𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬


Kanal geosi va tili: Hindiston, Singalcha


𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬
•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts
★Promotion: @Thizh_69 | @Dinu_zZ
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl
s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Singalcha
Statistika
Postlar filtri


𝐖 𝐓 𝐅 | 🪐 • Logs dan repost
𝖠𝗅𝗅 𝖫𝗈𝗏𝖾𝗋𝗌 𝖩𝗈𝗂𝗇 𝖶𝗂𝗍𝗁 𝖴𝗌! 🩷✨

𝐒 𝐖 𝐀 𝐆 | 🖤


කාන්තාවක් රහසක් තබා ගන්නා සාමාන්‍ය කාලය පැය 47 විනාඩි 15 ක් බව අධ්‍යන වලින් හෙලිවී තිබේ. 😂🙅🏻‍♀

Hah.. Women ☕️


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

1.8k 0 8 14 155

​​Love at first sight නැත්තම් පළමු බැල්මෙන් ඇති වෙන ආදරය ගැන අහලා ඇති.😂 ඇය මල් පාර දිගේ එනවා.ඔයාට ඇයව අහම්බෙන් නෙත ගැටෙනවා.දැක්ක පාරටම කකුල පැටලිලා පත බෑවෙනවා. උපුල් නුවන් විදහා ඇය සිනාසුණා.අන්තිමට මම ගොනා වුණා. මගේ ආදර කතාව ද කියලා අහන්නෙපා. 😂

ඔයාගේ ජීවිතෙත් පළමු බැල්මෙන් ඇති වුණු ආදරයක් ඇති.😂 මගේ ගජ මිතුරා නම් කීවේ ඒ වෙලාවට බඩේ සමනල්ලු යනවා කියලා. මගේ  බඩේ සමනල්ලු තියා කැරපොත්තෙක් වත් ගිහින් නෑ තාම.තත්ත්වය සෝචනීය යි.🥲

මානව ශිෂ්ටාචාරය ගැන පීරලා හොයලා බැලුවොත් අපිට මුලින්ම මේ වගේ ආදරයක් හමුවෙන්නේ මධ්‍යම ආසියාවෙන්.යමු දැන් එහෙට.

මේ කතාවට සම්බන්ධ වෙන්නේ ක්‍රි.පු.320 උන්නු තුන්වන ඩේරියස් රජුව පරාජය කරලා මධ්‍යම ආසියාවේ බැක්‍ට්‍රියා-සොග්ඩියා කලාපයන්ට පිවිසුණු ග්‍රීක මැසිඩෝනියන් සේනා පිරිවරාගත් මැසිඩෝනියන් අධිරජුව. ඒ අපි කවුරුත් දන්න තුන්වෙනි ඇලෙක්සැන්ඩර් නැත්තම් මහා ඇලෙක්සැන්ඩර්. පර්සියාවේ බලය අල්ල ගත්ත මේ ඇලෙක්සැන්ඩර්ගේ ඊළග අරමුණ වුණේ මධ්‍යම ආසියාව අල්ලන් ඉන්දියාවට එන එක.ඔය ඇලෙක්සැන්ඩර් දෙවියෙක් කියලා හිතලා පර්සියාව අල්ලගත්ත එකට සුභ පතන්න ඕනි සිපගෙන කියලා නීතියකුත් හැදුවා.😂 ඕක නුරුස්සපු සමහර හමුදා නායකයින් ඇලෙක්සැන්ඩර් ව මරන්න ප්ලෑන් ගැහුවා ඒත් ඒවා හරි ගියේ නැහැ.

දැන් ඔය ඉන්දියාව ට ඇතුළු වෙන එක ඇලෙක්සැන්ඩර් ගේ හමුදාවට ලේසි උනේ නෑ . මොකද බැක්ට්‍රියන් සොග්ඩියා ප්‍රදේශ වල උන්නු ප්‍රාදේශීය නායකයෝ සංවිධානය වෙලා සොග්ඩියන් පර්වතයේ බලකොටුවක් හදන් ග්‍රීක සේනාවන්ට එරෙහිව සටන් කරා. ඒත් කවදාවත් පසු බහින්න අකමැති උනු ඇලෙක්සැන්ඩර් ගේ දරුණු ප්‍රහාර හමුවේ මේ බලකොටුව සුන්නත්දූලි කරන්න සමත් උනා. ප්‍රාදේශීය නායකයෝ සියල්ලක්ම පාහේ යටත් වුනා. ඉතින් ඇලෙක්සැන්ඩර්ගේ අභයදානය ට ලක් උනු මේ නායකයෝ සියල්ලම එකතු වෙලා උත්සවයක් සංවිධානය කරනවා.මධ්‍යම ආසියාවේ හොදම ආහාර උනු එළු,බැටලු මසින් සප්පායම් වුණු ඇලෙක්සැන්ඩර් මධුපානෙන් හොදටම මත් වෙනවා.

