Science Panthiya


Гео и язык канала: Индия, Тамильский
Категория: Образование


100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Индия, Тамильский
Категория
Образование
Статистика
Фильтр публикаций


ඔන්න ඕක තමයි පශ්නෙ


@SciencePanthiya

4.4k 0 11 56 303

Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🫡

6.8k 0 49 35 253

ඒ වගේම NTS එකේ ඉගෙන ගන්න කාලසීමාව තුළදී යම්කිසි දීමනාවක් ගෙවීමක් සිදු කරනවා..❤️
දැනට නම් එය රුපියල් තිස් දෙදහක පමණ මුදලක්..

ඉතින් ආර්ථික අපහසුතාවයන් තියෙන කෙනෙක්ට නම් මේක ඉතාමත් හොඳ අවස්ථාවක්..

මොකද ඔයාලා ඉගෙන ගන්න කාලෙත් කාගෙන්වත් සල්ලි ඉල්ල ගන්න ඕන නෑ..
ඔයාලට හම්බ වෙන් සල්ලි ගෙදර මිනිස්සුන්ට වියදම් කරන්න  ටිකක් යවන්නත් පුළුවන්..

‼️ඒ වගේම Nts එකට බදවා බදවා ගැනීමේදී අනිවාර්යෙන්ම ඇග්‍රිමන්ට් එකක් යටතේ තමයි බදවා ගන්නේ ..

ඒ කියන්නේ nursing diploma එක ලැබුනට පස්සෙ අනිවාර්යෙන් ම අවුරුදු දහයක් රාජ්‍ය රෝහලක සේවය කිරීම සිදු කරන්න  ඕනේ.. යම්කිසි හෙයකින් මේ අවුරුදු දහය ඇතුළත පිටරටකින් ඔයාට චාන්ස් එකක් ලැබුණත් ඔයාට පිටරටකට යන්න නම් යම්කිසි මුදලක් ගෙවීමක් කරන්න සිදු  වෙනවා..

මොකද ඔයාලා NTS එක තුළ ඉන්න කාලේ සීමාව පුරාවටම ඔයාලට allowence එකක් ගෙවන ගමන් ඔයාලගේ හැම කටයුත්තකටම ඉතා විශාල මුදලක්  NTS එක මගින් එහෙමත් නැත්නම් රජය මගින් වියදම් කරනවා ..

‼️ඒ වගේම ඔයාලට අනිවාර්යෙන් රාජ්‍ය රෝහලක හෙද වෘත්තිය ලබාදීමටත් රජය බැඳිලා ඉන්නවා ..


ඉතින් මේ ඇග්‍රිමන්ට් එක යටතේ ඔයාලා අනිවාර්යෙන්ම අවුරුදු දහයක් ලංකාවේ සේවය කළ යුතුමයි ..

NTS එකේ මේ වගේ allowence එකක් දුන්නට රාජ විශ්ව විද්‍යාලයේ NURSING DEGREE එක හදාරන කෙනෙක්ට එහෙම දෙයක් ලැබීම වෙන්න නෑ.. 🥲🫠


මහපොළ හෝ bursery තියන ළමයින්ට ඒ අදාල මහපොළො හෝ Bursery ලබාදීමක් පමණයි සිදු කරන්නේ ...

Nursing diploma එකක් අවසානයේදී ඔයාලට ඕන නම් රාජ්‍ය විවෘත විශ්වවිද්‍යාලය හෝ වෙනත් පිළිගත්ත පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලබාදෙන Nursing degree එකක් කිරීමේ හැකියාව තියෙනවා ... 

සාමාන්‍යයෙන් NTS diploma එකකට වඩා අනිවාරෙන්ම Nursing degree එකේ වටිනාකම වැඩියි..

ඒ වගේම NTS ලංකාව පුරා විසිරිලා තියෙනවා ..
ඔයාට ලැබෙන NTS එක මොකක්ද කියලා තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ...

අන්තිමට NTS ගියත් Nursing degree එක කරත් එළියට එන්නේ හෙද නිලධාරීන් වෙන්න පරිපූර්ණ දැනුමක් සහිත අය .

