🇱🇰 📚 කතා මැදුර Official_™ 📚 🇱🇰


Гео и язык канала: Индия, Бенгальский
Категория: Книги


💖 සිත්සේ ලියන්න 💖
✨ කවියෙකු රචකයෙකු වන්න ✨
🌹ලස්සන ලස්සන videos චිත්‍ර බලන්න.🌹

🏡 රචකයින්ගේ නවාතැන්පලට එකතු වන්න..🏡
t.me/kathamaduraofficial/511
කතෘ අයිතිය රකිමින් ඔබේ නිර්මාණ සැමටම අප යොමු කරන්නෙමු..💖
Join 🇱🇰📚 කතා මැදුර Official_✓™ 📚🇱🇰

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Бенгальский
Категория
Книги
Статистика
Фильтр публикаций


2024,

හෙණ විතරක් අඩු වුන
Toxic මිනිස්සු නිසා,
වැරදි තීරණ (Academic 😁) නිසා
දරුණුවටම වැටිච්ච

හැබැයි,දුන්නක වගේ
ගබඩා වෙලා තිබ්බ,
මටම විශ්වාස කරන්නත් බැරි,
පට්ටම ශක්තියක් තිබ්බා කියල අඳුරගත්‍ත

ඉස්සරහ අවුරුදු ගානකට මාරම strong මනුස්සයෙක් හදපු

ජීවිතේම පට්ටම අත්දැකීම් එකතු කරපු 2024 🥹❤️

2025 ට,(ජීවිතේ වැදගත්ම අවුරුද්දට)

"දීපු රිහර්සල් එක ප්‍රයිස්ලස්" 🙌


Yassa ❤️

ලබන අවුරුද්ද සුබම වේවා❤️


@kathamaduraofficial


තන්තුවෙන් බරදාලා ඇදගෙන යන්න
නුඹව මට බරවැඩි නැහැයි සිතුවා
වාත ප්‍රතිරෝදය වලක්වන්
මාත් දුරගමනක් යන්න නම් හිතුවා
ටිකෙන් ටික දුරයද්දී
ආනත තලයකට ආවහම
නුඹෙනුත් හයියක්
දැන් නොලැබෙනබව මට දැනුණා
නුඹේ බරවාගේම
ඈ ඇතිකළ ඝර්ෂණ බලයත්
මගේ ප්‍රේමයේ බලයට සමාන වුණා
නුඹව ඉහලට අරගෙන එන්න
කප්පිය හරහා මං පහලටම ගමන්කරා
මාව බිමවැදී නැවතුනු කල
නුඹට එකතැනක හිඳුමත් නොරිසි වුණා
තන්තුවේ භේදක බලය ඉක්මවා
මගේ ග්‍රහණයෙන් ඈතට නික්මුණා
නුඹත් දෙවරක් නොසිතා
ඒකාකාර ත්වරණයෙන්
ඈ වෙතට ලංවුනා

#samoo


අඩියටම වේලිලා පෑරුණු
ඉරිතැලීගිය මැටි පතුරුවල...

ගිනි තියාගෙන මැරිය යුතු වූ
ටොන් ගනන් බර වේදනාවල...

ඉරුණු තිරයක කෑලි අහුලා
අලවලා හිම කැට අතුල්වල...

හුළග එනතෙක් බලා නැතිකොට
තනිව දැල්විණි පහන් පාමුල..🪔

Yassa ❤️


@kathamadura_official⚡️


හීන් හිරිකඩ ළහිරු කිරණ මැද
විහඟ කිචි බිචියේ අපූරුව මැද
නෙළා මල් මිට දරා සුරතෙ අද
කිසිත් නොකීයා කඩදහිය ගෙන

හෙමි හෙමින් මා නුඹව දැකුමට
පියනගාගෙන සිත්පිනාගෙන
අසල වූ අරලිය ගසෙන් සුදු
අරලිය මලක් දෝතට නෙලා ගෙන

