ගෝත්‍රිකයෝ


Гео и язык канала: Индия, Тамильский
Категория: Технологии


♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️
♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼
Founder - @Abeysinghe2K

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
Технологии
Статистика
Фильтр публикаций


කැමතිනම් මේ හොඳ පුරුද්ද ඉගෙනගන්න. 👍

දියුණු රටවල් වල බහුතරයක් අය හැදිලා තියෙන්නෙ තමුන්ට හිතවත් කෙනෙක්ගෙ හැර වෙන කිසි කෙනෙක්ගේ පෞද්ගලික තෙරතුරු අහන්නැතුව සංවාදයක යෙදීමේ හැකියාව සහිතවයි.

කෙනෙක්ව හොඳින් හඳුනාගැනීමට පෙර අනන්‍යතා තොරතුරු, වීසා ගැන, ජාති, ආගම්, මූල්‍යමය තොරතුරු, කෙට්ටු ඇයි? මහත ඇයි? ලෙඩ රෝග තියෙනවද? ලමයි හදන්නැත්තෙ ඇයි?, ලමයිගෙ ලකුණු කීයද? කසාද බඳින්නැත්තෙ ඇයි? කාවද බැඳල ඉන්නෙ? යාලු වෙලාද? ඉඩම් කඩං තියෙනවද? වැටුප් කීයද ?, බිල් වියදම් වගේ පෞද්ගලික තොරතුරු ඇසීම උචිත නෑ.

UK, Australia , Canada, New Zealand සහ සමහර Europe රටවල් වල, ඔයා කෙනෙක්ගෙ හොඳම හිතවතෙක් නෙමෙයිනම් basic information හැර පෞද්ගලික දේවල් අහන,හාරවුස්සන එක අශිශ්ට පුරුද්දක් විදිහට දකින්නෙ.

ඒත් ලංකාවෙ බහුතරයක් හිතන්නෙ,
ඔයා එයාලට ඔයාගෙ පෞද්ගලික තොරතුරු හාරවුස්සන්න ඉඩ නොදුන්නොත්, ඒ තොරතුරු නොකිව්වොත් ඔයාගෙ ලොකු කම හෝ ඔයාගෙ අෂිශ්ට පුරුද්දක් කියලා. 😁😁.

විහිලුවට අහන දේවල් හැර,
කෙනෙක් තමුන්ව හොඳින් ආශ්‍රය නොකරනකන්, පෞද්ගලික තොරතුරු නොකියනකන් ඒවා අහන හෝ හාරවුස්සන එක කැත පුරුද්දක්.

සමහරු කියයි, ඒක අපි අනිත් අය ගැන හොයල බැලීමක් කියලා, ඒත් අනිත් අයට අපහසු නොවෙන විදිහට සොයාබලන්න, ඕපදූප හොයනවාට වඩා වෙනත් ක්‍රම ඕන තරම් තියෙනවා. 😉

ඇත්තට මනුස්සයෙක් එක්ක සංවාදයක යෙදෙනවා නම් ඕන තරම් විදි තියෙනවා, කතාකරන්න ඕන තරම් දේ තියෙනවා.
අපේ අය බහුතරයක් පුරුදු වෙලා තියෙන්නෙ පෞද්ගලික දේ අහලා සංවාදෙ යෙදෙන්නයි. සමහරු නොකිවුවාට මෙකෙන් අපහසුතාවායට පත්වෙනවා, සමහරුන්ගෙ හිත් රිදවෙනවා. ඒත් බහුතරයේ පුරුද්ද නිසා ලොකුවට Upset බව පෙන්නන්නෙ නෑ.

අපෙ රටවල් වල ගොඩක් අය ගහමරාගන්නෙ , අමනාප වෙන්නෙත් සීමාව ඉක්මවා අනිත් අයගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීම නිසා.

ලංකාවෙ සමහරු පිටරට ගිහින්, ලංකාවෙ අයව ආශ්‍රය නොකරන්න ප්‍රධානම හේතුවක් තමයි මේක,
අපේ ගොඩක් අය දන්නෙ නෑ අනුන්ගෙ පෞද්ගලික දේට ඇඟිලි නොගසා ජීවත් වෙන්න. ඉතින් අපේ අයගෙන් ඈත්වෙලා ජීවත් වෙන එක නිදහස් කියල හිතෙන්නෙ.

ඔයා පිටරටක ජීවත් වෙනව නම් " Respecting People's Privacy " ( මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම) කියන එක කරන්න ගත්තොත් ගොඩක්ම වැදගත් වෙයි. නැත්තන් පශ්න සහ වැරදි වැටහීම් ඇති වෙයි..
අපේ රටේ අය ඉවසුවට, පිටරටවල් වල බහුතරයක් අය තමන්ගෙ පෞද්ගලිකත්වයට ගරු නොකරනවාට හරිම අකමැති. සමහරු කන පිරෙන්න කියයි, සමහරු නීතිමය පියවර ගනී. 😐

පෞද්ගලික තොරතුරු දැනගන්න අත්‍යාවශ්‍යනම් මුලින් හිතවතෙක් වෙන්න, ඒත් තොරතුරු වැඩිය නොකියනවානම් අහන්නෙපා. මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහන්නෙපා. ඉවසන්න පුරුදු වෙන්න. නැත්තන් ඔයාව අප්‍රසන්න චරිතයක් ලෙස දකී.