හැබැයි වෙනස තියෙන්නෙ Practical  සයිඩ් එකේදි NTS එකේ නර්ස්ලා ගොඩක් කාර්‍යක්ශම සහ ඔවුන්ගේ profomans වැඩියි ..

ඉතිං හොස්පිට්ල් එක Manage කරන්න ලොකු දැනුමක් එයාලට තියෙනවා ..

ඉතින් ඔයාලම මේකේ වාසි අවාසි වගේ දේවල් සලකලා බලලා ඔයාලට ගැලපෙන එක තෝරගන්න පුළුවන් අනාගත හෙද වරියක් හෝ වරයෙක් වීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ..

ඒ වගේම නර්සිං කියන්නේ කියන්නෙ පුදුමාකාර හොඳ වෘත්තියක් හොදින් කරනවා නම් ... සෑහෙන්න සේවයක් මිනිස්සුන්ට කරන්න පුළුවන් වෘත්තියක්...

ලෙඩෙක්ගෙ නිදන ඇද හදන එක ඉදංම ඒ ලෙඩාගේ කෑම බීම එයාට දෙන්න ඕන බෙහෙත් එයාගෙ ඉන්ජෙක්ෂන් එක පවා ඒ ලෙඩාට දීලා ඒ ලෙඩ්ඩුන්ව සමහරවිට මරණයෙන් ගොඩ ගන්න ඩොක්ටර් කෙනෙක්ට වඩා මහන්සි වෙනවා ඇත්තේ මේ හෙදියන්..
ඒ වගේම නර්සිං කියන Profession එක ටිකක් වගකීම් සහගත සහ කාර්යබහුල profession එකක්.. අනිවාර්යෙන්ම nightshift එහෙම කරන්න වෙනවා .. මේ දේවල් වලට සූදානම් සහ ඔයාල nursing profession එකට කැමතිනම් විතරක් මේකට අයදුම් කරන්න කියලා මං ආදරෙන් ඉල්ලා සිටිනවා...

අකමැත්තෙන් ඕනම දෙයක් කරොත් අනිවාර්යෙන්ම ඉතින් එතැන යම් කිසි ගැටළුවක් පැන නගින නිසයි මං එහෙම කිව්වෙ ...

ඒ වගේම අන්තිමට NTS වලට තේරී පත් වෙච්ච සියලු දෙනාටම හදවතින්ම සුබ පතනවා... ඔයාලට ලැබුණු මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නත් කියලත් මම සුබ පතනවා...!!

එහෙනම් හැමෝටම ජය !!
පෝස්ට් එකෙන් යම් දෙයක් ලබා ගත්තා නම් page එකටත් like එකක් දාන්න ❤️❤️


Do not coppy without any permission ⚠️️🚫


Writer Isuri
@SciencePanthiya


NTS and nursing degree


Do not coppy without any permission ⚠️️🚫

පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා මුලින්ම කාරුණිකව ඉල්ලනවා..

ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල තමයි ඔයාලට ලියන්නෙ..තනි පුද්ගලයෙක් මේ වැඩේ තනියම කරන නිසා සමහර වෙලාවට වරදින්න පුළුවන්.. ලොකු කොටසක් නෙවෙයි සමහර පොඩි පොඩි කොටස් අඩුපාඩු වෙන්න පුළුවන්..ඒ දේවල් වල අඩුපාඩුවක් තියෙනවා තියෙනවා නම් ඔරිජිනල් පෝස්ට් එක යටින් comment එකක් දාන්න...



මුලින්ම හදුන්වා දීමක් කළොත් NTS කියන්නේ Nursing Training School කියන එක ..
ඒ වගේම මම මෙතනදි වැඩියෙන්ම හොඳ nursing training school ද නැත්තං nursing degree එක ද කියලා කියන්නේ නැහැ.. 🥲
එහෙම කියන්නත් බැහැ .😎
මොකද ඒක තෝර ගන්න කෙනාගෙ තියන තියන කැමැත්ත පරිදි තමයි මේක ද හොද මේක ද කියලා තේරුම් කරගන්න ඕන ..🙋

එහෙනම් අපි වෙන වෙනම nursing training school සහ nursing degree එක ගැන කතා කරමු..