ඩිස්කි ඩිඩිං ඩිං ගගා ඔහොම ඉන්නකොට ඇලෙක් බොස්ට ඇයව දකින්න ලැබෙනවා. ග්‍රීක මූලාශ්‍රවලට අනුව ආසියාවේ ලස්සනම කාන්තාව වුණු ඔක්සියාර්ටිස් නායකයාගේ එකම දුව උනු රොක්සානාව.ටජිකිස්ථාන සම්ප්‍රදායේ වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඇයගේ රත්‍රන් කොණ්ඩේ සහ නිල්වන් ඇස් වලට මේ කෙල්ල ගැන සට ගාලා ආදරයක් ඇති වෙනවා.ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් ඇය ගැන හොයලා බලලා ඔක්සියාර්ටීස්ව ගෙන්නලා " මයේ මාමාණ්ඩි වෙන්න කැමති ද? " කියලා ඇහුවා.ලෝකයේ බලවත්ම නායකයා තමන්ගෙන් මේවගේ දෙයක් අහපු එක ගැන කන්ෆියුස් වෙන ඔක්සියාර්ටීස් ට දෙන්න උත්තර නැතිවෙනවා. අනිත් ප්‍රාදේශීය නායකයොන්ගේ බලපෑම හමුවේ ඔක්සියාර්ටීස් ඇලෙක් බොස්ව තමන්ගේ බෑණා විදිහට පිළිගන්න කැමති වෙනවා.

ඇලෙක් බොස්ට අවුරුදු 28 යි ඒ වෙද්දී. ඔය මැසිඩෝනියන් සංස්කෘති යේ කොතැනවත් බහු විවාහ සංස්කෘති ගැන සදහන් නොවුණත් ඇලෙක්සැන්ඩර් විවාහ තුනක් කරගත්තා.හැබැයි රොක්සානා ට ග්‍රීක පාර්ශ්වය කැමති උනේ නෑ මොකද ග්‍රීක කුමාරිකාවක් බදින්නෝනි කියලා බලන් හිටපු නිසා.ඒත් බැක්ට්‍රියන් ජනතාව උජාරුවෙන් සැමරුවා රොක්සානා සහ ඇලෙක් ගේ විවාහය හන්දා.මොක ද මේ විවාහය හින්දා පර්සියානු බලපෑම් අඩු වෙලා ඇලෙක්සැන්ඩර් ගේ ආරක්ෂා ව හම්බුන නිසා.

විවාහයෙන් පස්සේ ප්‍රොපාමිසාදේ පාලනය රොක්සානාගේ තාත්තා ට ලබා දෙනවා. ( ප්‍රොපාමිසාදේ කියන්නේ හින්දු කුෂ් වලට )  ඔය සිද්ධි වලට පස්සේ තුන්වෙනි ඩේරියස් රජුගේ දියණිය උනු ස්ටටීරාව සහ එයාගෙම ඥාති සහෝදරියක් උනු පරිසාටිස්වත් විවාහ කරගෙන පර්සියන් නෑකම ශක්තිමත් කරන්න සමත් වෙනවා.

ඒත් වයඹ දිග සීමාවේ ඉන්නකොට ඇලෙක්සැන්ඩර් අනපේක්ෂිත විදිහට රෝගාතුර වෙනවා. මරණ මංචකයට ළං වෙලා උන්නු ඇලෙක්සැන්ඩර් ට දැනගන්න ලැබෙනවා රොක්සානා ගැබ් අරන් කියලා.ඇලෙක්සැන්ඩර් මේ පිළිබදව ගොඩක් සතුටු උනත් ඔහුට ඔහුගේ දරුවාව බලන්න වෙන්නේ නෑ.ක්‍රි.පු. 323 දී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අවසන් හුස්ම එක්ක ඔහු ගොඩනගාගත් අධිරාජ්‍ය අරාජික වෙන්න ගන්නවා.

