🔴 Telegram Account එක Hack නොවී තියාගන්න මෙහෙම කරන්නළමයි මේ ටිකේම Telegram Accounts Hack වෙලා කියල ගොඩක් Msgs ඇවිල්ල තිබ්බා.
ගොඩක් අය කියලා තිබුණේ Chinese Usernames,Bio එහෙම දාලා තමන් නොදැනුවත්ම කොහොමහරි වෙලා කියලා.ඒ කියන්නේ ඔයාගේ Account එක වෙන කෙනෙක් අතට ගිහින්.
ඉතින් මේ දේවල් ඔයාලගේ Account එකේ ආරක්ෂාව වෙනුවෙන් කරල නැත්නම් Telegram Account එක වෙන කෙනෙක් අතට පත්වීමේ ලොකු අවදානමක් තියෙනවා..ඉස්සරහට මේ වගේ දෙයක් නොවෙන්න Telegram Account එකේ Security වැඩි කරමු.
(1) Two-Step Verification On කරගන්නTelegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට වෙන Device එකකින් Log වෙද්දි එන SMS Code එකට අමතරව මෙතන දෙන password එක නිසා Security එක වැඩිවෙනවා.
On කරගන්නේ මෙහෙමයි,
Settings -> Privacy and Security -> Two-Step Verification හරහා ගිහින්
හොඳ Strong Password එකක් දෙන්න.
ඊට පස්සේ එතනම Recovery Mail එකත් දෙන්න.
(2) Logging Devices Check කරන්නබලන්නේ මෙහෙමයි,
Settings -> Devices
මෙතනදි හොඳට බලන්න ඔයා Log වෙනා ඉන්න Devices හැර වෙනත් Devices පෙන්නනවද කියලා.Foreign Locations or Unknown Devices තියෙනවනම් ඒවා Terminate කරලා දාන්න.
(3) Phishing Attempts වලට හසු නොවී ඉන්නTelegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න.
(4) Telegram App එක හැමවෙලාවෙම Update කරලා තියාගන්නමෙතනදි Telegram එකෙනුත් විවිධ Bugsවලට විසඳුම් වගේම අපේ ආරක්ෂාවට එයාලා විවිධ Updates අපිට දෙනවා.
(5) Public Wi-Fi හරහා Logins Verify කරන්න එපාPublic Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි.
(6) Auto-Connect Disable කරන්නPublic Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා.
⚠️Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්:
• දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න.
• Two-step verification password එක change කරන්න.
• Telegram Support එක contact කරන්න.
මේ ක්රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්.
Sources - Mr Dumindu සහ අන්තර්ජාලය ඇසුරෙන්...
ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න..🙂
eWings Education✔️
🌐
https://t.me/DarshanaUkuwelaOfficial