👩‍🎓BSc Nursing Degree..


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් Z ලකුනු මත පදනම් කරගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් nursing degree එකට බදවා ගන්නවා...

Nursing degree එකක් කරන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල තමයි,

💉 කොළඹ විශ්වවිද්‍යාලය
💉ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
💉යාපනය විශ්වවිද්‍යාලය



Nursing degree එකට විශ්වවිද්‍යාලයකට සලකා බලද්දි සාමාන්‍ය පෙළ විභාගයෙ දී ඉංග්‍රීසි විෂය සදහා අනිවාර්යෙන්ම S සාමාර්ථයක් තිබිය යුතුයි..

ඊට අමතරව උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන විෂයන් තුන කරලා තියෙන්න ඕන..

‼️ භෞතික විද්‍යාව වෙනුවට කෘෂි විද්‍යාව හදාරපු ශිෂයන්ට Nursing degree එකට ඇතුල් වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

‼️හැබැයි එයාලට NTS යන්න අවස්ථාව තියෙනවා ..❤️


‼️‼️ඊට අමතරව අයදුම්කරුවෙකු උස අඩි 4 අගල් 10 ට නොඅඩු විය යුතු යි..

විශ්වවිද්‍යාලයේදී හෙද විද්‍යාව පිලිබදව පිළිබදව න්‍යායාත්මක පැත්තත් එක්ක ප්‍රායෝගික(clinical) Side එකේ දැනුම ලබා දීමක් සිදු කරනවා..

පාඨමාලාවන් දෙකම ( NTS/DEGREE ) සම්පූර්ණයෙන් පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්..

සාමාන්‍යයෙන් සායනික පුහුණුව පළවෙනි පලවෙනි අවුරුද්දෙ ඉදන්ම් මා ආරම්භ කරනව..

සාමාන්‍යයෙන් නෑ Nursing වල  පහත තියෙන විෂයයන් ඉගැන්වීම සිදු කරනවා..

• Biochemistry

• Logic and Critical Thinking

• Anatomy and Physiology

• Microbiology and Parasitology


• Health Assessment

• Fundamentals of Nursing Practice

• Community Health Nursing

• Nutrition and Diet Therapy
• Nursing Informatics
• Etc...


‼️‼️‼️‼️ඒ වගේම nursing degree එකකට රාජ්‍ය  විශ්වවිද්‍යාලයකට ඇතුලත් උනාම ඩිග්‍රි එක අවසානයේදී අනිවාර්යයෙන්ම රජයේ රෝහලකට හෙද නිලධාරියෙක් විදිහට බදවාගන්න රජය බැඳිලා නැහැ..


ඒ වගේම nursing degree එක complete කරලා අනිවාරෙන්ම රාජ්‍ය රෝහලක හෙද නිලධාරියෙක් විදිහට කටයුතු කිරීමටත් අවශ්‍යතාවයක් නැහැ ..


ඒ වගේම යම් කෙනෙක්ට අවශ්‍යයි නම් රාජ්‍ය රෝහලක හෙද වරියක් හෝ වරයෙක් විදිහට සේවය කරන්න ගැසට් එක හරහා ඒ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්..

පිට රට ජොබ් මාකට් එක ගැන කතා කරොත් ලංකාවෙ degree වලින් පිටරටවලින් ලොකුම ඉල්ලුමක් තියෙන degree එක තමයි මේ Nursing කියන්නෙ..

ලංකාවේ MBBS doctor කෙනෙක් ටත් වඩා ඉහළ ඉල්ලුමක් මේ Bsc.nursing degree එකක් තියෙන කෙනෙකුට තියෙනවා ජාත්‍යන්තර මට්ටමෙන්.

ඉතින් ඔයාලගේ රැකියාව පිටරට කරන්න හිතාගෙන ඉන්නවනම් ලොකු salary එකක් යටතේදී ඔයාලට තෝර ගන්න පුලුවන් හොද ඩිග්‍රි එකක් තමයි මේ නර්සිං කියන්නේ ...



❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

👩‍🎓Nursing training school

එකකට යන්න පුළුවන් සුදුසුකම තමයි උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් අවම ලෙස S සාමාර්ථ තුනක් ලබා තිබීම..

S සාමාර්ථ තුනක් තිබ්බ පලියට නර්සිං diploma එකට Select වීමේ හැකියාව අඩුයි..
මොකද දැන් නම් ඒකට දිස්ත්‍රික් මට්ටමේ යම්කිසි Z score එකක් අභිබවා යාම අත්‍යවශ්‍යයි..

උසස් පෙළ ඉවර වෙලා අනිවාරෙන්ම රාජ්‍ය රෝහලක නර්ස් කෙනෙක් විදිහට සේවය කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් යම් කෙනෙක් එයාට Nursing degree එකකට වඩා NTS එකට යන්න පුළුවන් නම් මම හිතනවා ඒක හොදයි කියලා ..


‼️‼️‼️මොකද NURSING ඩිප්ලෝමා එක ඉවර වෙච්ච ගමන් අනිවාර්යෙන්ම රාජ්‍ය රෝහලක හෙදියක් විදිහට අනිවාර්යෙන්ම බඳවා ගැනීමක්  සිදු කරනවා..

නමුත් රට යන්න බලාගෙන බලාගෙන ඉන්නවනම් NTS එකකට වඩා අනිවාර්යෙන්ම Nursing Degree එකකට යන්න පුළුවන් නම් ඒක හොදයි..



‼️මොකද පිටරටවල් වල අනිවාරෙන්ම නර්ස් කෙනෙක් විදිහට සේවය කරන්න නම් ඔවුන් ඩිග්‍රි එකක් අත්‍යවශ්‍යයි කියලා කියනවා..


NTS and nursing degree


ඔයාල හිතන විදියට 2025 Exam තිබිය යුතු මාසය මොකක්ද ?
Опрос
  •   August
  •   September
  •   October
  •   November
2758 голосов


පාසැල් පැවැත්වීමේ වාර සටහන සම්බන්ධයෙන් බලපැවත්වෙන අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයට අනුව සියලුම පාසල් එක් අධ්‍යනය වර්ෂයක් සදහා දරන 210ක් පැවතිය යුතු බවට අවධාරණය කලත් ලබන 2025 වසරේදී පාසල් පැවැත්වීමට සිදුව ඇත්තේ දින 181ක් පමණි.

ඒ අනුව එම වර්ෂයේදී රජයේ පාසල්, රජය අනුමත පෞද්ගිලික පාසල් සහ පිරිවෙන් සිසුන්ට අධ්‍යනය සදහා දින 29ක් අහිමි වෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2025 පාසල් වාර සටහන් සම්බන්ධයෙන් ඊයේ නිකුත් කල චක්‍ර ලේඛයට අනුව වාර තුනක් යටතේ අධියර හයකින් යුත් පාසල් වර්ෂය ජනවාරි 27 දරන ආරම්භ වී දෙසැම්බර 19 දිනෙන් අවසන් වීමට නියමිතය.



එම වර්ෂයේ රජයේ නිවාඩු දිනයන් හා 2025 පාසල් වර්ෂය ජනවාරි 27 ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස 210ක් වූ පැවැත්වීමට නියමිත දරන ගණනින් 181 ක් පමණක් පැවැත්වීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය එම චක්‍රලේඛයේ සදහන් කරයි .


2025 2026 Exam ලියන අය දැන් ඉදන්ම සුදානම් වෙන්න. අවසාන පාඩම් ඕනෑතරම් Internet eke තියනව Sci Web එහෙම බලල විභාගයට ලෑස්ති වෙන්න දැන් ඉදන්ම. නැත්නම් අවසාන මාසේ දක්වා සද්ද නැතුව ඉදලා කෑ ගහන්න එපා දැන් ඉදන්ම වැඩ කරන්න !


@SciencePanthiya


තව මාසයයි A/L Exam එකට....👍
ැඩ කරපල්ලා....

