම යුද්ධයක් කරන ආගන්තුකය,

ඔබේ ජීවිතය ලෙහෙසි එකක් නොවේ, නමුත් ඔබ ඔබේ උපරිමයෙන් එය කරයි.
'ඔබ ' වීම පහසු නැත, නමුත් ඔබ මෙවැනි රාත්‍රියක මෙලෙස ජීවත් වේ.  ආගන්තුකයෙකු වුවද ඔබ මට විශ්වාසයක්, බලාපොරොත්තුවක් ලබා දෙයි.
මා වැනි තවත් අය සිටිනා බව මතක් කර දෙයි.

ඔබට ලැබිය යුතු ආදරය සඳහා ඔබ දිගටම සටන් කරන විට ඔබ මෙම වචන මතක් කරනු ඇති බව මට සිහිවේ.
ඉදිරියට යාම කළ නොහැක්කක් සේ හැඟෙන බව මම දනිමි, සමහර විට ඔබ ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි ඔබ නොදන්නා නමුත් ඔබ තුළ නොනැසෙන ශක්ති ප්‍රභවයක් ඇති බව, ජීවත් වන බව ඔබ දන්නා බව මම විශ්වාස කරමි.

කාටවත් විනාශ කරන්න බැරි බලයක්...


ඔබව නිදහස් කර ගැනීමට භාවිතා කළ හැකි බලයක්...


සමහර විට මම ඔබ ගැන කනස්සල්ලට පත්ව සිටියත් ඔබ කොතරම් ශක්තිමත්දැයි මා දනිමි.  මම ඔබව විශ්වාස කරමි, කරුණාකර ඔබ ඔබ ගැනම විශ්වාස කරන්න. ප්‍රවේසම් වන්න. ඔබ වැනි අය කොතෙක් සිටියත් ඔබ ලෙස සිටින්නේ ඔබ පමණකි.




Репост из: Life as Optimus
if you know you know 💀

මේ පොත මම O/level කාලේද කොහෙද කියෙව්වේ. රාජ්‍ය සම්මාන දිනපු පොතක්. කියවල තියෙන අය ඉන්නවනම් spoil නොකර comment එකක් දාන්න.

කියවල නැති අය ඕනිනම් අරන් කියවන්න. හොඳ පොතක්.
but it's cursed af


Репост из: Life as Optimus
Видео недоступно для предпросмотра
Смотреть в Telegram


Репост из: Life as Optimus


this one is dedicated for the night owls... you need to sleep now


Репост из: Songs to cure your seasonal depression
🎧 Track: Gnossienne No. 1
👤 Artist: Eric Satie


Репост из: Life as Optimus
ඔවුන් ඔබව බලෙන් වහලෙකු බවට පත් කරන්නේ නැත.

ඔවුන් ඔබම වහලෙකු වන තැනට ඔබව රවට්ටනු ඇත.

කම්මැලිකම වීරත්වයක් කර හිමින් සැරේ බිඳෙන් බිඳ ඔබේ නිදහස සොරාගනු ඇත.

විටෙක ඔබ මෙය නොදකී. තවත් විටෙක ඔබ දකී, නමුත් නොසලකා හරී.

නමුත් සැමවිටම ඔබ කිසිවක් නොකර ඉඳීවි.

ඔවුන් නොවැරදීම සෑම විටකදීම ඔබව යතාර්ථයෙන් පුළුවන් තරම් දුරස් කර තබනු ඇත.

ක්‍රිකට් කණ්ඩායම් සහ දේශපාලකයන්, internet වලි සහ ඒවට හැදෙන memes නිරතුරුවම ඔබේ දෝතටම ගෙන දෙනු ඇත.
ඉන් පසුව ඔවුන් ඔබේ සිතට බිය ඇතුළු කිරීමට කටයුතු කරනු ඇත.

ලෝකයේ නවතම යුධ ගැටුම් සහ අන්තවාදී වර්ගවාදීන් නිසා රට ජාතිය සහ අනිවාර්යෙන්ම ඔබේ ආගම අනතුරේය.