පිටරට විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ලංකාවෙදිත් ගරු කරනවා නම් ප්‍රශ්න ගොඩක් අඩු වෙයි. ❤️

කැමතිනම් විතරක් මේ දෙය පිලිපදින්න. ඔබේ ශුභසාධනය වෙනුවෙන් කියන්නෙ.
UK BOSA

උපුටාගැනීමකි. මුල් හිමිකරුට ස්තූතියි




පෞලත් එක්ක බඩු ගන්න ගියාම බුජ්ජිමත් විචක්ශණෂීලී සුවාමිපුරුසයෙක් ලෙස මම සුපර් මාකට් එකේ එක එක තැන් වල තියෙම එක එක ඩීල් පිරික්සා බලල පෞලගෙ අවධානය ඒ දෙසට යොමු කරනවා ... මගෙ විචක්ෂණශීලීභාවය කොපමන උනත් මොකක හරි ග්‍රහ චාරයේ වැරද්දක් නිසාද කොහෙදෝ ඒ වගේ අවස්ථාවන් බොහෝවිට නිමාවට පත්වෙන්න පෞල මගේ සායම ඇරලා ....

මෙදවසත් එවැනි අඳුරු වැසිබර මූසල සැඳෑවක් ....

"බබා බලන්න 500ml පොල් තෙල් පැකට් 750/=වෙනුවට 610/= කරලා ... ලීටරේ බෝතලේ ගන්නවට වඩා මේකෙන් දෙකක් ගත්තනං වැඩේ හරි ... "

වාසිදායක ඩීල් එකක් සොයාගැනීමේ උද්‍යෝගයෙන් මම කිවුවා ...

පෞල එහා රාක්කේ මොනවද බලන ගමන් මගේ දිහාවත් නොබලම අහපි

" දැන් ලිටරේ බෝතලේ ගන්නවට වඩා ලාබෙ කීයද එතකොට "

එක එකාගෙ ලාබ අලාබ බැලුවට අපිට ලාබයක් කරගන්න මේ ගෑනිගෙ උනන්දුවක් නැති හැටි ....

"610/= දෙකක් කියන්නෙ 1220/= නෙ ... එතකොට බෝතලේ ගන්නවට වඩා ....

ලීටරේ බෝතලේකුත් අතට අරගෙන මම ගෑනිට ලාභෙ පෙන්නන්න හැඳුව විතරයි ...

යකෝ ඒකත් 1225/= යි ....

කිරි පොල් තෙල් මෝල් කාරයා ... මූව සෙක්කුවක දාල අඹරන්න එපැයි ....

"කීයක් ලාබද බබා ... ?? "

කලින්ම වැඩේ දැනගෙන ඉඳපු ගෑනි මගේ සද්දෙ නැවැත්තුව නිසා
කුප්ප හිනාවකට කට තදකරගෙන ලඟට ඇවිත් ආයෙත් අහනවා ..

බෝතලයක් කිවුවාම 750 mlයි , බෝතලේ ලීටරේට ගහලා ගාන දාලා නිසා පැටලුනේ කතා කියලා වැඩක්නෑනෙ දැන් ... අනික වට් සෝ එවර් ... තාම මම ටෙක්නිකලි හරි ...

"ටෙක්නිකලි රු 5/= ක් ලාභයිනෙ ඉතිං .....

මම මගෙ නිවර්ද්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියා ... හැබැයි වචනවල ෆුල් පරාජයේ දෝංකාරය ගැබ්වෙලා තියෙන්න ඇති ...,"ටෙක්නිකලි " ... 😋😋😋 කියලා ගෑනි හිනාඋනා විතරක් නෙවෙයි පරාජයේ දෝංකාරය එහාපැත්තෙ බඩු තෝරපු ඇන්ටිටත් ඇහිලා ... කන්නාඩි දෙක උස්ස උස්ස හිනා උනා ..
ඒ විතරක්නං මැදෑ ...
ෆුඩ් සිටියෙ වැඩ කරන කෙල්ලෙකුටත් ඇහිලා ... ඒකිත් චිකි චික ගාලා හිනා උනා ....

බඩු අරගෙන ඉවරවෙනකං මම සද්ද වහලා හිටියා ...
ගෑනි දෙතුන් පාරක්ම අලගට ඇවිත් ...

"ටෙක්නිකලි අපිට මේක ගත්තොත් කීයක් ලාබද අහ අහා දිගටම මගේ විචක්ෂණශීලී ස්වාමි භක්තිය උපහාසයට ලක්කරමින් මාව අපහාසුතාවයට ලක්කරා ...

බයිසිකලේ නැගල එනන්න හදනකොට මම ඇහුවා ..
තව මුකුත් ගන්න නෑනෙ ... ??

"ටෙක්නිකලි නෑ .... ☠️☠️☠️"

පිරිමියෙක් ඒ තරම් උපහාසයට තම ගෑනිගෙන් හෝ ලක්වීම සර්වබලධාරී දෙවියන් වහන්සේ අනුමත නොකරන්න ඇති ...
ඒ නිසා රිටන් එක දීමේ ඒ සුභ පනිවිඩය මට උන්නානසේ විසින් පෙන්නුම්කල වදාලා ...

මේ ප්‍රාන්තෙ පදිංචියට ආව කාලෙම අපි දෙන්න සොපින් යනකොට පෞල ඔය වගේම පොල් තෙල් ගන්න කියලා ගියපු ඔයිල් මාට් එක ...
මමත් රෙද්දක් ඇඳන් මේකිව බයිසිකලේ තියාගෙන මේ හන්දියෙන් ආයෙ යන්න ඕනෙ නිසා කඩේට ගිහින් පොල් තෙල් කීයද අහන්න කලින් මම පැනලා අතින් අල්ලල නවත්ත ගත්තා ඉතිං ...