10/25-11/25

6.3k 0 7 93 243

🩺 පශු වෛද්‍ය උපාධිය ( Veterinary medicine )

මං අර කලින් කිව්වත් වගේ ජීව විද්‍යාව කරන හැමෝගෙම ආසාව තමයි වෛද්‍ය පීඨයකට තේරී පත්වීම ..

නමුත් ශ්‍රී ලංකාවේ තියන මේ තරගකාරී විභාග රටාවත් එක්ක ඉතා හොද ප්‍රතිඵලයක් ලබා ගත්තත් ඒ අවස්ථාව මඟ හැරී යාමේ හැකියාවක් තියෙනවා..

ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් වෛද්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න තියෙන තවත් හොඳම අවස්ථාවක් තමයි මේ පශු වෛද්‍ය විද්‍යාව කියන්නේ...

නමුත් මෙහිදී ප්‍රතිකාර කිරීම සිදුවෙන්නෙ මිනිස්සුන්ට නෙවෙයි සත්තුන්ට.. ඒක තමයි විශේෂම දේ..

ලංකාවෙ තියෙන එකම පශුවෛද්‍ය පීඨය පිහිටලා තියෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...

සිසුන් 130ක පමණ ප්‍රමාණයක් තමයි වරකට පශුවෛද්‍ය පීඨ සදහා තෝරා ගැනීම සිදු කරන්නෙ...

ඒ වගේම ඔයා වෛද්‍යවරයෙක් වෙන්න කැමතිනම් සහ ඔයා සත්තුන්ට කැමතිනම් අනිවාර්යෙන්ම තෝරගන්න පුළුවන් හොඳ උපාධියක් තමයි මේ පශු වෛද්‍ය විද්‍යාව කියන්නේ...

කලින් පශු වෛද්‍ය උපාධිය වසර 4 ක උපාධි පාඨමාලාවක් වුණත් පහුගිය වසරවල දී එය වසර පහක් උපාධි පාඨමාලාවක් විදිහට වෙනස් කිරීමක් සිදු වුණා..

දේශන නිබන්ධන practical සයිඩ් එක වගේම ක්ෂේත්‍ර පුහුණු වගේ දේවල් විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වෙනවා..

ඒ වගේම මේ පශු වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලුම සායනික පුහුණුව සිදුකිරීම සදහා පශු ශික්ෂණ රෝහලක් සහ පශු ශික්ෂණ ගොවිපලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ස්ථාපිත වෙලා තියෙනවා..

මෙහිදී ගවයින් කුකුළන් ඌරන් එලුවන් වගේ ගොවිපල සතුන්ට අමතරව ගෘහාශ්‍රිත බල්ලන් පුසන් වගෙ සතුන් ද, ඊට අමතරව වන ජීවීන් සහ මත්සයින් ට අදාළ කරුණු ඉගැන්වීමක් සිදුවෙනවා...
ඊට අමතරව Elephant transportation, Snake venomous වගේ විශේෂ කරුණු ඉගැන්වීමත් සිදුවෙනවා...

ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අවසානයේදී පශු වෛද්‍යවරයෙකුට තියන රැකියා වෙළදපොළ මොන ආකාරයේ එකක්ද කියන එක.. ගොඩක් අය මේ ගැන විවිධ විදිහට කතා කරලා තියෙනවා..

නමුත් පශු වෛද්‍ය වරයෙකුගෙන් ම ඒ ගැන අහලා දැන ගත්තම ඔවුන් කියන විදිහට රැකියා වෙළදපොලේ කිසිම අඩුපාඩුවක් නෑ..

ඒ වගේම පශු වෛද්‍යවරයෙක් උනාට විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකටම සම්බන්ධවෙලා වැඩ කිරීමේ හැකියාව මොවුන්ට සැලසෙනවා..

උදාහරණ විදිහට රසායනාගාර ක්ෂේත්රය, ඖෂධවේදී සහ සත්ව නිෂ්පාදන අංශ යන්ටත් මොවුන්ට සහභාගී වෙන්න පුළුවන් ..

