මේ post එක මම ඊයේ දාපු post එකකට වැටිලා තිබුණ comment එකක් ගැන. මේක අලුත් අවුරුද්දක් පටන්ගන්නකොට මට කියන්න වටිනවම කියලා හිතෙන කතාව.
▪️ඊයේ post එක:
https://t.me/Amila_Dasanayake/s/85
පළවෙනි වතාවේ A/L වැඩ ටික හරියට නොකර ඒ පසුතැවීමත් එක්ක දෙවනි පාරක ආයේ පන්ති යනකොට මේ වගේ කවියක් දැක්කම ඒ තමන්ගේම කතාව කියලා photo එකක් ගහගන්න මනුස්සයා ඊට අවුරුදු 10කට වගේ පස්සේ අද වෙනකොට කවුද කියලා කියන්නම්.
✔️පළවෙනි වතාවේ වුණ වැරදි හදාගෙන 2014 ආයේ A/L කරනවා. කොළඹ medical faculty එකට select වෙන්නම.
✔️අවුරුදු 3කට වගේ කලින් degree එක complete කරලා doctor කෙනෙක් වෙනවා.
✔️පොඩි කාලේ ඉඳන් engineer කෙනෙක් තිබුණ ආසාවකට University Of Buckingham වල Data science degree එකක් කරනවා. මිනිස්සු පිස්සුද කියලා අහනවා.
✔️මේ අවුරුද්දේ ඒ degree එක complete කරනවා. නිකන් නෙවෙයි, batch top විදිහට.
✔️අද වෙනකොට medicine and engineering double degree holder කෙනෙක්
අන්තිමට මුලදි වැරදුණු ඒ මනුස්සයා ඒක හරිගස්සගත්තේ වැරදුණේ නැති මිනිස්සුන්ට සෑහෙන එහා ගිහින්.
එහෙම තමයි, මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනක හරියනවා, එතනින් පස්සේ දිගටම හරියනවා. වැරදුණත්, හරිගස්සගන්න ඒ මිනිස්සු දන්නවා.
මොකද, සමහර මිනිස්සුන්ගේ හැංගිලා තියෙන යක්කු එළියට එන්න හොඳවයින් කෙල වෙන්නම ඕන.
අපි හැමෝටම මෙහෙම වැරදුන තැන් තියෙනවා. මේ අලුත් අවුරුද්ද ඒවා කනපිට හරවන අවුරුද්දක් කරගමු.
අපේ ළමයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️