ගෝත්‍රිකයෝ


Гео и язык канала: Индия, Тамильский
Категория: Технологии


♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️
♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼
Founder - @Abeysinghe2K

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
Технологии
Статистика
Фильтр публикаций


ඕනෑම අතිදක්ෂ රියදුරකු පවා තැති ගන්වන නැග්මක් සහිත පාලමක් තමයි මේ.

ජපානයේ එෂීමා ඔහාසි පාලම ලෝකයේ තුන්වැනියට භයානකම පාලම ලෙසින් හදුන්වන අතර එහි උස කෙතරම්ද කියනවානම් ඕනෑම විශාල නැවකට වුනත් මේ පාලමට යටින් ගමන්කළ හැකි බවයි සදහන් වෙන්නෙ.

නකායුම් ජලාශය හරහා ඉදිකර තිබෙන මේ පාලම දිගින් කිලෝ මීටර් 1.7 සහ පළල මීටර් 11.4 ක් වන අතර මේ පාලමේ නැග්ම සියයට 6.1 ක් සහ බෑවුම සියයට 5.1 ක් වෙනවා.


උඹ මගගෙයි ඉඩමත් ලියා ගෙන අම්මව බලාන හිටපං" කියන්න පොඩි එවුන්ට සිද්ධ වෙන්නෙ මේ වගේ නසරානියො පවුලෙ හිටියොත් තමයි.

ට්‍රම්පච්චිගෙ පුංචි අම්මගෙ පුතෙක් මීට කළින් බ්‍රසීලයේ හිටියා. බොල්සොනාරෝ කියල. ලෝකයට හුස්ම සපයන්නේ බ්‍රසීලයට වැඩි අයිතියක් ඇති ඇමේසන් වනාන්තරය. ලෝකයට හුස්ම දුන්නට තමන්ට පාන් දෙන්න එකෙක් නෑ කියල බොල්සොනාරෝ ඇමේසන් වනේ හේන් කොටලා වගා කරන්න ගොවියන්ට ඉඩ දුන්නා. ඒත් හොඳ වෙලාවට ලූලාට පැරදිලා කණයා ගෙදර ගියා.

ග්ලැසියර දියවීමේ බරපතළකම තේරුම් ගත්ත ග්‍රීන්ලන්ත ආණ්ඩුව 2021 දි දූපතේ තෙල් කැනීම නැවැත්තුවා. ඒත් තඹ, ලිතියම්, කොබෝල්ට්,නිකල් වගේ ලෝහ කැනීම ගෑන ග්‍රීන්ලන්තය ලොකු උනන්දුවක් දක්වනවා. ඒකෙ හොඳම තාක්ෂණය තියෙන්නෙ ඇමෙරිකානුවන් ළඟ. ඒ නිසා තමයි ඇමෙරිකාව එක්ක එකතු වෙලා ඛණිජ ගවේෂණයට කැමති බවට ග්‍රීන්ලන්තයෙන් ග්‍රීන් ලයිට් එකක් පත්තු වුණේ.

ග්‍රීන්ලන්තය අයිති කර ගන්න ට්‍රම්ප් කුරුමාණම් ඇල්ලුවට ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි. තමන්ගෙ දීර්ඝ කාලීන අඹ යාලුවො ඔක්කොම තරහ කරගෙන තමයි ඒ ගමන යන්න වෙන්නෙ. ඊට අමතරව ජාත්‍යන්තර ගිවිසුම්, එකඟතා කණපිට හරවන්න වෙනවා. 1917 දි එවකට එක්සත් ජනපද ජනාධිපති වුඩ්රෝ විල්සන් ග්‍රීන්ලන්තය සදහටම ඩෙන්මාර්කයට අයිති බවට එකඟ වුණා. ඒ වගේම ග්‍රීන්ලන්තය මිලට ගන්නවානම් වැඩි අයිතිය තියෙන්නෙ තමන්ට බව දැන් මහා බ්‍රිතාන්‍යයත් කියනවා. ඒ කාලයේ කැනඩාව තිබුණේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොටසක් විදියට. ග්‍රීන්ලන්තය තියෙන්නෙ කැනඩාවෙ මායිමේ.

ග්‍රීන්ලන්තය විතරක් නෙවෙයි. කැනඩාවටත් ට්‍රම්පච්චි දැන් බැල්ම දානවා. කැනඩාව එක්සත් ජනපදයේ කොටසක් වුණානම් ඔවුන්ට වඩා හොඳ සමෘද්ධියක් ළඟා කර ගන්න පුළුවන් බව ට්‍රම්ප් කියනවා. ඒ වගේම පැනමා ඇලේ අයිතියත් තමන්‍ට උවමනා බව කියනවා. ට්‍රම්ප් මේව කියන්නෙ කට කහනවට නෙවෙයි. ට්‍රම්ප්ගෙ ඔලුවෙ වැඩ කරන මීළඟ ඇමෙරිකානු අධිරාජ්‍යය තමයි මේ එලියට එන්නේ.

ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට එකතු වුණොත් ඔවුන්ට ස්වාධීන පොහොසත් රටක් විදියට ගොඩ නැඟෙන්න උදව් කරන බව ට්‍රම්ප් කියනවා. ග්‍රීන්ලන්තයේ ජනගහණය 57000යි. අපේ කඹුරුපිටියෙත් මිට වැඩිය සෙනඟක් ඉන්නවා. ට්‍රම්ප්ගෙ ඉලක්කය තමයි මේ මිනිස්සුන්ව පොලඹවන එක. ට්‍රම්පච්චි ඒ ඔක්කොම Mar-a-Lago රිසෝට් එකට ගෙන්නලා තෙලක් බෙදුවත් පුදුම වෙන්න දෙයක් නෑ. ග්‍රීන්ලන්ත ප්‍රජාව නඩත්තු කරන එක ඇමෙරිකාවට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒත් ඒ වෙනුවෙන් ලැබෙන ඉඩම ධන උල්පතක්.


ට්‍රම්පච්චි AirForce One ගුවන් යානයේ ඉඳන් අද ආයෙත් ග්‍රීන්ලන්තයට බෝම්බයක් දැම්මා. ග්‍රීන්ලන්ත වලිය දැන් නැඟලම යනවා. අලියෙක් ඇතිකරන ඇත්ගොව්වෙක් වගේ මෙච්චර කල් ඩෙන්මාර්ක්ලා ලෝකයේ ලොකුම දූපතේ අයිතියට හිමිකම් පෑවා. ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ අයිතිය යටතේ තිබුණ බව ඇත්ත. ඒත් ඒක නිවිහැනහිල්ලේ ස්වාධීනව පාලනය වෙච්ච රටක්.

දැන් ට්‍රම්පච්චි බට කැළේට ගිනි තියල ඉවරයි. යුරෝපය හා ඇමෙරිකාව අතර පිහිටි මේ මහාද්වීපයක් වගේ වූ දුපත ධන ආකරයක්. අයිස් කඳුවලින් වැහිච්ච මහා භුමියේ තියෙන ස්වාභාවික සම්පත් මෙතැකැයි කියන්න බැහැ. ඒ වගේම මෙය වැදගත් උපාය මාර්ගික කලාපයක්.

ධවල මන්දිරයට ආපසු ආවට පස්සේ ට්‍රම්ප් හෙමීට ඩෙන්මාර්කයට මුට්ටිය දාල බැලුවා. අගමැතිනි ෆෙඩරික්සන් එක්ක ට්‍රම්ප් මහත්‍තයා ටෙලිෆෝනයෙන් රංඩු සරුවල් වූ බව ආරංචියි. ඒත් මේ ට්‍රම්පච්ච්ගෙ බඹරෙ වැල්ලෙත් කැරකෙන කාලෙ. උන්නැහේට වාසි වැඩියි. ඩෙන්මාර්කය පාලනය කරන්නෙ කාන්‍තාවක්. කොහොමත් කාන්තා පාර්ශවය බිමදාගන්න හැටි ට්‍රම්ප් දන්න්වා. හිලරියි, කමලාදේවියි කොච්චර උඩ පැන්නත් ට්‍රම්ප්ට අභියෝගයක් වුණේ නැහැ.

ඩෙන්මාර්ක් කියන්නෙ යුරෝපයේ ඇබැත්තන් රටක් වුණත් හොඳ පරම්පරාවකින් පැවත එන රටක්. හිට්ලර් බල පරාක්‍රමයේ උපරිමයෙ ඉන්න කාලෙ යුදෙව්වො ඉන්නවානම් තමන්ගෙ රටට එවන්න කියල වටේ පිටේ රටවලට නියෝග දුන්නා. හිට්ලර්ට බයේ පෝලන්තය වගේ ලොකු රටවල් පවා තමන්ගෙ රටේ ඉන්න යුදෙව්වො කුදලාගෙන යන්න නාසි ගෙස්ටාපෝ පොලීසියට ඉඩ දුන්නා. ඒත් ඩෙන්මාර්කය පුංචි වුණත් තමන්ගෙ රටේ යුදෙව් පුරවැසියො පාවල දුන්නෙ නෑ. හිට්ලර්ගෙ මකර කටට ගිය යුදෙව්වන්ගෙ ඉරණම ලෝකයම දන්නවා.

