The Red Eye
පැයක කාලයකින් අනතුරුව ආශි සහ සන්දේශ් අධිකරණ නියෝගය අතැතිව මහ රෝහල් පරිශ්‍රයේ හුන් සදෙව් සහ මානෙත් සොයා ආවෝය. ව්‍යාධිවේදය වෙනුවෙන් වෙන් කොට තිබූ කොටසට පැමිණෙන කොරිඩෝරය දිගේ ආශි සහ සන්දේශ් ඇවිදන් යන්නට වූයේ සදෙව් සහ මානෙත් ඒ වන විටත් අධිකරණ වෛද්‍යවරයාගේ කාර්යාලයෙහි බව පැවසූ නිසාවෙනි.