"මෝඩි... බලපිය කඩේ තියෙන අනිත් කෑන් ... මේකෙ තියෙන්නෙ එන්ජින් ඔයිල් ... "

"ඒ උනාට ... මේක ඔයිල් කඩයක්නෙ ..
කෑන් වල තියෙන්නෙ ඒව උනාට අර ඉස්සරහ තියෙන්නෙ තෙල් එන කරකවන ටැප් එක තියෙන බැරල් ... ??? "

අම්මප ගෑනුන්ට දෙයක් කියලා තේරුම් කරන්න තියෙන අමාරුවක් ... තෙල් එන ටැප් එකක් පෙන්නෙනවා දැන් මේකිට මම ...

යකෝ ... බලපිය බැරල් එකේ ලෝගෝ එක ... ලාෆ් එකේ පොල් තෙල් විකුණනවද බොල ...

"ඒ උනාට ඒව පොල්තෙල් දා ... "කියල ගෑනි තර්ක කරනකොටම , අපෙ පෞල පොල් තෙල් විතරක් එනවා දැකල තිබුන, තෙල් එන කරකවන ටැප් එකෙන් රතුපාටට එන්ජින් ඔයිල් වක්කරලා කඩේ අයියා කස්ටර්මර් කෙනෙක්ට දුන්නා ...

එදා මම වෙන්න ගිය නස්පැත්තය නැවැත්තුවෙ නැතිනම් ... කඩෙ එකාට ඔය බැර එකේ තෙල් අරගෙන පෙන්නනම වෙනවා අපෙ පෞලට .. නැතිනම් කඩේ එකා පොල් තෙල් නෑ කිවුවත් අපේ ගෑනිනෙවෙයි ඔයිල් මාට් එකේ පොල් තෙල් නෑ කියලා පිළිගන්නෙ ....

එහෙම හොද කරපු.. නව නින්ගිරාවෙන් පෞලව බේරපු මටනෙ මේ අපහාස ...

දෙන්නං උබට කියලා ...
නැවැත්තුවා කඩේ ඉස්සරහ බයිසිකලේ ...

" කඩෙ අයියගෙන් අහන්න බබා මෙතන පොල් තෙල් කීයද කියලා ... මං එතකොට කියන්නං ටෙක්නිකලි අපිට කීයක් ලාභද කියලා ... "

ඕන්න ගෑනිට සිහි උනා පෙර කල අකුසල් ...
එතැන් පටන් ගෙදර එනකං නෝ අපහාසා උපහාස
සයිඩ් කන්නාඩියට පුප්පනවා .. ඔරවනවා විතරයි ...

ඒකනෙ කියන්නෙ ඉතිං ...
පෞලට එච්චරක් පුලුවන්නං මිනිහට කොච්චරක් පුලුවන්ද මෙතන ... 😈😈😈




⛯ වෙද පප්පගෙ අරිෂ්ඨ වට්ටෝරුවේ රහස 💪 ⛯

මුලින්ම කියන්න ඕනෙ මේක ප්‍රසිද්ධ fan theory එකක්. මේකෙ විදිහට නම්, සූර පප්පා (Asterix and Obelix) කතා මාලාවෙ එන මැජික් අරිශ්ඨය හදන වෙද පප්පා විසින් ඒකට දාන වට්ටෝරුවත් එක්ක රහස් අමුද්‍රව්‍යයක් දානවා කියලා කියනවා. ඒක නිසා තමයි මේ අරිෂ්ඨය තුල සුපිරි බලයක් ගැබ් වෙලා තියෙන්නෙ. ඒ වගේම ජිම් පප්පා පොඩි කාලෙ මේ අරිෂ්ඨය කල්දේරමට වැටිලා නිසා, පොඩි කාලෙ ඉදන්ම ඒ සුපිරි බලය ජිම් පප්පට තියෙනවා කියලත් වෙද පප්පා ඒ කතාවෙදි අපිට කියනවා. ඒ වගේම වෙද පප්පා ජිම් පප්පට නැවත අරිෂ්ඨය බොන්න දෙන්නෙත් නෑ මේකට හේතුව මොකක් කියලද ඔයා හිතන්නෙ.

Fan Theory එකේ විදිහට නම් මේ ගෝල් දේශයේ ඉපදුනු ජිම් පප්පාට සුපිරි බලයක් හම්බෙන්නෙ අරිෂ්ඨ කල්දේරමට වැටුන නිසා නෙවෙයි. ජිම් පප්පා උපතින්ම Super Human බලයක් තියෙන පුද්ගලයෙක් කියලා තමයි මේකෙ හැටියට කියවෙන්නෙ. ජිම් පප්පා වයස අවුරුදු 6 දි වෙදපප්පාගේ අරිෂ්ඨය හදපු කල්දේරමට වැටුනයින් පස්සෙ මේක බොන හැමෝටම මේ සුපිරි බලය තාවකාලිකව ලැබුනයි කියලා වෙද පප්පා දැකලා තියෙනවා. ඉන් පස්සෙ තමයි මේ වෙද පප්පගෙ අරිෂ්ඨ වට්ටෝරුවෙ රහස් අමුද්‍රව්‍ය විදිහට ජිම් පප්පගෙ කෙස් ගහක් මේකට එකතු කරන්න පුරුදු වෙලා තියෙන්නෙ. ඒත් ජිම් පප්පා බුද්ධිමත් කෙනෙක් නොවන නිසාත්, තමන්ගෙ බලය ගැන ලොකු අවබෝධයක් නැති නිසාත්, මේ ගෝල් දේශයේ ආරක්ශාව මේ බලය මත රදා පවතින නිසාත්, ගමේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක් වුනු සූර පප්පාව යොදවලා තියෙනවා මේ ජිම් පප්පාව බලාගන්න. ඒ නිසා තමයි ඒ දෙන්නා පොඩි කාලෙ ඉදන්ම නිතරම එකට ඉන්නෙ. මේ Fan Theory එක ගොඩක් දුරට ඇත්ත වෙන්න පුලුවන් එකක්.