තමන්ට තියෙන රෝගයක් පිළිබඳව කටින් විස්තර කරන්න බැරි අසරණ සත්වයින්ට ප්‍රතිකාර කරන ඒ වගේම තමන්ට එන රෝගියාගෙන් ලෙඩේ මොකක් ද කියලා අහලා ප්‍රතිකාර කරන්නැති එකම වෛද්‍යවරුන් පිරිස තමයි මේ පශුවෛද්‍යවරුන් කියන්නේ..

ඉතින් ඒ වගේ තමන් විදින වේදනාව ගැන වචනෙන් විස්තර කරගන්න බැරි අයගේ වේදනාව සංසිදුවන්න ලැබෙන දුර්ලභ අවස්ථාවකට හිමිකම් කියන්න කැමතිනම් පශු වෛද්‍ය පීඨයට ඇතුල් වීමේ හැකියාව තියෙන කෙනෙක්ට ඒ සඳහා සඳහා ඉල්ලුම් කරන්නත් පුළුවන් ..

මේ degree තුනේම සැලරි එක ගැන කතා කළොත් basic salary එක සමානයි..

නමුත් විවිධ බෝනස්, එලොවන්ස් එකතු වුණාට පස්සේ අවසාන සැලරියෙ තමා වෙනසක් සිදුවෙන්නේ..

නමුත් මේ වෛද්‍ය උපාධි තුනටම ඉතා හොද සැලරි එකක් ලබාගන්න පුළුවන්.. ඊට අමතරව මේ තුනෙන්ම Private practice  කිරීමේ හැකියාවත් තියෙනවා...
ඒ තුනෙන්ම රජයේ සේවයට බැදීමේ හැකියාවකුත් තියෙනවා...

මම මෙතන මේ degrees පිළිබඳ පොඩි දේවල් කීපයක් පමණයි සඳහන් කළේ මේ degrees ඇතුළෙ මීට වඩා විශාල විදිහට ඉගැන්වීම් කටයුතු සහ විශාල විෂයන් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා...

ඒ වගේම අවසානයේදී කියන්න ඕන කාරණාවක් තමයි ඔයාලා වෛද්‍ය ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් ඉන්නව නම් සැලරි එක බලල නම් වෛද්‍ය ක්ෂේත්‍රයට එකතු වෙන්න එපා ...  මොකද මේක සැලරි එකකට එහා ගිය විශාල සේවයක්..

මේ පෝස්ට් එකෙන් යම් දෙයක් දැනගත්තනම් අනිත් අයටත් බලන්න share කරන්න...
හැමෝටම ජය..❤️


#Study_with_CHILL
#degree_valuation
Do not copy without any permission ⚠️️🚫
@SciencePanthiya

7.1k 0 39 48 218

මේක හැකි තරම් ඔයාගෙ යාලුවන්ට කියන්න..


පොඩි එකෙක්ට ඉගෙන ගන්න තියෙන චාන්ස් එකක් මිස් වෙන්න දෙන්න එපා
A life changing opportunity!

@SciencePanthiya

7.4k 0 48 12 146

දැන් ඇති නේද? දැන්නම් ඉස්සරට වඩ කට්ටිය අඩුයි අපි කීව දේවල් තේරිලා 😹

තාමත් ඉතුරු වෙලා ඉන්නෙ අර මොළේ වර්ධනය වෙලා මදි හුගාක්ම අඩු බුද්ධියක් තියන 4 5 දෙනෙක්නේ. ඒ වගේ කෙනෙක් කොහොමත් Exams කරාට වැඩක් නෑ Fail නේ ඉතින්.

ඉස්කෝලෙන් ලියුම් කොහොමත් දෙන්නෙ නෑ කල් යවන්න කියලා.. මොකද නිවාඩු පවා වෙනස් වෙනවා.. ඒක නිසා ඕක ඉතින් ගගට ඉනිකපනවා වගේ වැඩක්.. බෝම්බයක් වත් ගහගත්තොත් තමා නැත්නම් කල් යන් නෑ.

දැන්වත් පාඩම් කරන පටන් ගමු.