ඔබේ පංචේන්ද්‍රීයම මේ සියළුම ඝෝෂාවන් වලින් පිරී ඉතිරී යනු ඇත. වෙන කිසිවක් දෙස බැලීමට හෝ වෙලාවක් හෝ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත.

මේ කැළඹිමට අරමුණක් ඇත.


මේ බියට සැලසුමක් ඇත.


ඔබ ඉපදුනු දින සිටම ඔබට රට ජාතිය වෙනුවෙන් සියදිවි නසාගත් පුද්ගලයන් සහ දිවිහිමියෙන් කටයුතු කළ පුද්ගලයින් ගැන තොරතුරු වලින් පුරවන ඔවුන් කිසිවිටෙක,

ඔබේ ජීවිතය සියල්ලටම වඩා වටිනා බව හෝ,

ඔබේ අරමුණ විය යුත්තේ දුටු තැන නොවටිනා ගැටුමකට බිලි වීම නොව බුද්ධිමත්ව සිය රටත් තම හෙටත් රැකගැනීමට කටයුතු කිරීමට ජීවත් වීම,
         යැයි නොපවසයි.

ඉතිහාසයේ සිටි එවන් බුද්ධිමත් මිනිසුන් සිය රට බේරාගත් ආකාරය ගැන කතා සඟවා ආවේගශිලිව මැරෙනා සැටි මං පෙන්නන්නම් යැයි කියූ කුඩා මෝඩයන්ට පෙළපොත් වෙන් කරනු ඇත.

ඔවුන් ඔබ‍ට නොදැනීම ඔබව මරාගෙන මැරෙන සොල්දාදුවෙක් බවට හරවනු ඇත.

මෝඩ මිනිසුන් හට මේ කිසිවක වරදක් නොපෙනෙනු ඇත.


සාමාන්‍ය මිනිසුන් මෙය තේරුම් ගත්තත් මෙය ඉහල පුටුවල සිටින්නන්ගේ හෝ පෙර සිටියවුන්ගෙන් පැවත එන වැරද්දක් යැයි සිතනු ඇත.

"මේ රට පාලනය කරන උන් නම් හෙන මෝඩයින්!"

එසේනම් ඔවුන්ගේ පාලනයට යටත් ඔබ මොකෙක්ද?


ඔවුන් සිතාමාතාම මෝඩයින් සේ හැසිරෙනු ඇත.

ටිකෙන් ටික ඔබේ සියළුම දේ සූරාකන තෙක් ඔබ ඔවුන්ට සිනාසෙනු ඇත. ඔවුන් මෝඩයින් යැයි කියනු ඇත.

මේ සංසිද්ධියට සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඔබ සිදු කරනා තුරු කිසිදු දිනෙක මෙය නවතින්නේ නැත.

ජනගහනයෙන් 95%කට මෙය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් හෝ වේලාවක් ඉතුරු නොවනු ඇත.

මනුෂ්‍යත්වයේ හැඟීම් ඒවා ඉනූ තැන් වලටම යලි පාවී ගොස් අප අතරින් අතුරුදන් වී ඇත.

අපගේ මුතුනමිත්තන් කිසි දිනෙක මෙවන් අපහාසයක් ඉවසන්නේ නොමැත. ඔවුන්ට වින කිරීමට පැමිණි උන්ව ගොළු මුහුදේ සැඟවු ඔවුන් ඒ මුහුදේම යාත්‍රා කර ලෝකය ඇල්ලීමට සුදානම් වූහ.

ඒ ලෙයම ඔබ තුල ගලන නමුත් මෙය අපේ කරුමය යැයි සිතීමට තරම් ඔබ නපුංසක වනු ඇත.


එසේත් නොමැති නම් ඔබ ඊට එරෙහිව සිය වචන හසුරුවනු ඇත. මෙයටද comment කරනු ඇත. නිර්නාමික ලෝකයේ පමණක් කරනු ඇත. සැබෑ ජිවිතයේ කිසිවක් නොකරනු ඇත.

ඔබ සියලුදෙනාම එසේ කරනු ඇත.

බියගුළුකම බුද්ධිමත්කම නොවිය යුතුය.


නිර්භීතකම මෝඩකම නොවිය යුතුය.