මම මුලින් සදහන් කළා ඇලෙක්සැන්ඩර් දෙවියෙක් විදිහට සැලකුවා ය කියලා.ඕකට හෙන අමුතු කතාවක් තියෙන්නේ.ඇලෙක්සැන්ඩර් ගේ අම්මා උනු ඔලිම්පියාස් සර්ප වේශයෙන් ආපු සියුස් එක්ක එකට ඉදලා යි ඇලෙක්සැන්ඩර් ඉපදුනේ කියලා විශ්වාසයක් තියෙනවා.ඕවාගේ විශ්වාසයක් ඇති වෙන්න ලොකුම හේතුව උනේ හෙටරොක්‍රොමියා(heterochromia)
කියන ජානමය තත්ත්වය.මේ තත්ත්වයේ දී ඇස් දෙකේ ඉංගිරියා දෙක පාට දෙකකින් පේන්නේ. ඇලෙක්සැන්ඩර් ගේ එක ඇහැක් නිල් වෙනකොට අනිත් ඇහැ දුඹුරු උනා. නිල් ඇහෙන් සියුස්වත් දුඹුරු ඇහෙන් මනුෂ්‍යලෝකයත් නිරූපණය උනා ය කියලා විශ්වාස වෙනවා.ඉතින් එදා උන්නු ජීවමාන දෙවියා ගේ ආදර කතාව තමයි මේක.

ඒත් රොක්සානා ට මොකක්ද උනේ? ඒක ගැන ගේන්න ඕනිද කියන එක කමෙන්ට් එකකින් කියන් යන්න.එහෙනම් මන් ගියා.බහිරවයාට calm down baby කියන්නොනි සෙනික ගිහින්.

https://ngl.link/janiru_ransith07 😂 අදහස් පළ කිරීමට.

🖊 Janiru Ransith

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

#මහරෑටදානවිකාර

2.6k 0 15 9 120

පැපොල් යුෂ බීමට පමණක් නොව එමගින් ඇඟිලි සලකුණු මකා දැමීමට හෝ ඕනෑම අපිරිසිදු පැල්ලමක් පවා ඉවත් කළ හැකිය. 😱🍹

අද දැනගත්තු අය - 🔥


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

3.7k 0 22 62 579

සෑම වසරකම චීනයේ බළලුන් මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් ප්‍රණීත ආහාරයක් ලෙස අනුභව කරනු ලැබේ. 🍽

බොහෝ චීන ජාතිකයන් බළලුන් හෝ බල්ලන් නොකෑවත්, මස් වෙළඳාම සඳහා වසරකට බළලුන් මිලියන හතරක් පමණ මරා දමන බව ගණන් බලා ඇත.
😶💔

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

4.1k 0 11 38 429

ඉස්තාන්බුල්හි නිවාස නොමැති සතුන්ට ආහාර සපයන Vending Machine තිබේ.

එමගින් සතුන්ට ආහාර කොටසක් සහ බීම සඳහා ජලය ලබා දෙයි.
☺️❤️

Humanity ❤️‍🩹✨


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

4.3k 0 2 15 420

🔞 කාමුක දර්ශන නැරඹීම තුලින් පිරිමින්ගේ ලිංගික ජීවිතය නරක අතට හැරෙන නමුත් කාන්තාවන් තුළ එය වැඩිදියුණු කරන බව විද්‍යාඥයින් ඔප්පු කර ඇත. 🥲

හේතුව මොකක් වෙන්න ඇතිද? 🙆🏻‍♀️


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

4.9k 0 50 27 231

සැබෑ ආදරය පිළිබඳ කරුණු 06ක්...!🌝🙈

01.ඔබ සැබෑ ආදරය කරන පුද්ගලයාගේ පින්තූරය දෙස බැලීමෙන් ඔබට සහනයක් දැනිය හැකිය.

02.ඔබ කැමති කෙනා නොසලකා හරින තරමට, ඔබ ඔවුන් කෙරෙහි වැඩි වැඩියෙන් බැදෙනු ඇත.

03.සැබෑ ආදරයක් බිඳ වැටුණු පසු ශාරීරික වේදනාවට සමාන වේදනාවක් ඇති වේ.