ඒ වගේම මෙහෙම කතාවකුත් තියෙනවා. මේ ගෝල් දේශය ඇත්තටම ප්‍රංශයේ තිබුන ගමක්. රෝම අධිරාජ්‍යයා වුනු ජුලියස් සීසර් තමන්ගෙ බලයෙන් ප්‍රංශය ඇතුලුව යුරෝපීය රටවල් සියල්ලම වගේ යටත් කරන් හිටියත්, මේ ගෝල් දේශය කියන පොඩි ගම යටත් කරගන්න සීසර්ට බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව විදිහට ජනප්‍රවාද වල තියෙන්නෙත් ඒ ගමේ අසාමාන්‍ය Super Human Ability තියෙන මිනිසුන් ජීවත් උනා කියන එක තමයි. දහස් ගාණක සේනාවක් ආවත්, ගෝල් දේශයේ සාමාන්‍ය ගම් වැසියන් කිහිප දෙනෙක් එකතු වී ඒ සියල්ලම පරාජය කරන්න පුලුවන් කියලා ඒ කාලෙ ඉදන්ම ජනප්‍රවාද වල ඇවිත් තියෙනවා. මේ සූර පප්පා (Asterix and Obelix ) කියන කාටුන් එකට පාදක වෙලා තියෙන්නෙ මේ කතාව තමයි. ඒත් ඇත්ත ඉතිහාසයේ ලිඛිත සාක්ශි වලට අනුවනම් මේ ගෝල් දේශයේ හිටිය මිනිසුන්ගෙ තිබුණු අසමගිය නිසා සීසර් විසින් ලේසියෙන්ම යටත් කරගෙන තියෙනවා .

Review By Wayne




මේ ස්පාඤ්ඤයේ මීටර් 50 ට වඩා උස බාසල්ටික් කඳු මුදුනේ පර්වතකය ඉදිකරන ලද නගරයකි. එය Gerona හි Castelfullit de la Roca ලෙස හැඳින්වේ. එය මේ පාෂාණය මත කිලෝමීටර 1 කට වඩා දිගු වේ. ගෘහ නිර්මාණ ශිල්පයේ සහ ඉංජිනේරු විද්‍යාවේ අති දක්ෂ හපන්කමක් ලෙස මෙය සැලකේ.


ගිලී ගිය ඇට්ලාන්ටිස් නඟරයේ අභිරහස විසඳෙයි😮😱
...
ඇට්ලන්ටිස් හි අභිරහස තවදුරටත් අභිරහසක් නොවේ. ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝ විසින් උපුටා දක්වන ලද ඇට්ලැන්ටිස් කතාව උපුටා දක්වමින් සයිස්හි ඊජිප්තු පූජකයන් පැවසූ කතාව ප්‍රබන්ධයක් නොවේ. ඊජිප්තුවරුන් ග්‍රීක දාර්ශනිකයාට පවසා ඇත්තේ අර්ධ වශයෙන් විශාල දූපතක ,මහාද්වීපයක සහ ආසන්නයේ පිහිටි කුඩා දූපත් මාලාවක වාසය කළ මිනිසුන්ගේ පැවැත්ම ගැන ය. මේ සියල්ල පිහිටා තිබුණේ "හර්කියුලිස් කුළුණු" අසල, එනම් ජිබ්රෝල්ටාර් සමුද්ර සන්ධිය අසල ය.
...
වැලි යට සහ ජලය යට පවා පෙනෙන නවීන චන්ද්‍රිකාවලට ස්තූතිවන්ත වන අතර, මීට වසර 7,000 කට පෙර යෝධ ගංගාවක් මොරොක්කෝව සහ ඇල්ජීරියාව අතර ඇට්ලස් කඳුකරයෙන් ආරම්භ වී මොරිටේනියා වෙරළට ගලා ගිය බව සොයාගෙන ඇත . ගංගාව ඉතා පුළුල් හා දිගු වූ අතර එය කුඩා අභ්‍යන්තර මුහුදක් ලෙස සැලකිය හැකිය. මෙම ගංගාව ඇත්ත වශයෙන්ම උතුරු අප්‍රිකාවේ වෙරළ තීරයේ කොටසක් කපා විශාල දූපතක් නිර්මාණය කරයි (එය ප්‍රධාන භූමියට ටිකක් සම්බන්ධ වී තිබුණද). ඇට්ලස් කන්ද පාමුල පිහිටා ඇති බැවින් (මෙම නම තවමත් පවතී), එහි වැසියන් ඇට්ලන්ටියන් ලෙස හැඳින්වූ අතර ඔවුන් ජීවත් වූ භූමිය "ඇට්ලන්ටිස්" ලෙස නම් කරන ලදී.
...
කතාවට අනුව මහාද්වීපික කොටස පිහිටා තිබුණේ විශාල දූපත ඉදිරිපිටය. කැඩිස් ප්‍රදේශය ප්ලේටෝ විසින් ඇට්ලන්ටියානුවන්ගේ වසමේ ප්‍රදේශයක් ලෙස කෙලින්ම සඳහන් කරයි. ප්ලේටෝ විසින් සඳහන් කරන ලද මිනිසුන් ජීවත් වූ හර්කියුලිස් කුළුණු වලින් ඔබ්බෙන් ප්‍රදේශය ලෙස විද්වතුන් කිහිප දෙනෙකු දැනටමත් කැඩිස් හඳුනාගෙන තිබුණි. ඇත්ත වශයෙන්ම, ග්‍රීසියේ හෝ ඊජිප්තුවේ සිට පැමිණෙන කැඩිස් වෙත යාමට, යමෙකු ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය තරණය කළ යුතුය.
...
විශාල දූපතේ (එනම්, මොරිටේනියාවේ වෙරළ) සිට ප්‍රධාන ගොඩබිමට (එනම්, ස්පාඤ්ඤය) තුඩු දුන් කුඩා දූපත් කැනරි දූපත් විය. මීට වසර 14,000 කට පමණ පෙර ආරම්භ වූ, ජලය මීටර් 110 කට වඩා වැඩි වීමට පෙර, මෙහි දූපත් බොහෝ සෙයින් වැඩි වූ අතර, ඒවා ඇත්ත වශයෙන්ම මොරිටේනියාවේ වෙරළ තීරයේ සිට ස්පාඤ්ඤය දක්වා දිව ගියේය.
...
කෙසේ වෙතත්, මෙම පැහැදිලි කිරීම විශාල අභිරහසක් විවෘත කරයි. අප්‍රිකානු මහාද්වීපයේ භූගෝල විද්‍යාව වසර 14,000 කට පමණ පෙර, එනම් මුහුදු මට්ටම වැඩිවී ක්ෂය වීමට පෙර සයිස්හි පූජකයන් දැන සිටියේ කෙසේද? කාලයාගේ ඇවෑමෙන් ඇට්ලාන්ටිස් ගිලි ගියද, චන්ද්‍රිකාවලට පින්සිදු වන්නට අපට දැන් එහි තොරතුරු තවදුරටත් අභිරහසක් නොවේ.