විහඟ රැල අද මඟ කියාවිද
වෙනදා මෙන් අද මඳ සුළඟ නැත
නුඹේ සිත් ගත් මල් ගවුම හැඳ
එන්නෙමී නුඹ හා දොඩන්නට

පුරා මසකුත් ගෙවීලා දැන්
නුඹෙන් පිළිතුරු තාම නෑවිත්
දැන දැනත් කවි ලියනවා තව
ඔබෙන් පිළිතුරු කවි නොආවත්


කන්ද පාමුල වෙතට ඇවිදින්
හීන් කඳුලින් දෙනෙත තෙත් කර
නවා ගුලිකර ලියුම් කඩදහිය
තබා යන්නම් නුඹේ සොහොන මත

ගිය දිහාවෙන් ඉක්මනින් දැන්
ඇවිත් යනවද කුමරුනේ මා
කල්ප ගණනක් බලා ඉන්නම්
නුඹෙන් පිළිතුරු කවිය එනකම්


#samoo


✍️ Samodha Sandeepani


හැකියි නම් ලොව සනසවන්නට
නිවුණු හදවත් සෑම.......

හිට්ලරුත් එයි නිවාගන්නට
දැවෙන හදවත තාම.....

පන්හිඳට බැරි වුණා කවදත්
නිවන්නට ගිනි මෙහෙම.....

ගිනි නිවී ගියෙ නම් ඉතින් අද
කවිකුත් නෑ ලෝකෙට....


#samoo


නිල් පාට හදවත්-අපූරු මිනිස්සු 💙


නිල් පාට කවි අතර
කදුවලට අයිති හීතල හංගන
අපූරු මිනිස්සු හිටියා

ගිනිකදු උනත් නිශ්ක්‍රීය කරන
ගිනි පුපුරු පහුබෑවා!
උන්ගෙ නිල් බිංදු වචන ළග

Yassa ❤️


@kathamadura_official⚡️


තුඩින් තුඩ ගුරු සිතින්

තුඩින් තුඩ ගුරු සිතින්
සිප් කිරි පොවා
පෙමින් පෙම ගුරු පෙමින්
අප හදවත් සනා
විටින් විට වීදියක මං පෙවූ
ගුරු තරුව නුඹම විය...



පෙව් සිප් කිරිවල ණය ගෙවන්න
දවසක් මදි ඇත්තයී
නුබේ සෙනෙහේ ගුණ ගයන්න දවසක් මදි
නිසැකයි ...


දහසක් තරු දිදුලවන්න දැරු
වෙහෙස අපමණයි
වදිම් පා යුග දණ නමා
මෑණියණී පියතුමනි නුඹේ දෙපා..



Niluu 🌺


අපේ Owner brother ගෙ තවත් එකක් 🌚❤️

@kathamaduraofficial
@kathamadurachats


නෙතු නොනිද හැම රෑම
මැව් හීන නුබ එක්ක
බොද වෙන්න මං දෙන්නෙ නෑ

කවිකාර මං මෙතන තනිවෙනව හැමදාම
නුබ ගැනම මැව් හීන ගොළු වී

මං මවන ඒ හීන කවි කරල තබන්නෙමි..
නිරතුරුව මැදියමේ තනියෙන්

ඒ සෑම කවියක්ම කියවන්න එනවාද
හැමදාම මං නුබෙන් අසමී

සඳ ගාව තනි වෙන්න මං ආස කෙරුවාට
සඳ තාම ලැතැවේවි සිතකින්......

Piyawee...💙


අලුතින් නිර්මාණ එවන රචකයින් මෙම Bot හරහා ඔබේ නිර්මාණය යොමු කරන්න..❤️

🇱🇰 📚 කතා මැදුර Official_™ 📚 🇱🇰

@kathamaduraCC_bot


කවිය නුඹ......✍️

හදබැඳි පද එකතුකර
දැනෙන හැඟුමන්
වචන කරගෙන
එළිසමය නිසිලෙස
ගලපවාගෙන
අවැසි මොහොතෙම
ලියනු සිතුනත්
කවිය මගෙම වේවිද
කතෘ අඥාත වේවිද 🥀

සිතමින්.....