04.පිරිමින් කාන්තාවන්ට වඩා ඉක්මනින් ආදරයෙන් බැදෙනව. කාන්තාවන්ට දින 15 ක් ගතවේ, පිරිමින්ට තත්පර 8 ක් පමණි.

05.විරුද්ධ ස්වභාවයේ මිනිසුන්ට ආදරය කරන මිනිසුන් සමාන ස්වභාවයක් ඇති පුද්ගලයින්ට වඩා දිගු කාලයක් පවතී.

06.ආදරය මත්ද්‍රව්‍යයක් හා සමාන වන අතර එය කොකේන් මෙන් ඇබ්බැහි වූවකි. "ඔබට එය ලැබුණු පසු, එය නතර කිරීමට අපහසුය. ඔබට සරමවිටම එය තව තවත් අවශ්‍ය වනු ඇත.

ඔයාගේ gf/bf ගෙ ඔයා අකමැතිම ගුණාංගය මොකක්ද?👀🙈


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

4.9k 0 81 81 222

සමහර ගැහැණු බත්කූරන් සමහර විට පිරිමි සතුන්ගේ අන්තර් ක්‍රියා සඳහා ඇති අකමැත්ත නිසා මිය ගිය බවට රඟපායි. 😂🤦🏻‍♂

ලංකාවේ සමහරක් කෙල්ලෝ වගේ😪


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5k 0 7 11 211

​​ඊයේ (19) ජාත්‍යන්තර පිරිමි දිනය යෙදුනා.👤ජාත්‍යන්තර පිරිමි දිනයේ දී පිරිමි ළමුන්ගේ සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු වෙන්නොනි කියන එක විශේෂයෙන් සදහන් වුණා.ඇත්තටම මම සාමාන්‍යයෙන් දකින දෙයක් තමයි පිරිමින්ට ඇති වෙන ප්‍රශ්නවල දී අඩු අවධානයක් ලැබෙන එක. පිරිමින්ට ඇතිවෙන තනිකමක දී ගොඩක් වෙලාවට පිරිමි හැගීම් හිරකරගෙන ඉන්නේ. මොක ද  සමාජය තමන් දුර්වල අයෙක් කියලා හිතලා විහිලුවට ගනී කියන එකෙන්. පිරිමි හදවත් දැඩියි කිව්වොත් ඇත්තටම මම ඒක පිළිගන්නවා.මේකට මානව පරිණාමේ එන අපූරු කල්පිතයකින් විස්තර කරන්නම්...

සාමාන්‍යයෙන් යුද්ධය කියන්නේ පිරිමින්ට ආවේණික උනු දෙයක්.අවුරුදු දහස් ගණනක ඉදන් පරම්පරා ගණනාවක ඉදන් අපේ මුතුන්මිත්තෝ තමන්ගේ ජීවිතය පවත්වාගෙන ගියේ යුධ ගැටුම් එක්ක.ආයුධ අමෝරාගෙන තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් රුධිර ප්‍රාණ හෙලුවේ පිරිමින්.මේ යුද්ධ නිසාම පිරිමි හදවත් දැඩි වුනා, ප්‍රචණ්ඩ වුණා, හැගීම් නොමැති යුද්ධයටම කැප වුණු යෝධයන් වුණා.මානවයන්ගේ තියෙන සියුමැලි බව ක්‍රමක්‍රමයෙන් නැති වෙන තත්ත්වය ට පත් වුණා.1950 දී රේමන්ඩ් ඩාර්ට්ගේ මිනීමරු වානර න්‍යායට අනුව මානව පරිණාමයේ ගාමක බලය තමයි යුද්ධය.මොකද චිම්පන්සි සහ බොනොබෝස්ලාට වඩා මිනිසුන් 100 ගුණයකට වඩා ආක්‍රමණශීලී යි.

තමන්ගේ සමීපතමයන් තමන්ගේ දෑස් ඉදිරියේ නැති වෙද්දී දෑසින් කදුළු නොඑන තරමට පිරිමි දැඩි වුණා.තුවාල, ලේ ගැලීම් එක්ක නොබියව යුධ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වුණා.අවසන් ගෝලීය යුද්ධය වුණු දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ පිරිමින් යුධ මානසිකත්වයෙන් යම්තාක් දුරකට මිදෙනවා.එහෙම උනත් මේ යුධ මානසිකත්වයේ ශේෂයන් අදටත් අපේ පරම්පරාවල දකින්න ලැබෙනවා.ඒක ඉදිරියට ත් සම්ප්‍රේෂණය වෙයි.