තොරතුරු -පසුගිය වසර 75,000 ක සැඟවුණු ඉතිහාසය ගැන ලියැවුණු HOMO RELOADED නම් කෘතියෙනි..






මෙය ලුසියානා හි Lake Pontchartrain Causeway වේ. එය එක්සත් ජනපදයේ දිගම පාලම වන අතර එය පොන්චාට්‍රේන් විල හරහා සැතපුම් 23.79 ක් විහිදේ.
එය ලොව දිගම අඛණ්ඩ පාලම ද වේ. 🌎 පාලම නිව් ඕර්ලියන්ස් වැවේ උතුරු වෙරළේ කුඩා ප්‍රජාවන් සමඟ සම්බන්ධ කරයි.
එය කොන්ක්‍රීට් කොටස් 9,500 කින් සමන්විත සමාන්තර පාලම් දෙකකින් සමන්විත වේ.

අබලන් මෝටර් රථයක් සමඟ මෙම මාර්ගයට නොයන්න! එසේම, අවම වශයෙන් තවත් විනාඩි 45 ක් ධාවනය කිරීමට ප්‍රමාණවත් ගෑස් සහ ඔබ කිරීමට පෙර හොඳ අමතර ටයරයක් තබා ගන්න.😌




ෆීල්ඩ් විසිට් කර්තාහේ


How does Turboprop Engine Works?
A turboprop engine is a type of aircraft engine that combines the advantages of a jet engine with the efficiency of a propeller. It’s often used on regional and cargo aircraft that fly at medium speeds and altitudes. Here’s a breakdown of how it works:

1. Air Intake: Air is drawn into the engine by the compressor section.

2. Compression: The incoming air is compressed, raising its pressure and temperature. In a turboprop, this is usually done through multiple compressor stages, either axial or centrifugal.

3. Combustion: The compressed air is mixed with fuel in the combustion chamber and ignited. This creates high-temperature, high-pressure gases.

4. Turbine Powering: These high-energy gases flow through the turbine section. A portion of the turbine is used to power the compressor, maintaining the intake and compression cycle.

5. Power to Propeller: Unlike a pure jet engine, a turboprop engine directs most of its energy to drive a propeller. The turbine is connected to a reduction gearbox, which slows the high-speed turbine rotation down to a suitable propeller speed.

6. Propeller Thrust: The propeller generates most of the thrust by moving a large mass of air rearward, providing efficient lift for the aircraft at lower speeds compared to jets.

7. Exhaust: After powering the turbine, the exhaust gases exit the engine, providing some additional thrust but less than a pure jet engine.

Why Turboprops Are Efficient

Turboprops are most efficient at lower speeds (usually below 450 mph or 725 km/h) and lower altitudes. They provide better fuel economy than jets in these conditions, as the propeller moves a large volume of air at relatively low speed, achieving higher efficiency for regional flights or low-speed operations.

In summary, turboprop engines are essentially jet engines that use a propeller to create most of the thrust. This allows for better efficiency in certain flight regimes, making them ideal for shorter and medium-haul flights.




විහිළු නොදන්නා අය කියවීමෙන් වළකින්න. හුදෙක් විනෝදය සඳහා පමණි

-ඔට්ටුව-

අවුරුදු හැත්තෑවක විතර වයසක නෝනා කෙනෙක් රටේ තියන හොඳම බැංකුවට ඇවිත් බැංකුවේ පිළිගැනීමේ නිළධාරිනියට කිව්වලු

"මට බැංකුවේ සභාපතිතුමා මුණගැහෙන්න ඕනෙ" කියලා.