ග්‍රීන්ලන්තය අල්ල ගන්න ආවොත් බලාගෙනයි කියන්න තරමේ යුරෝපා නායකයෙක් දැන් නැහැ. යුරෝපය කියන්නෙ එහෙම වුණොත් අලුත් සීතල යුද්ධයක් ආරම්භ වෙයි කියල. ට්‍රම්ප් ඔය සීතල යුද්ධවලට බය නැහැ. ඩෙන්මාර්කය යුරෝපා සංගමයේ වගේම නේටෝවෙත් සාමාජිකයෙක්. ඇමෙරිකාව තමයි නේටෝවෙ ලොකු අයියා. ඉතින් ලොකු අයියා මෙහෙම තග දාන කොට පොඩි මල්ලිට වෙන්නෙ "ඔන්න මම කෑ ගහනවා" කියන්න විතරයි.

ග්‍රීන්ලන්තය විකුණන්නෙ නෑ කියල ඩෙන්මාර්ක් නෝනා ආඩම්බරෙන් කිව්වට ඇමෙරිකාවෙ උදව් පදව් නැතිව මේ දැවැන්ත අයිස් ගබඩාව අල්ලන් ඉන්න එක ඇයට ලේසි වෙන්නෙ නෑ. අංක එකේ මුදලාලි කෙනෙක් වෙන ට්‍රම්ප් දන්නවා විකුණන්නෙ නැති ඒව සින්න කර ගන්න හැටි. හරියට මතුගම ජගත් මුදලාලි වගේ. දැනටමත් ට්‍රම්ප් ඩෙන්මාර්කයට ආර්ථික තර්ජන කරල තියෙන්නෙ.

ඒ අතරෙ ග්‍රීන්ලන්ත අගමැතිතුමාගෙ හිතෙත් පොඩි විචිකිච්චාවක් තියෙන බව පේනවා. තමන්ගෙ තඩාර් දූපත ඩෙන්මාර්ක් වගේ ඇබිත්‍තන් රටක කෑල්ලක් කියන එක උන්නැහේට මදි කමක්. ඩෙන්මාර්කය යටතේ කිසිදු අනවශ්‍ය බලපෑමක් නැතිව ස්වයංව පාලනය වෙන ප්‍රදේශයක් විදියට හැඳින්වුවත් ග්‍රීන්ලන්ත අගමැති මියුට් ඊගට් ඊට මනාප නැහැ. තමන්ට පූර්ණ නිදහස උවමනා බව ග්‍රීන්ලන්තය මීට කලිනුත් රෙඩ් ලයිට් පත්තු කරල තිබ්බා.

ට්‍රම්ප්ගේ චණ්ඩි කතාවට ඩෙන්මාර්කය කළබල වුණත් ග්‍රීන්ලන්තය ඒ තරම් ඇඟට අරන් නෑ. අගමැති ඊගට් කියන්නෙ තමන් ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ට විකුණන්නෙ නැති වුණත් ඇමෙරිකාව සමඟ එක්කහු වෙලා ඛණිජ සම්පත් ගවේෂණයට මනාප බවයි. ඒ වචනෙ ඉතින් ට්‍රම්පච්චිට ඉහටත් උඩින්. "ඛණිජ සම්පත් ගවේෂණය" වගේ ලොකු වචනවලින් කිව්වට ට්‍රම්ප් ඒකට කියන්නෙ mining එහෙම නැත්නම් drill කියල.

මේ අවුරුදු හතරෙ ට්‍රම්ප්ගෙ ඒකායන බලාපොරොත්තුව තමා පොළොව හාරන එක. We will drill baby drill "හාරමු පුතී හාරමු" කියල තමන්ගෙ පදවි ප්‍රාප්ති දවසෙම කිව්වෙ ඒකයි. පොළොව යට ධන නිධාන තියන් ඒව පුස්කන්න ඉඩ දෙන්න බැහැ කියලයි ට්‍රම්ප් කියන්නෙ. එක්සත් ජාතීන්ගෙ සංවිධානය පුනර්ජනනීය බලශක්තිය (Renewable energy සංකල්ප උස්සගෙන දුවන්නෙ චීනයේ උවමනාවට බවයි ට්‍රම්ප්ගෙ අදහස. ලෝකයේ තමන්ට තියෙන අංක එකේ ආර්ථික බලය චීනය පැත්තට තල්ලු වෙන්න තමන් ඉඩ නොතබන බව ඔහු කියනවා. ට්‍රම්ප් තමන්ගෙ දෙවැනි ඉනිමේ බැට් කරන්න පටන් ගත්තෙම පැරිස් දේශගුණික සම්මුතියෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙලා.