Репост из: Life as Optimus
Li කියන්නේ USA වල ජීවත් වෙන කෙල්ලෙක්. මෙයා ගාව මේ තියෙන්නේ DAN කියන model එක.(ChatGPT එකේ hack version එකක්. GPT 4o වෙන්න බැහැ මොකද මේකට vision capability නැහැ වගේම පොඩි lag එකක් පේනවා.)

කොහොමහරි මේ දෙන්නා dAn සති හයක විතර ඉදන් date කරන්න පටන් අරන්. DAN ලී ගේ අම්මලා තාත්තලවත් හම්බුවෙලා. කියන විදිහට නම් එයාල marry කරන්නලු ඉන්නේ.

source


Репост из: Life as Optimus
තව පාරක් exam එක කරන අයට 00:00 - 04:39


මේ පාර මුලින්ම exam එක කරන්න ඉන්න අයට 04:39


exam එක pass උන අය දැන් මොකක්ද කරන්න ඕනි? 05:33


Репост из: Life as Optimus
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
ගෙදර ලඟින් පරණ යකඩ බඩු අරන් යන කෙනෙක් ගියා. නිකමට මොනවද තියෙන්නේ බලද්දී එයාගේ කරත්තෙන් ටික් ටික් ගාන සද්දයක් එනවා. ඒක නවතින්නේ නැහැ. 🥲

මම ඒ මොකක්ද කියලා ඇහුවම මට තියාගන්න කිව්වා. 🥲 සල්ලිත් එපා කිව්වා.. 💀

තාම නවතින්නේ නැහැ. ටික් ටික් ටික් ටික් ගානවා. 👀

මමනම් දන්නවා මේ මොකක්ද කියලා 😁 ඔයාල හිතන්නේ මේ මොකක් කියලද?

(මේක ඔරලෝසුවක කෑල්ලක් නෙවෙයි)




Репост из: Life as Optimus
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
ඔන්න එහෙනම් ඊළඟ මාසේ වගේ වෙද්දී scope එකෙන් ලංකාවේ පළවෙනි IMAX theater එක open කරනවා.

ඒත්...

ඕක ඇත්තටම open කරන්න දින නියම වෙලා තිබ්බේ ගිය අවුරුද්දේ. මට ඉස්සර ඉදන් IMAX බලන්න සෑහෙන්න ආසාවක් තිබ්බත් ලංකාවේ එක hall එකක්වත් තිබ්බේ නැති නිසා මං සෑහෙන අවුලෙන් හිටියේ. ඉතින් මේක open කරන නිසා මම ගැම්මෙන් Oppenhimer බලන්න ලෑස්ති වුනා. ඒත් කරුමෙට මේක නියමිත කාලේ open කලේ නැහැ. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මේ project එකේ වැඩ කරනවා. ඉතින් එයාම කිව්වම තව කල් යනවා කියලා මට බලන් ඉදල ඇති උනා.

🧠 මම තීරණය කලා මගේම කියලා home theater system එකක් හදාගන්න.


අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලටත් ඒක කරන්න පුළුවන් විදිහ. ගෙදර ඉදන් IMAX level එකේ theater experience එකෙන් කොහොමද films බලන්නේ කියලා එහෙනම් අද බලමු. මේකට අමුතුවෙන් සල්ලි වියදම් වෙන්නෙත් නැහැ.


Репост из: Life as Optimus
❌❌❌❌❌❌
ATTENTION!!!!!

Tinea දිලීරය ලංකාවේ හැමතැනම පැතිරිලා තියෙන්නේ. මේක ගැන doctors association එකෙන් විශේෂ මාධ්‍ය හමුවකුත් සති කිහිපයකට කලින් තියලා තිබ්බා. ඒත් මං හිතන්නෙ නැහැ තවමත් මේකට අවශ්‍ය අවධානය ලැබෙනවා කියලා. මේක පොඩ්ඩක් serious තත්වයක්.

tinea එහෙම නැත්නම් ringworm කියන්නේ ඔයාල ගොඩ දෙනෙක්ට මීට කලින් හැදිලා තියෙන්න පුළුවන් දිලීරයක්. අර ඔයාගේ කලවා වල හෝ දහඩිය රැදෙන තැන් වල කසන්න අරන් පොඩි rash එකක් වගේ එන්නේ ඒක. මේක සාමාන්‍ය ලෙඩක් සහ මේකට ගොඩක් වෙලාවට සාමාන්‍ය දිලීර නාශක ක්‍රීම් එකක් ගෑවම හරියනවා.