සභාපතිතුමා වගේ කෙනෙක්ව මුණගැහෙන්න මේ වගේ එතරම් වැදගත් පෙනුමක් නැති සාමාන්‍ය වයසක ගෑණුකෙනෙක්ට තියෙන උවමනාව එච්චර ගානකට නොගත්ත පිලිගැනීමේ නිළධාරිනිය ඒක ලේසියෙන් කරන්න බැරි බව කිව්වම තමන්ගෙ අතේ තියෙන ලොකු මල්ල පෙන්නලා අර වයසක නෝනා ආයෙමත් මෙහෙම කිව්වලු.

" මේ මල්ලෙ තියෙන්නෙ ලොකු ගානක්. මට මේ ඔක්කොම ඩිපොසිට් කරන්න බැංකුගිණුමක් හදාගන්න ඕනෙ. ඒත් ඊට කලින් සභාපතිතුමා එක්ක කතාකරන්න මම කැමතියි."

සල්ලි මල්ල දැක්කම ටිකක් කල්පනාකෙරුව නිළධාරිනිය බැංකුවෙ ඇතුලු කාමරේකට ගිහින් ටිකවෙලාවකින් ආපහු ආවා.

" වයසක නෝනා. ඔයා වාසනාවන්තයි සභාපතිතුමාට අද එච්චර වැඩ ගොඩක් නැහැ. ඒ නිසා එයාව මුණගැහෙන්න ඔයාට පුලුවන්."

එහෙම කියලා ඒ පිළිගැනීමේ නිළධාරිනිය මේ වයසක ගෑනු කෙනාව සභාපතිතුමාගෙ කන්තෝරු කාමරේට එක්කරගෙන ගියා.

"ඉතිං වයසක නෝනා...මගෙන් මොකද්ද ඔයාට වෙන්න ඕන උදව්ව?"
සභාපතිතුමා ඇහුවා.

"මේ මල්ලෙ ලක්ෂ එකසිය පනහක් තියෙනවා. මට ඕනෙ මේවා තැන්පත් කරන්න ගිණුමක් හදාගන්න." වියපත් ගෑණුකෙනා කිව්වා.

සභාපතිතුමාට පුදුම හිතුනා. මොකද මේවගේ වයසක ඉන්න කෙනෙක්ට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. ඉතිං එයා මෙහෙම ඇහුවා.

"මේ වගේ වයසකදි මෙහෙම ලොකු මුදලක් ඔබතුමීට හම්බවුනේ කොහොමද කියලා කියන්න පුලුවන්ද?"

"මොකද බැරි? මම ඔට්ටුදාලා දිනනවා."

සභාපතිතුමාට තවත් සැකහිතුනා.

"ඔට්ටුදාලා දිනනවා කිව්වෙ? මොනවගේ ඔට්ටුද?"

"උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ සභාපතිතුමා. ඔබතුමා පොඩිකාලෙ අම්මගෙන් ගුටිකාපු පාරවල් ඔබතුමාගෙ පස්සෙ මැකෙන්නැතිව තවමත් හිටලා තියෙනවා කියලා මම ලක්ෂ දහයක ඔට්ටුවක් අල්ලනවා. ඔබතුමා කැමතිනම් ඒක එහෙම නෙවෙයි කියලා මාත් එක්ක ඔට්ටුව අල්ලලා දිනන්න. "

ඒ කතාව ඇහුන සභාපතිතුමාට හිනාව නවත්තගන්න බැරිවුනා. තමන් එහෙම කවදාවත් අම්මගෙන් ගුටිකාල නැති නිසා ඒකෙන් නිකන්ම තමන්ට ලක්ෂ දහයක් දිනාගන්න පුලුවන් කියලා හිතුව සභාපතිතුමා මෙහෙම කිව්වා.

"ඒක හරිම විහිලුවක්. ඒත් ඉතිං මම අනිවාරෙන්ම දිනන බව දන්න නිසා මම කැමතියි ඔයත් එක්ක මේ ඔට්ටුව අල්ලන්න වයසක නෝනා."

"එහෙමද. ඒත් මම කියනවා අනිවාරෙන්ම හෙට උදේ වෙද්දි ඔබතුමාගෙ පස්සෙ ගුටිකාපු පාරවල් හිටලා තියෙනවාමයි. කොහොම වුනත් මේක ලොකු මුදලක් යන ඔට්ටුවක්නෙ. ඒ නිසා මම හෙට උදේට මගේ නීතීඥතුමත් එක්කම ආවට කමක් නැති වෙයි නේද සභාපතිතුමා?"

"කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාවත් එක්ක එන්න. එහෙනම් අපි හෙට උදේට බලමු නෝනා දිනන්නෙ කවුද කියලා."

එද ගෙදර ගිය වෙලේ ඉදන් සභාපතිතුමා කණ්නාඩිය ළඟට වෙලා තමන්ගෙ පස්සෙ කිසිම පාරක් හිටලා නැතිබව දැනදැනත් සෑහෙන වෙලාවක් තමන්ගෙ පශ්චාත්භාගෙ දිහා බලාගෙන හිටියා. කොහොමහරි පහුවදා අර වයසක ගෑණුකෙනා එයාගෙ නීතීඥතුමත් එක්ක සභාපතිතුමාගෙ කාර්‍යාලෙට ආවා.

"මොකද කියන්නෙ සභාපතිතුමා? ඔබතුමාට අපි දෙන්නම ඉස්සරහා ඔප්පුකරන්න සිද්දවෙනවා ඔබතුමාගෙ පස්සෙ කෝටුපාර හිටලා නැහැ කියලා."