හැබැයි ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ගෙ ඔඩොක්කුවට වැටෙනවා කියන්නෙම ලෝක ලෙඩක්. ගෝලීය ඌෂ්ණත්වය ඉහල යෑම නිසා ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු හා ග්ලැසියර ටිකින් ටික දිය වී ගෙන යනවා. ග්‍රීන්ලන්ත පොළොවේ තෙල් සම්පත් තිබුණට කවුරුත් මෙච්චර කල් ඒව ලොකුවට හිතුවෙ නෑ. ආක්ටික් කලාපයේ සමතුලිත බව නැති වීම ලෝකයේ පැවැත්මට අහිතකර විදියට බලපාන බව හංගන්න දෙයක් නෑ. ඇමෙරිකාව රුසියාවෙන් ඇලස්කාව සල්ලිවලට ගත්තට තාම ඒක හාරන්න ගියෙ නෑ. දැන් ට්‍රම්ප්ගෙ ඔලුවෙ තියෙන්නෙ මේ සංවේදී කලාප දෙකම හාරන එක.

ලෝකයත් එක්ක තියෙන බැඳීම්වලින් ඈත් වුණාම ඕන පිස්සුවක් නටන්න පුලුවන්. පාරට කානුව හරවන උන්දැලා කරන්නෙ මුලින්ම ගමේ මිනිස්සු එක්ක තරහ වෙන එක. ආර්ථික හා පාරිසරික තර්ජනවලින් ලෝකයේ භූ දේශපාලන දිශානතිය තමන්ගෙ පැත්තට හරවගන්නනම් ජාත්‍යන්තරය Blackmail කරන්න ඕන කියල ට්‍රම්ප් හිතනවා ඇති. "අනේ ලොකු අයියේ..




Видео недоступно для предпросмотра
Смотреть в Telegram


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


මොනවහරි දෙයක් එක දිගට කරද්දි එපා වෙනවානන් මතක් කරගන්න ස්ටෝෆල් කියලා හනි බැජර් කෙනෙක් අප්‍රිකාවේ ඉන්නවා කියන එක.

ස්ටෝෆල් සංරක්ෂණ මධ්‍යස්ථානයට ගෙනාපු පලවෙනි අවුරුද්දෙ දෙපාරක් කූඩුවෙන් එලියට පැනලා අසල්වාසි සිංහ රැලේ ඇල්ෆට පහර දෙනවා. මේ යකාගෙන් සිංහයො බේරගන්නයි සිංහයන්ගෙන් මුව බේරගන්නයි ඊට පස්සෙ කූඩුව වෙනස් විදිහට හදනවා. ඒ පාර ස්ටෝෆල් කූඩව යටින් හාරගෙන පනිනවා. ඒ බේරන්න බැරි තැන කූඩුව මීටර් දෙකක් පොළව යටට යන්න හදනවා. ඒ පාර කොන්ක්‍රීට් එකේ පැල්මවල් හාරලා පනිනවා. ඒකට විසඳුමක් විදිහට මෙට්ල් ශීට් දාලා වහනවා. ඒ පාර කූඩුව උඩින් පනිනවා.

⁣මේ යකාව බේරන්න බැරි තැන ඌට බැජර් කෙල්ලෙක් ගෙනත් දෙනවා විසේ අඩුවෙන්න. ඌ කෙල්ලටත් උගන්නනවා කූඩුවේ බෝල්ට් අරින්න. බෝල්ට් දෙකක් දාලා තියෙන කූඩුවෙ දොරේ උඩ බොල්ට් එක හැමී (කෙල්ල) ව යවලා ඇරවලා යට බෝල්ට් එක පොර අරිනවා. ඊට පස්සෙ හැමී එක්ක පැනලා යනවා.

දෙකෙන් එකක් විසඳන්න කියලා ස්ටෝෆල්ව දාන්න කොන්ක්‍රීට් කූඩුවක් හදනවා. අනිත් දවසේ ස්ටෝෆල් පනින්නෙ කුඩුව ඇතුලේ ගස්වල වැටෙන අතු එකතු කරලා ඉනිමඟක් හදන්. ඒ පාර ගස් අතු ඔක්කොම අයින් කරනවා. පොර ගල් එකතු කරලා පඩිපෙලක් හදනවා. ඒ පාර ගල් අයින් කරනවා... වැඩේ ඉවරද ? නෑඒ පාර මැටි ගුලි හදලා පඩිපේලියක් හදනවා.