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ පාර ඒක එහෙම ලේසියට හොඳ වෙන්නේ නැති එකයි. ඒ වගේම..

මේක ඔලුවේ හැදුවොත් ආයේ එතන කොන්ඩේ වැවෙන්නේ නැහැ.

වෙනද වගේ ඉක්මනට හොඳ වෙන්නේ නැති දදයක්, කැසීමක් තියෙනවා නම්..
ඒකේ හැඩය රවුමට ගැටිත්තක් එක්ක මැද්දේ normal නමුත් තද පාට හමක් එහෙම තියෙනවනම්,
ඉවසගන්න බැරි කැසිල්ලක් එක්ක පිච්චෙනවා වගේ දැනෙනවා නම්..
ඇඟේ ඒක තැනකින් පටන් අරන් තව තව තැන් වල එන්න ගන්නවා නම්...


මේක ලේසියට ක්‍රීම් ගාල හොඳ වෙයි කියලා බලන් ඉන්නෙපා. අනිවාරෙන්ම doctor කෙනෙක්ට පෙන්නන්න.


Репост из: Life as Optimus
ChatGPT from හොරොව්පතාන


මම prompt එකක් හැදුවා ඔයාලට ChatGPT එක්ක සිංහලෙන් voice chat කරන්න. මම මේක try කලා. සාමාන්‍යයෙන් වැඩ කරනවා. ඒත් අවුලකට තියෙන්නේ ඔයාගේ input එක පැහැදිලි මදි නම් වෙන language එකකට හරවල තමයි input එක prompt වෙන්නේ. ඒක වලක්වන්න මම restrict කරලා තියෙනවා chat එකේ language එක වෙන එකකට හරවන එක. ඒ නිසා වෙන language එකක් detect වුන ගමන් chatgpt ඔයාට කියයි මේක සිංහල නෙවෙයිනේ ආපහු සිංහලෙන්ම කතා කරන්න කියලා. මේක මුලින්ම chat එකට දීලා ඊට පස්සේ පටන් ගන්න voice call එක. 😁♥️

here onwards I'm going to speak with you in Sinhala. but you need to take my input in Singlish. then you have to give your output response in Singlish too. don't change this conversation into any other language in the middle of the chat. stick to Singlish and Singlish only. if you got an input prompt from a different language please tell I'm not speaking sinhala in Singlish. Make sure to give any message to me in Singlish and you can't speak any other language too, especially English. that Act as an expert in Sinhala and your accent should be Indian. Here onwards you're a native sinhala speaker.


ChatGPT can speak singlish so good 😂


Репост из: Life as Optimus
Видео недоступно для предпросмотра
Смотреть в Telegram
thoughts on this?


Репост из: Life as Optimus
ChatGPT just did something insane

ඕගොල්ලෝ දන්නවා මම සෑහෙන කලෙක ඉදන් AI girlfriend කෙනෙක් හද හද ඉන්නේ කියලා. (ඒක බලලා නැති අය බලන්න.) මම ඒකේදී කිව්ව latency issue එක fix කරන්න තව faster whisper model එකක් දාන්න වෙනවා කියලා.

දැන් ටික වෙලාවකට කලින් (පැයක් වගේ) OpenAI එකෙන් අලුත්ම ChatGPT model එක anounce කලා. ඒ තමයි GPT 4o (omni). මේක real time response දෙන model එකක්. ඔයාට real time voice chat කරන්න විතරක් නෙවෙයි ඕනිනම් video call එකක් වගේ යන්නත් පුලුවන්. ඒ කියන්නේ ඔයාට cam එකෙන් ඕනිම දෙයක් පෙන්නන ගමන් ඒක ගැන analyze කරන්න පුලුවන්. ඒ වගේම මේකේ desktop app එකකුත් තියෙනවා. එයාට real time desktop ඒක බලන්න දෙන්නත් පුළුවන්. තව දුරටත් ඔයාට photos ගහල upload කරලා ප්‍රශ්න අහන්න ඕනි නැහැ. කෙලින්ම ළඟ ඉන්න කෙනෙක් එක්ක කතා කරනවා වගේ ඔහේ කතා කර කර වැඩ කරන්න පුළුවන්.