මට තාම තේරුම් ගන්න බැරි ඔච්චර මෝඩ ඔයාල කීපදෙනා කොහොමද Science වගේ Stream එකක් කරන්නෙ කියලා..

6.8k 0 2 174 151

ලමායි මේක තමා අපිට තියන අවසාන අවස්තාවා..

අපිට තනියම මේක කරන්න බෑ ඔයාල උදව් කරන්න.. සද්ද නැතුව හිටියොත් අපිත් මේක Delete කරලා දානවා.

ලෝකෙ ඉන්නවා ප්‍රසිද්ද Hackers ල ටිකක් Anonymous කියලා.. අපි එයාලගෙන් උදව් ඉල්ලමු.. එයාලට පුලුවන් Data Base එකට රින්ගල Exam Date එක වෙනස් කරන්න..

හැමෝම එකතු වෙලා..Hash Tag ගහන්න. මේක තමා අපෙ අවසාන තුරුම්පුව. ළමයි මේක Trending ගේමූ..

ළමයි මෙන්න මේ විඩීයො එකට ගිගින් ඒ අයියාට පොඩ්ඩක් Views වැඩි කරලා රිච් එකත් අරන් දෙමු ඔය ගමන්ම..

#Anonymous #AnonymousExamPostpone
#AnonymousHelp
#AnonymoushelpSrilankaAlevel
#AnonymousAlevelpostpone
#IlonMask

6.8k 0 8 64 199

ලමායි මෙන්න Valdmir Putin ගෙ නම්බර් එක

8 800 200 23 16

මේකට කෝල්ස් 500ක් වත් ගන්න. මෙයා හුගක් Powerfull නිසා අනිවාරෙන් අපි ගැන බලාවි.

හැමෝම එකමුතු වෙලා මේකට කෝල් ගන්න .. එහෙම උනොත් අපිට මේක.කල් දාගන්න පුලුවන් නැත්නම් අපි මේක ඩිලීට් කරනවා

6.7k 0 8 38 248

Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🥲මේ දවස්වල 24 A/L කරන ළමයෙක් කල යුතු දේවල්-

- විෂය නිර්දේශයේ අවුල් තැන් බලාගන්න එක.
(දැන් ඕන තරම් YouTube Channels තියෙනවා)

- පුළුවන් දේවල්,තවත් පුළුවන් කරගන්න එක.

- Past Papers,Model Papers කරන එක.

- පාඩම් වැඩ කටයුතු

But Some කුඩා මෝඩයෝස්,

අම්නේ අර හාමුදුරුවන්ට ගම්න කෝල් 10,000ක්

අර සර්ම්ට කෝල් 309ක් ගම්න...

අර ලෝයර්ම්ට ගම්න..ඉම්හි ඉම්හි...

කොළම්ඹ යම්න එන්න අම්නේ අම්නේ..

6.9k 0 17 17 205

ලමායි දෙයක් සිදුවෙමින් තියනවා වගේ නේද 😂😂😂

සිදුවෙන්නෙ මොකක්ද දන්නවද

අර කල් දාගන්න සෙට් එකට කවුරුත් ම Support නෑ. ඒක නිසා Exam කල් යන් නෑ Admission පවා Print කරන්න පටන් අරන්. අද Group එක වහල දාන්න හදන්නේ අපරාදෙ ඕක අටවගෙන නටප්පු වෙලේ පාඩම් කරනාම් හොද Result එකක් ගන්න තිබ්බා.

දැන් ඉතින් ගහපු පදයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ 😹😹

7k 0 7 70 247

⛳️ 2024 A/L සිසුන් වෙනුවෙන්ම , අවසාන මාසය තුළ Papers තොගයක් විවරණය කරමින්

⛳️ සුපුරුදු පරිදි Final Battle එක ආරම්භ කරන්නයි , මේ සූදානම

🏹 2023 A/L Combined Maths Paper
🏹 2023 A/L Model Paper
🏹 Province Paper
🏹 2000 - 2022 A/l දක්වා විශේෂිත ප්‍රශ්න සාකච්ඡාව සමගින්