සිත දෙගිඩියාවෙන්
තවම නොලියූ
කවිය නුඹ.......
🫴

#samoo



✍️ Samodha Sandeepani


කප්පරක් මෙන්
ප්‍රේමෙ තිබුණත්
ඔහුගෙ නාමෙන්
හදවතේ


ඔහුට දිවියට
ඔහුට සවියට
අවැසි මල නම්
මා නොවේ


#samoo


නිශ්ශබ්ද කවියක්
නුඹට පමණක් ඇසෙන
......🫴



ඇහිපිල්ලමක් ගානේ
ප්‍රේමයෙන් සැනැස්වූ
අහිමි බව දැන දැනත්
නොබැඳෙන්න නොරිස්සූ
හිම්හාන අහස යට
මල්වැස්ස සදාලූ
නුඹව මට මිරිඟුවක්
තනි හිතට පැලැන්ඳූ


#samoo


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Nelligala night vibe 😍


අම්මලා මුල් වගේ...❤️

තද හුළං ඇති දාක
ගැලවිලා වැටෙන්නට
නොදි ගස් රැකගත්තු
අම්මලා මුල් වගේ...

නියගයට ඉරිතලපු
හදවතට තෙතමනය
අරන් හිත සනසවපු
අම්මලා මුල් වගේ...

ලෝකයම මියදේදි
පණ ඩිංග රැකගන්න
හුස්ම පොදි තුරුළුකල
අම්මලා මුල් වගේ...

Yassa❤️
——————————-————————————-


#kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats


සසර වසනා තුරා ඔහු හා
හිඳින්නම් ඈ කියා සිටියා
වසරකුත් නිමවන්න කලියෙන්
ඉගිල ඈ ඈතටම ඇදුනා
අලවන්න කැබලිත් නොමැති තරමට
හදවතම බිඳ දමාලූවා
ඇහිදාර ඇලවෙන්න තරමට
හඬන්නට ඔහු හටත් සිතුනා
පිරිමි හිතකට හැඬුම් තහනම්
ලෝකයක් කියනවා ඇසුණා
සියුම් ලණුපොට එකතු කර ඔහු
ලෝකයෙන් නික්මෙන්න සිතුවා
ලෝකයේ වචනයට අවනත
ඔහුගෙ දිවියම නිමා වූවා
හඬන්නට අවසර නොදුන්
මුළු ලොවම ඔහු වෙත දෝස නැගුවා

කඳුළකින් වේදනා නිමකර
ලන්නේ ගැහැණිය පමණද
ඉතින්
කවුද කියනුයෙ පිරිමි හිතකට
හඬන්නට තහනම් කියා


#samoo



✍️ Samodha Sandeepani


දවාලට දල්වා එලි
දුරක් ගැන නොදැක
මීදුමක සිරවී
ගැටී නොමියෙනු හිතවත! ✨

Yassa❤️
——————————-————————————-


#kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats


නුඹේ ඇස් දිහා බලන්
මං සැනසුනා වරුවක්
නුඹෙන් දුරකට යන්න
සිතුනෙ නැහැ මොහොතක්
සිත වැළපෙනා මොහොතෙ
ඔය උරහිස මහ සවියක්

මගෙ දෙනෙත් දෙස බලන්
නුඹ කීවේ එක වචනයක්
ආදරෙයි රත්තරන්
නුඹට මම ලෝකෙට තරම්

තිගැස්සී ඇහැරුනා
ඇසී අමුතුම හඬක්
එලාම් එක කෑගසයි
මගෙ හීන පොඩිකරන් 😪


#samoo





Показано 20 последних публикаций.