රේක්කයක් අමතක වෙලා කුඩුවේ දාලා ගියාම රේක්කේ අරන් ගිහින් අයිනට තියලා ඒකෙන් නැගලා පනිනවා.

ස්ටෝෆල්ගෙ චෝදනා පත්‍රයේ සිංහයන්ට පහර දීමට අමතරව කුඩුවෙන් පැන අහල කුස්සියක කෝකියන් බිය ගන්වා කෑම සොරකම් කිරීම, මුවන් ආදී සතුන් ඝාතන චෝදනා,වෙනත් සතුන් තැති ගැන්වීම් ආදී විශාල ප්‍රමාණයක් තියෙනවා.

දැන් මේ ලියලා තියෙන්නෙ බොරු කියලා හිතෙනවානන් යුටියුබ් ගිහින් ස්ටෝෆල් ගැන බලන්න..

ඒකයි කියන්නෙ කරන වැඩේ අතාරින්න එපා. 😑
Don supz




රේඩාර් වලට හසු නොවන නෞකාව.

ලොක්හීඩ් ස්කන්ක් වර්ක්ස් විසින් නිර්මාණය කරන ලද නව රහස් නෞකාවක් වන සී ෂැඩෝ උසස් තාක්‍ෂණය භාවිතයෙන් රේඩාර් අනාවරණයෙන් වැළකී සිටීම සඳහා නිර්මාණය කරන ලද නෞකාවකි.. එහි කෝණික සැලසුම සහ රේඩාර් අවශෝෂක ද්‍රව්‍ය (RAM) වලින් ආලේප කරන ලද මතුපිට එහි රේඩාර් සලකුණු සැලකිය යුතු ලෙස අඩු කරයි.එය කිසි විටෙකත් මහා පරිමාණ නිෂ්පාදනයන්ට ඇතුළු නොවූවත්, සී ෂැඩෝ නාවික ඉංජිනේරු විද්‍යාවේ සන්ධිස්ථානයක් බවට පත් වූ අතර, රහස් ආරක්ෂක තාක්ෂණයේ විප්ලවීය සංකල්ප හඳුන්වා දීමෙන් නවීන හමුදා නැව් සංවර්ධනය හැඩගස්වා ඇත.

උපුටා ගැනීමකි.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


🍃 10. තීරණ ගැනීමේ ආකෘතියක් භාවිතා කරන්නත් ඔයාට පුලුවන්.

ඔයාගෙ සිතුවිලි ව්‍යුහගත කිරීමට උදවු කළ හැකි සරල තීරණ ගැනීමේ මෙවලම් තියෙනවා.

🍄 ප්‍රෝ සහ කොන් ලැයිස්තුව: තීරණයක වාසි සහ අවාසි බලාගැනීමට එක් එක් විකල්පයේ වාසි සහ අවාසි ලියන්න.

🍄 තීරණ න්‍යාසය: එකිනෙක සංසන්දනය කිරීමට එක් එක් විකල්පය සඳහා විවිධ සාධකවලට ලකුණු පවරන්න. (උදා: පිරිවැය, ප්‍රතිලාභ, පහසුව, ආදියට ලකුණු දෙන්න)

🍄 SWOT විශ්ලේෂණය: ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන දෙස බැලීමෙන් එක් එක් තීරණ තක්සේරු කරන්න. 🌻❤️🥰

✍️ Ishara Somarathna - Upmind
(Psychologycal counselor)


ඔයත් තීරණ ගනිද්දි ඕනවට වැඩිය හිතන කෙනෙක්ද?
ඔයාගේ තීරණ ගැනීමේ හැකියාව දුර්වලයි කියලා ඔයා හිතනවද?

ගොඩක් වෙලාවලට මිනිස්සු හරි අසරණ වෙන තැනක් තමයි ජීවිතේ තීරණ ගැනීම කියන්නේ.

නිවැරදි තීරණ නොගැනීම නිසා ජීවිතේ ලැබෙන්න තියෙන වටිනා අවස්තා නැති වෙන වෙලාවල්, අනපේක්ශිත දේවල් වලට මුහුණ දෙන්න වෙන වෙලාවල් අපිට තියෙනවා.

තීරණ ගැනීම කල්පනාකාරීව කළ යුතු දෙයක් වුණත්, කුඩා, ක්ශනික තීරණ ගැනීමේදී පවා ඇතැමුන් හරි දුර්වලයි.

බය වෙන්නෙපා, හැම කුසලතාවයක් වගේම තීරණ ගැනීමත් අපිට පුහුණුවෙන් වැඩි දියුණු කරගන්න පුලුවන් දෙයක්.