සභාපතිතුමාට සෑහෙන්න ලැජ්ජා හිතුනත් ලක්ෂ දහයක් කතා යන්නෙ සෑහෙන ලොකු මුදලක්නෙ කියලා හිතුව එයා කලිසම ගැලෙව්වා.

"ඇත්ත තමයි සභාපතිතුමා. ඔබතුමාගෙ පස්සෙ කිසිම කෝටුපාරක් හිටලා නැහැ."

වයසක ගෑණුකෙනා එහෙම කිව්වම සභාපතිතුමාට සෑහෙන්න සතුටු හිතුනා.

"ඒක තමයි නෝනා මම කිව්වෙ මේ ඔට්ටුව මම නිකන්ම දිනනවා කියලා. ඒත් මොකද්ද ඔයාගෙ නීතීඥ මහත්තයට වෙලා තියෙන්නෙ?"

සභාපතිතුමාගෙ නිරුවත දැකලා තමන්ගෙ ඔලුව බිත්තියෙ ගහගන්න නීතීඥයව පෙන්නලා සභාපතිතුමා අර වයසක ගෑණුකෙනාගෙන් ඇහුවා.

"ඒක ගැන එච්චර හිතන්න එපා සභාපතිතුමා. මම මගේ නීතීඥමහත්තයත් එක්ක ලක්ෂ පනහක ඔට්ටුවක් ඇල්ලුවා අද අපි ඉස්සරහා බැංකුවෙ සභාපතිතුමා කලිසම ගලවනවා කියලා. ඒකයි."

-අන්තර්ජාලයේ ඉංග්‍ර්‍රීසි බසින් පලවූ ජනකතාවක සිංහල අනුවාදනයකි.-




මෙම දැවැන්ත යන්ත්‍රය ලෝකයේ විශාලතම ගොඩබිම් වාහනය ලෙස සැලකේ 🧐😱

1975 සහ 1978 අතර ජර්මනියේ ඉදිකරන ලද Bagger 288 යනු මූලික වශයෙන් විවෘත වළවල් කැණීමේදී භාවිතා කරන දැවැන්ත යන්ත්‍රයකි. දළ වශයෙන් මෙය ඩොලර් මිලියන 100 ක් වටිනා අතිවිශාල එකකි. ඇදහිය නොහැකි තරම් දිග මීටර් 240 ක් සහ උස මීටර් 96 ක් වන අතර මෙහි බර ටොන් 14,200 කි.
එහි එක් ප්‍රධාන කොටස් වලින් එකක් වන්නේ එහි රෝදය වන අතර එය එක් දින වැඩ කිරීමේදී ද්‍රව්‍ය ටොන් 240,000 ක් පමණ ලබා ගැනීමට ඉඩ සලසයි. එය මීටර් 30 ක් පමණ ගැඹුරට කැණීම් කරන ලද පාපන්දු පිටියකට සමාන වේ.😱😱




ලෝකයේ මැද කොහෙද කියලා දන්නවද... 🌍💫🌌

"රපා නුවායි" කියන්නේ යුරෝපීයන් ඊස්ටර් අයිලන්ඩ් කියලා හදුන්වන දූපත්වලට කියන ස්වදේශීය නමයි. ඊටත් පැරණි නම "ටේ පිටෝ ඕ රේ හෙනූවා". එහි තේරුම "ලෝකයේ නාභිය" නැත්නම් "ලෝකයේ මැද" කියන එකයි.

පැසිෆික් සාගරය මධ්‍යයේ හුදකලාව පිහිටා තිබෙන මේ දූපත් ජනාවාස වෙලා තියෙන්නේ මීට අවුරුදු 1,300කට විතර කලින් කියන එක තමයි වර්තමාන ජනප්‍රිය මතය. නමුත් එහි අතීතය ඊට වඩා බොහෝ පැරණි වෙන්න පුළුවන් කියා අදහසක් තියෙනවා.

වර්ගකිලෝමීටර් 163ක භූමි ප්‍රදේශයක්වන මේ දූපතේ මිනිසුන් 7750ක් වාසය කරනවා. බොහෝ කාලයකට පෙර මේ දූපත මීටත් වඩා විශාලව තියෙන්න ඇති, මීට වඩා විශාල මිනිසුන් ප්‍රමාණයක් ජීවත්වෙන්න ඇති කියලත් විශ්වාස කරනවා.

විශේෂයෙන්ම අවසාන අයිස් යුගය නිමවී, විශාල වශයෙන් හිම තට්ටු දියවීමට පටන් ගැනීමෙන් පසුව මුහුදු ජල මට්ටම් ඉහල යෑම නිසා ලෝකයේ පහලින් තිබූ වෙරළබඩ ප්‍රදේශයන් රැසක් සහ ඒ අවට තිබුනු ජනාවාස ජලයෙන් යටවුනා. අවසන් අයිස් යුගය තිබුනේ මීට අවුරුදු 11,000කට පෙරයි.

අයිස් යුගය තිබුනු කාලයේ රපා නුවායි දූපත මීට වඩා විශාලව තියෙන්නට ඇති බවත්, තවත් දූපත් දාමයක් හරහා දකුණු ඇමරිකානු මහද්ධීපය හා සම්බන්ධව තිබෙන්නට ඇති බවත් සමහර විශේෂඥයන් විශ්වාස කරනවා. ඒ කියන්නේ සාගරයේ බොහෝ දුරක් සංචාරය කරලා අහම්බෙන් දූපතක් හොයා ගන්නවා වෙනුවට, දකුණු ඇමරිකානු භූමියේ ඉදලා කෙනෙක්ට පහසුවෙන් දූපතෙන් දූපතට කෙටි සංචාරයක් කරලා මෙයට පැමිනෙන්නට පුළුවන් කියන අදහසයි.

