⛯ වෙද පප්පගෙ අරිෂ්ඨ වට්ටෝරුවේ රහස 💪 ⛯
මුලින්ම කියන්න ඕනෙ මේක ප්‍රසිද්ධ fan theory එකක්. මේකෙ විදිහට නම්, සූර පප්පා (Asterix and Obelix) කතා මාලාවෙ එන මැජික් අරිශ්ඨය හදන වෙද පප්පා විසින් ඒකට දාන වට්ටෝරුවත් එක්ක රහස් අමුද්‍රව්‍යයක් දානවා කියලා කියනවා. ඒක නිසා තමයි මේ අරිෂ්ඨය තුල සුපිරි බලයක් ගැබ් වෙලා තියෙන්නෙ. ඒ වගේම ජිම් පප්පා පොඩි කාලෙ මේ අරිෂ්ඨය කල්දේරමට වැටිලා නිසා, පොඩි කාලෙ ඉදන්ම ඒ සුපිරි බලය ජිම් පප්පට තියෙනවා කියලත් වෙද පප්පා ඒ කතාවෙදි අපිට කියනවා. ඒ වගේම වෙද පප්පා ජිම් පප්පට නැවත අරිෂ්ඨය බොන්න දෙන්නෙත් නෑ මේකට හේතුව මොකක් කියලද ඔයා හිතන්නෙ.
Fan Theory එකේ විදිහට නම් මේ ගෝල් දේශයේ ඉපදුනු ජිම් පප්පාට සුපිරි බලයක් හම්බෙන්නෙ අරිෂ්ඨ කල්දේරමට වැටුන නිසා නෙවෙයි. ජිම් පප්පා උපතින්ම Super Human බලයක් තියෙන පුද්ගලයෙක් කියලා තමයි මේකෙ හැටියට කියවෙන්නෙ. ජිම් පප්පා වයස අවුරුදු 6 දි වෙදපප්පාගේ අරිෂ්ඨය හදපු කල්දේරමට වැටුනයින් පස්සෙ මේක බොන හැමෝටම මේ සුපිරි බලය තාවකාලිකව ලැබුනයි කියලා වෙද පප්පා දැකලා තියෙනවා. ඉන් පස්සෙ තමයි මේ වෙද පප්පගෙ අරිෂ්ඨ වට්ටෝරුවෙ රහස් අමුද්‍රව්‍ය විදිහට ජිම් පප්පගෙ කෙස් ගහක් මේකට එකතු කරන්න පුරුදු වෙලා තියෙන්නෙ. ඒත් ජිම් පප්පා බුද්ධිමත් කෙනෙක් නොවන නිසාත්, තමන්ගෙ බලය ගැන ලොකු අවබෝධයක් නැති නිසාත්, මේ ගෝල් දේශයේ ආරක්ශාව මේ බලය මත රදා පවතින නිසාත්, ගමේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක් වුනු සූර පප්පාව යොදවලා තියෙනවා මේ ජිම් පප්පාව බලාගන්න. ඒ නිසා තමයි ඒ දෙන්නා පොඩි කාලෙ ඉදන්ම නිතරම එකට ඉන්නෙ. මේ Fan Theory එක ගොඩක් දුරට ඇත්ත වෙන්න පුලුවන් එකක්.
ඒ වගේම මෙහෙම කතාවකුත් තියෙනවා. මේ ගෝල් දේශය ඇත්තටම ප්‍රංශයේ තිබුන ගමක්. රෝම අධිරාජ්‍යයා වුනු ජුලියස් සීසර් තමන්ගෙ බලයෙන් ප්‍රංශය ඇතුලුව යුරෝපීය රටවල් සියල්ලම වගේ යටත් කරන් හිටියත්, මේ ගෝල් දේශය කියන පොඩි ගම යටත් කරගන්න සීසර්ට බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව විදිහට ජනප්‍රවාද වල තියෙන්නෙත් ඒ ගමේ අසාමාන්‍ය Super Human Ability තියෙන මිනිසුන් ජීවත් උනා කියන එක තමයි. දහස් ගාණක සේනාවක් ආවත්, ගෝල් දේශයේ සාමාන්‍ය ගම් වැසියන් කිහිප දෙනෙක් එකතු වී ඒ සියල්ලම පරාජය කරන්න පුලුවන් කියලා ඒ කාලෙ ඉදන්ම ජනප්‍රවාද වල ඇවිත් තියෙනවා. මේ සූර පප්පා (Asterix and Obelix ) කියන කාටුන් එකට පාදක වෙලා තියෙන්නෙ මේ කතාව තමයි. ඒත් ඇත්ත ඉතිහාසයේ ලිඛිත සාක්ශි වලට අනුවනම් මේ ගෝල් දේශයේ හිටිය මිනිසුන්ගෙ තිබුණු අසමගිය නිසා සීසර් විසින් ලේසියෙන්ම යටත් කරගෙන තියෙනවා .
Review By Wayne