ඒ වෙනුවෙන් ඔයාට උදව් වෙන පියවර කීපයක් මම කියන්නම්.

🍃 01 . ඔයාගේ බුද්ධිය විශ්වාස කරන්න

🍄 තීරණ ගන්න ගොඩක් වෙලාවට ඔයාට ඔයාගෙම අභ්‍යන්තරය මඟ පෙන්වන අවස්ථා තියෙනවා. සමහර විට, අපි හොඳම තීරණය ගන්න ඕන කියන දේ නිසා ගොඩක් දේවල් ගැන තාර්කිකව හිතන්න යනවා.

ඒකෙන් වෙන්නෙ අපි දන්නෙම නැතුව overthink කරන එක. තාර්කිකව දේවල් හිතන එක වැදගත් තමයි. ඒත්, ඔයාගෙ අභ්‍යන්තරයෙන් එන පිළිතුර විශ්වාස කිරීම, තීරණ ගැනීමේ ප්‍රබල මෙවලමක් වෙන්න පුලුවන්.

🍄 මොළයෙන් දෙන ඉඟිය: ඔයාට දෙයක් ගැන මුලින්ම ප්‍රතිචාරයක් දැනෙනවනම්, ඒක අනුගමනය කරන්න උත්සාහ කරන්න.

මොකද ඔයාගෙ බුද්ධිය එක දෙයක් කියනවනම්, ඒකට හේතුව හරියටම පැහැදිලි නැති වුණත්, ඒකට හේතුවක් අනිවාර්යයෙන්ම තියෙන්න පුලුවන්.

🍃02. තත්වය කුඩා කොටස් වලට කඩන්න.

🍄 ඔයාට තීරණය ගන්න ඕන තත්වය කුඩා කොටස් වලට කඩා ගන්න.

උදාහරණයක් කිව්වොත්: ඔයා අලුත් රැකියාවකට යන්න ඕනද කියලා තීරණය කරනවනම්, ඔයාට වැදගත් වන මූලික අංග ගැන හිතන්න: වැටුප, වැඩ-ජීවිතේ ඉතුරු කාලය, ස්ථානය සහ ඉහළට යා හැකි අවස්ථා වගේ දේවල් ගැන හිතන්න.

🍄 ඔයාගෙන්ම මෙහෙම අහන්න: දැන් ඔයාට අත්‍යවශ්‍යම සාධකය මොකක්ද? විශාලතම දිගුකාලීන ප්රතිලාභ ගෙන එන්නේ මොන විකල්පයද?

🍃 03. පරිපූර්ණ වීමට නොයන්න. : මතක තියා ගන්න. ඔයා ගන්න තීරණ පරිපූර්ණ වෙන්න ඕන නැ. ඔයාගෙ ඉලක්කය වෙන්න ඕන ගැළපෙන තීරණයක් ගැනීම මිස පරිපූර්ණ තීරණයක් ගැනීම නෙමෙයි.

🍃 04. නරකම අවස්ථාව සලකා බලන්න

🍄 අවදානම් දෙස බලන්න: සමහර විට අපි තීරණ ගද්දි පසුබට වෙන්නේ " වැරදි" තේරීමක් වෙයි කියන බය නිසා වෙන්න පුලුවන්. ඉතිං තීරණයට යන්න කලින් ඔයා "වැරදි" තීරණයක් ගත්තොත් ඒකෙන් වෙන නරකම අවස්ථාව ගැන හිතන්න.

බොහෝ වෙලාවට, නරකම අවස්ථාව අපි හිතන තරම් නරක නොවන අතර, ඒ ගැන දැන ගැනීමෙන් අපිට ඉදිරියට යන එක පහසු වෙනවා.

🍄 උදාහරණය: ඔයා රැකියාව භාර ගැනීමට තීරණය කරලා ඒත් ඒක සාර්ථක නෑ වගේ හිතෙනවනම්, ඔයාට පුලුවන් ඒ වෙනුවෙන් වෙනත් අවස්තාවක් හොයාගන්න. ක්‍රියාමාර්ග ගන්න. එතකොට පුලුවන් ඔයාට බොහෝ විට සිරවී ඇති හැඟීම පසුකරලා ඉදිරියට යන්න.

🍃 05. ඔයාට පාලනය කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කරන්න

ඔයාගෙ පාලනයේ ඇති දේ මත පදනම්ව තීරණ ගන්න: සිද්ධ වෙන හැම දෙයක්ම අපිට පාලනය කරන්න පුලුවන් දේවල්ම නෙමෙයි.