මේ දූපත් ලෝකය පුරාම ජනප්‍රියවෙලා තියෙන්නේ එහි ඇති අමුතුම ගල් පිලිම නිසයි. ඒවාට කියන්නේ මොවායි කියලයි. මෙවැනි පිළිම දහස් ගණනක් මේ දූපතේ දකින්න පුළුවන්. ඉතාමත් ලස්සනට වැඩ නිමකල පිලිමවලට අමතරව වැඩ නිමකරමින් තිබියදී අතහැර දැමූ පිළිම සිය ගණනකුත් ඒ අතර තියෙනවා.

මෙම පිළිම නිර්මාණය කරලා තියෙන්නේ ටෆ්ස් (tuffs) ලෙස හදුන්වන මෘදු ගල්වලින්. බොහෝ කාලයකට ඉහත සිදුවූ ගිනිකදුවලින් නිකුත්වූ අළුවලින් නිර්මාණයවූ මෙම ගල්වලින් පිලිමයක් නෙලන එක, තද කළු ගලෙන් කරනවාට වඩා ටිකක් පහසු වැඩක්. මේ විදිහට පිලිමවලින් පෙන්නුම් කරන්නේ මෙම දූපත්වැසියන්ගේ මියගිය ඥාතීන් බවට විශ්වාස කරනවා. පුද්ගලයෙක් මියගොස්, ඔවුන්ගේ ආත්මය මලවුන්ගේ ලෝකයට යන්නේ, ඔවුන් වෙනුවෙන් ඉදිකරන පිලිමයේ ඇස් තියෙනදාට කියලා විශ්වාසයක් තියෙනවා.

මීට අවුරුදු 400කට විතර කලින් යුරෝපීයන් මේ දූපතට පැමිනෙන කාලයේදීත් ඔවුන් මෙම පිලිම නෙලමින් සිටිය බව වාර්තාවල සදහන් වෙනවා. නමුත් සමහර විශේෂඥයන් විශ්වාස කරන හැටියට, ඒ කාලයේ ඔවුන් මේ පිලිම නෙලනවා වෙනුවට ගරාවැටුන පිලිම පිලිසකර කරමින් ඉන්න ඇති බවයි. මේ දුපතේ ජනාවාස අවුරුදු 1300කට පෙර අතීතයකට දිව යනවා කියා විශ්වාස කරන්න හේතු මොනවාද?

රපා නුවායී දූපතේ සිදුකල කැණීම්වලින් එහි වැවෙන කෙසෙල් පලතුර අඩුම වශයෙන් අවුරුදු 3000කට පෙර එහි ගෙනවිත් තිබෙන බවට සාක්ෂි හමුවී තිබෙනවා. කෙසෙල් ගස් මිනිසුන්ගේ උදව්වක් නොමැතිව මේ වගේ දූපතකට සත්වයන්,කුරුල්ලන් හෝ ජලයේ හෝ සුලගේ පාවීම වැනි ස්වාභාවික ක්‍රමවේදයකට දූපතකට පැමිනෙන්න නොහැකිබව උද්භිදවිද්‍යාඥයන්ගේ අදහසයි.

ඒ වගේම මෙහි ඇති ඉදිකිරීම් ගෘහ නිර්මාණ යුග දෙකකට අයත්වන බව ඔවුන් පවසනවා. එයින් ටොන් 100ක් පමන බර විශාල පිලිම මෙන්ම විශාල කළු ගලෙන් ඉදිකල නිර්මාණ පැරණි යුගයට අයත්වෙන බවත්, කුඩා ගල්වලින් ඉදිකල නිර්මාණ මෑත කාලීන බවත් ඔවුන් පවසනවා. කාලයක් යනවිට විශාල ප්‍රතිමා බිමට ඇදවැටී තිබියදී හමුවී, දූපත් වැසියන් ඒවා යලිත් ඔසවා තැබීමට ගල්වලින් වේදිකාවන් සකස්කරනට ඇතැයි විශ්වාස කරනවා. එලෙස වේදිකාවන් ඉදිකිරීමේදී, පැරණි පිලිමවලින් කැඩීගිය කොටස් යොදාගෙන තියෙන හැටි දැක ගන්න පුළුවන්.

ඒ වගේම ‍රපා නුවායී දූපතටම ආවේනිකවූ භාෂාවක් තිබෙනවා. රොන්ගාරොන්ගා ලෙස හදුන්වන මේ භාෂාවේ සාමාන්‍ය අක්ෂර වෙනුවට ඇත්තේ රූපාක්ෂරබවට විශේෂඥයන් විශ්වාස කරනවා. මෙම රූපාරක්ෂර සහිත භාෂාව පැරණී ඊජිප්තු භාෂාවන්ට සමාන බව ඔවුන්ගේ අදහසයි. එම භාෂාව අවුරුදු 3,250කවත් අතීතයකට දිවයන බවට ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම මෙවැනි කුඩා දිවයිනක මෙතරම් සංකීර්ණ භාෂාවක් තිබීම පුදුමයට කරුණක් බවත් ඔවුන් සදහන් කරනවා.

එකල තම දූපත ලෝකයේ මැද බව කොහොම දැනගෙන නම් තැබුවාද යන්නත් පුදුමයට කරුණක්.

Показано 20 последних публикаций.