⛳️ Papers තොග පිටින් කරන්න ඔයත් Ready වෙන්න

⛳️ වැඩිදුර විස්තර සදහා පහත Video ව නරඹන්න

https://youtu.be/MnYvbkZ7LbU

⛳️ Final Battle සදහා සම්බන්ධ වීමට කැමති නම්

• නම
• ලිපිනය [ Papers නිවසට එවීමට ]
• මුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට් පත

⛳️
0764618795 Number එකට Whatsapp කරන්න

[ Account විස්තර ඉහත Number එකට message එකක් යොමු කර ලබා ගන්න ]




සිදුවෙමින් පවතිනවා මේක 👍.

ඒ ලෙවල් කල් දැමීම ගෲප් එක ගැන දාන අවසාන පෝස්ට් එක මේක..

ඇයි මේ මෙච්චරම බොරු කියන්නෙ ලමයින්ට. යම් දෙයක් සිදු වෙනවා ගග බලාපොරොත්තු දෙන්නෙ ඇයි.. මේකට උදව් කලේ රාජන්ගනෙ හාමුදුරුවන් විතරයි එ වහන්සෙ නොදන්න කමට. නමුත් කවුරු හරි කෙනෙක් හාමුදුරුවන්ට පැහදිලි කරලා නිසා ඒ වහන්සෙත් උදව් කරන් නෑ ආය.. බොරු කරන්නෙ ඇයි මෙච්චරම දැන් 50 K add කරන්නලු Group එකට??

දැන් ඊයේ කීව අද හාමුදුරුවන් යන්න එනව අද කට්ටිය යන්න ආවේ නැත්නම් Group එක Delete කරනවා කියලා.. කෝ දැන් අද යන්න ලමයිත් නෑ.. කවුරුත් ඇත්තෙත් නෑ..


1. ආ ළමයි මේවට කෝල්.ගන්න
2. හෙට Colombo යන්න ඉන්නෙ කවුද( කවුරුත් නෑ)
3. Group eka open කරනවා කතා කරන්න... කට්ටිය අකමැති වෙනකොට ආය Message Delete කරලා Close කරනවා Group එක.
4. ඒනම් අපි මේක ඩිලීට් කරනවා කියලා Blackmail. ඩිලීට් නොකර ඉන්නනම් අපිට 50k Add කරන්න

Repeat Circle


ඔය ළමයි ඔච්චර මෝඩ වුනේ කොහොමද ඔයාලට තේරෙන්නෙ නැද්ද අඩුම Colombo යන්නවත් ළමයි 4 දෙනෙක්වත් නෑ කියන්නෙ මේක කල් දාන්න කාටවත් උවමනාවක් නෑ කියන එකනෙ.. ඒකවත් ඔය පුන්චි මොලේට තේරෙන්නෙ නැද්ද..
ඔයාල 4 5 දෙනාට විතරයි මෙක ඕනෙ..

9.7k 1 10 210 265

Видео недоступно для предпросмотра
Смотреть в Telegram
😐
Heeeeeiii!!!

8.2k 0 51 327 215

🔹 Pure Paper එකේ Part B සංකරණ හා සංයෝජන ගණන අවුල් ළමයි ඉන්නවනම්

🔹 ඒ අයට ගොඩක් වැදගත් වෙයි මේ Video සෙට් එක


🔰 සංකරණ හා සංයෝජන

🚀 ආරම්භක දිනය
🚀 දෙවන දිනය
🚀 තෙවන දිනය
🚀 සිව්වන දිනය
🚀 අවසන් දිනය

🔸 ඉස්සරහට , ළමයින් ඉල්ලුවොත් තව පාඩම් කිහිපයක්ම දෙන්නම්

🔸කැමති අය Video ටික බලලා පාඩම ගොඩ දාගන්න

🔸 2025 , 2026 A/L අයට වැදගත් වෙයි මේ Video ටික


🔘 Tute එක , පහළ තියෙන Group එකෙන් ගන්න පුළුවන්

https://t.me/REVISION_JR_2025

8.7k 0 55 53 25
Показано 20 последних публикаций.