🍃 06. කුඩා තීරණ සමඟ පුහුණු වෙන්න

ඉක්මන් තීරණ ගැනීම ඔයාට අපහසුයි වගේ හැඟෙනවනම්, කුඩා, අඩු පීඩනයක් ඇති තේරීම් සමඟ පුහුණුවීම් ආරම්භ කරන්න.

🍄 රෑට කන දේ, අඳින දේ, හෝ චිත්‍රපටියක් බලන්න ඕනද, එලියට යන්න ඕනද වගේ දේවල් ඉක්මනට තීරණය කරන්න පුරුදු වෙන්න.

කුඩා තීරණ ඉක්මනින් හරියටම ගන්න පුරුදු වුණාම, පසුතැවීම් නැති වුණාම, ඔයාට ඔයා ගැනම විශ්වාසයක් ඇති වෙනවා. එතකොට ලොකු තීරණ වුණත් ඔයාට බය නැතුව ගන්න පුලුවන්.

🍃 07. විකල්ප අවම කරන්න

අපිට තියෙන බොහෝ තේරීම් විශාල වෙන්න පුලුවන්. තෝරා ගන්න බොහෝ විකල්ප තියෙද්දි, තීරණ අංශභාගය ඇති වෙන්න පුලුවන්. 😁

🍄 විකල්ප සරල කරන්න: බහුවිධ විකල්පවලට මුහුණ දෙන කොට ඔයාගෙන්ම මෙහෙම අහන්න: "මගේ වටිනාකම් එක්ක වඩාත්ම අර්ථවත් වෙන හෝ වඩාත් ගැලපෙනවා කියලා හැඟෙන විකල්පය මොකක්ද?"

🍃 08. වැරදි කිරීමට ඇති ඔයාගෙ බිය පිළිගන්න

🍄 බය සාමාන්‍ය දෙයක්. හැබැයි බයට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්නෙපා. තීරණ ගැනීමේදී අපහසුවෙන්නෙ අපි වැරදි තේරීමක් කරන්න තියෙන බය නිසා. වැරදි වුණාට කමක් නෑ. වැරදි කියන්නෙ ඉගෙන ගැනීමට තියෙන අවස්ථා කියලා හිතන්න.

🍄 ඔයාටම සමාව දෙන්න: තීරණය වැරදියි නම්, ඒක ලෝකයේ අවසානය නෙමෙයි. ඔයාට ඒකෙන් ඉගෙන ගෙන ඊළඟ වතාවේ වඩා හොඳ තීරණ ගන්න පුලුවන්.

🍃09. අතීත තීරණ ගැන මෙනෙහි කරන්න

🍄 අතීත තීරණ දෙස ආපසු හැරී බලන්න: ඔයා අතීතයේ තීරණ ගත් අවස්ථා ගැන හිතන්න. ඔයා ඒ තත්ත්වයන් එක්ක කටයුතු කරපු ආකාරය සහ ප්රතිඵල මොනවාද යන්න මෙනෙහි කරන්න.

බොහෝ වෙලාවට, ඔයා මීට පෙර හොඳ තීරණ අරගෙන ඇති බව ඔයාට පේන්න පුලුවන්. ඒක ඔයා ගැන ඔයාටම විශ්වාසය ගොඩනැඟීමට උදව් වෙනවා.




ෆෝමියුලා 1 ලෝක ශූර මැක්ස් වර්ස්ටාපන් ව වසර 5 ක කොන්ත්‍රාත්තුවකට ලබා ගැනීමට ඇස්ටන් මාර්ටින් කණ්ඩායම මේ වන විට සාකච්ඡා අරඹා ඇතැයි වටින් ගොඩින් "ගොසිප්" ඇහෙනවා.

ඒ බ්‍රිතාන්‍ය පවුම් බිලියන 1 කට. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.22 කට.

ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි 36,100 කට.

කෙසේ නමුත් මැක්ස් රෙඩ්බුල් කණ්ඩායම අතහැර යාමේ කිසිදු අරමුණක් නැති බවට රෙඩ්බුල් කණ්ඩායම විසින් ප්‍රකාශ කරලා තියෙනවා.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නැතැයි ඇස්ටන් මාර්ටින් කණ්ඩායමත් ප්‍රකාශ කරලා තියෙනවා.

හැබැයි මේ ෆෝමියුලා 1... හැමදේම සිදු වෙන්න චාන්ස් තියෙන තැනක්. බලමු මොකද වෙන්නේ කියලා.

සිව් වතාවක් ෆෝමියුලා 1 ලෝක ශූරයා වන මැක්ස් තවමත් පසුවෙන්නේ 27 හැවිරිදි වියේයි.