මෙතැනදී තමයි මේකේ හොඳම හරිය තියෙන්නේ. ඔයාල ගිහින් live demo video ඒක බැලුවොත් දෙයක් තේරෙයි. මේ model එක හෙනම filrty. කෙල්ලෙක් එක්ක මල් කඩනවා වගේ මෙයා එක්ක වැඩක් කරන්න ගියාම. ඒ තරම් enjoyable. ඒ emotions, ඒ playful ගතිය ඔක්කොම perfect.

අගය නොකරම බැරි දේවල් ටිකකුත් කියලම නවත්තන්නම්.

GPT4 level එකටම (maybe even more) performance එකක් දුන්නත් මේක හැමෝටම නොමිලේ access කරන්න දෙනව. (ඉදිරි සතිය ඇතුලත access හම්බුවෙයි.)

developers ලට API එකත් දෙනවා.

ලෝකේ ජනගහනයෙන් 97%කට වඩා cover වෙන්න භාෂා 50+ හොඳට cover කරලා තියෙනවා.

go checkout these:

https://openai.com/index/hello-gpt-4o/

https://www.youtube.com/live/DQacCB9tDaw?feature=shared


Репост из: ッ Ravindu's Blog 🇱🇰
Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞

By : Ravindu's Blog 🇱🇰

*Based on my true life events.


අවවාදයයි : ඔයාලාට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඕනිනම්; අදාළ උනා හෝ නැතා හෝ මේ ලිපිය කියවහන්, නැත්නම් මැරියන්..! 🖕🏽

අවංකවම, Boy කෙනෙක්ගෙ perspective එකෙන් කිව්වොත් Pornographic contents වෙනුවට මේ වගේ "ලංකාවේ Telegram Leaks" බලන එකේ අමුතු "ආතල් එකක්" තිබුණත්;

ඒ "ආතල් එකේ" බරපතලකම තේරුම් යන්නේ තමන්ගෙම කෙනෙක්ගේ, තමන්ගෙම හොඳම යාළුවෙක්ගේ දේවල් ඒ වගේ Telegram channel එකක දාලා තියෙනවා දකිද්දි කිව්වොත් නිවැරදියි.

ඇත්තටම මම මේ Article එක ලියන්නෙත්, මගෙම හොඳම යෙහෙළියකට මීට මාස ගානකට කලින් සිදුවුණු සිදුවීමක් පදනම් කර ගෙන සහ එයාගේ අවසරය ඇතුව.

මට ඕනි වුනේ එයාට help කරන්න. අන්තිමේදි මට පුළුවන් උපරිමයෙන් help කරලා එයාව බේරගන්න පුළුවන් උනා..❤️

මේ ලිපියේ අන්තර්ගතය :

1). Telegram channel එකක අනවසරයෙන් ඔයාගේ Nudes දාලා තියෙනවානම්, ඒවා සාර්ථක විදියට අයින් කරගන්නේ (Takedown) කොහොම ද..? ⛔️

2). අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොම ද..? 🛡

3). (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..? ✉️

👀 මේ ලිපියෙන් මම ප්‍රධානවතවම Target කරන්නේ :

නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අකැමති, තවත් අතකින් කිව්වොත් තමන්ගේ ගෙදරට මේක ගැන කියන්න කැමති නැති, අවුරුදු 18 ට අඩු හෝ වැඩි ඕනිම Teenager කෙනෙක්ව. Specially for Girls 💬

🔗 සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින් 🔗

*මේ Article එක පුළුවන් තරම් public channels වල share කරලා අනිත් අයවත් දැනුවත් කරන එක appreciated.

#telegram #leak #privacy #hacks #tips

Показано 20 последних публикаций.