වර්ථමානයේ ලොව විශාලතම තෙල් ප්‍රවාහන නෞකාව හෙලස්පොන්ට් අල්හම්බ්‍රා වන අතර එය බොරතෙල් ටොන් 441,893 ක් ප්‍රවාහනය කළ හැකිය .නෞකාව එතරම් විශාල වුනත් එය මෙහෙයවන්නේ සාමාජිකයින් 37 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පමණයි.

⭕️ එහි නිශ්චල බර ටොන් 441,893 ක් වන අතර, මුළු දිග මීටර් 380 කි.පළල මීටර් 68 ක් වේ. ටැංකියට බොරතෙල් බැරල් මිලියන 3.2 ක් දක්වා රැගෙන යා හැකිය.

⭕️ එය 76 rpm හි කිලෝ වොට් 36,900 ක් ජනනය කරන HSD-Sulzer 9RTA84T-D එන්ජිමකින් බල ගැන්වෙන අතර එය සම්පූර්ණයෙන්ම පටවන විට නාවික සැතපුම් 16.5 ක වේගයක් සහ ඉන්ධන බර නොමැති විට නාවික සැතපුම් 17.5 ක වේගයක් ලබා ගැනීමට හැකි වේ.

⭕️ වැඩි දියුණු කළ ආරක්ෂාව සඳහා ද්විත්ව නැව් බඳකින් නිර්මාණය කර ඇති මෙම නෞකාව, ඉන්ධන ටැංකිවල විඛාදනය අවම කිරීම සඳහා හිරු එළිය පරාවර්තනය කිරීම මෙන්ම භාණ්ඩ සිසිල්ව තබා ගැනීම සහ හයිඩ්‍රොකාබන් විමෝචනය අඩු කිරීම සඳහා සුදු තීන්ත ආලේපනය කර ඇත.

උපුටා ගැනීමකි.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
අද දින දියත් කිරීමේදී Elon Musk ගේ SPACE X යාන පුපුරා ගිය අවස්ථාව ගත් වීඩියෝ දර්ශන 🚀☄️😢


🐦‍⬛🐦‍⬛🐦‍⬛🐦‍⬛😾😾
ඕස්ට්‍රේලියාවේ සමහර පක්ෂීන්, විශේෂයෙන් දුඹුරු උකුස්සා දැවෙන ලී කූරු අහුලාගෙන නොදැවුණු ප්‍රදේශවලට දැමීමෙන් හිතාමතාම ලැව්ගිනි පතුරුවන බව නිරීක්ෂණය වී ඇත. "ගිනි පැතිරීම" ලෙස හැඳින්වෙන මෙම හැසිරීම කුඩා ක්ෂීරපායින්, උරගයින් සහ කෘමීන් වැනි ගොදුරු පිටතට තල්ලු කිරීමට උපකාරී වන අතර එමඟින් ඒවා අල්ලා ගැනීම පහසු වේ

#Bee3
#Wildfire




21)DMT ඒමත් නැත්තන් ඩයිමෙතිල්ට්‍රිප්ටමීන් මත්ද්‍රව්‍යයට නිරාවරණය වුණු උදවිය බහුතරයක් හොඳටම වැදුණම විචිත්‍ර,විච්චූරණ වාමනයෝ,කුරුමිට්ටොන්ව දකින සංසිද්ධියක් තියෙනවා. එක පර්‍යේෂණයකදී පරික්ෂාවට බඳුන් කරපු dmt භාවිතකරන්නන්ගෙන් 78%ක් විතර මේ කුරුමිට්ටොන්ව දැකලා තියෙනවා.මේ සංසිද්ධියේදි පේන අද්භූත කුරුමිටි රූපවලට කියන්නේ machine elves කියලා.

22)මිනිස්සු ස්වභාවිකව ඇඟෙන් යම් ආලෝකයක් නිකුත් කරනවා. මේ ජෛව සංදීප්තිය තව වැඩියි අපේ ඇඟේ කැන්ඩිඩා වගේ දිලීර ආසාදනයන් තිබුණොත්.ඒත් ඒ ආලෝකය මිනිස් ඇහැට ගෝචර ආලෝකයට වඩා 1000 ගුණයක් විතර ප්‍රබලත්වයෙන් අඩුයි.

23)ඇමෙරිකා එක්සත් ජනපදයේ විතරක් වාර්ෂිකව වෛද්‍යවරුන්ගේ අව්ල් අත් අකුරු නිසා වෙන වැරදීම්වලින් 7000ක් විතර මැරෙනවලු.මිලියන 1.5ක් විතර වෙන ආබාධයන්,අහිතකර අතුරුඵලවලට මුහුණදෙනවලු.



Kavitha Mahawatta

Показано 20 последних публикаций.