ඒ එක්කම මට මතක් උනු සිද්ධියක් තමයි returning soldier effect එක. මේ සංසිද්ධියේ දී වෙන්නේ යුද්ධයක් අවසන් උනා ට පස්සේ ඒ යුධ භූමියේ අසාමාන්‍ය විදිහට පිරිමි ළමුන් ඉපදෙන එක. ඕක ගැන ගොඩක් න්‍යායන් තියෙනවා. දෙවියන් වහන්සේ මේ ලෝකය සමතුලිත කරනවා කියලා කියනවා.තවත් තැනක යෙදෙනවා ඔය යුද්ධයෙන් දිවි ගලවාගෙන එන පිරිමි සොල්දාදුවන් ට පිරිමි දරුවන් තමයි වැඩි‍යෙන් ලැබෙන්නේ කියලා.තවත් සමහර තැන්වල යෙදෙනවා ඊළග යුද්ධයට අවශ්‍ය වෙන අලුත් පිරිමින් ඒ මියගිය මිනිස්සු තුළින්ම බිහි කරවනවා කියලා. ඒත් අදටත් මේකට හරි උත්තරයක් දෙන්න සමත් වෙලා නැහැ.

ඉතින් පිරිමි විදිහට අපේ මානසිකත්වය ත් ගොඩක් වෙලාවට යුද්ධයට බරයි. ඒහින්දා ම පිරිමි විදිහට අඩන්න කැමති නැහැ, වේදනාව පෙන්වන්න කැමති නෑ, හැගීම් පෙන්වන්න කැමති නෑ.අපි තාමත් සූදානම් නැහැ ඒකට. 🚶‍♂

මමත් පිරිමියෙක් විදිහට මගේ ෆැන්ටසි ලෝකයෙත් කොටසක් වෙන් වෙලා තියෙනවා තමන්ගේ සමීපතමයන් වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් ඕනෑම සතුරු හමුදාවක් සංහාරය කරලා සතුටින් මරණය වැළදගන්න.🕊 ඒක මන් හිතන්නේ ප්‍රවේණික මතකය හින්දා වෙන්නත් පුලුවන්.මොකද පිරිමි විදිහට අපිට පැවරෙන වගකීම අවසන් මොහොතේ හෝ සාර්ථකව ඉටු කරලා අවසන් හුස්ම හෙළන්න ඕනි කියන හෘද සාක්ෂිය හැමවෙලේම හිතට වද දෙන නිසා.

අපේ හිත් ඇතුළෙත් ඒ සොල්දාදුවා ජීවත් වෙනවා වෙන්න පුලුවන් .ඒ බලපෑම්වලින් මිදිලා ජීවත් වෙන එක පිරිමින්ට නොගැළපෙන දෙයක් කියලා මම හිතන්නේ නෑ. මොක ද ඒ වගේ මානසිකත්වයන් තුළ පිරිමින්ට මානසික ආතතිය හැදෙන්න ප්‍රවණතාව වැඩියි. වයසින් මුහුකුරා යද්දී අපිට පැවරෙන වගකීම් වැඩි වෙනවා. ඒ වගකීම් හරියාකාරව ඉටු කරන්න නම් කලින් කීවා වගේ මනස ව්‍යාකූල වෙන අවස්ථාවන් මගහැරගන්න උත්සහ කරන්න ඕනි.❤️

අන්තිමට කියන්න තියෙන්නේ ඔයා පිරිමියෙක් හැටියට හැගීම් දැනීම් තියෙන සහ ඒක විදින්න පුලුවන් වෙන ශරීරයෙන් වගේම මානසිකවත් ශක්තිමත් පුරුෂ චරිතයක් වෙන්න කියලා.ඔයාගේ හිතට වැදුනා නම් මට සතුටුයි...❤️

අදහස් පළ කිරීමට :- https://ngl.link/janiru_ransith07

🖊 Janiru Ransith

#InternationalMensDay

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.6k 0 26 4 205

චීන ජාතිකයන් සාමාන්‍යයෙන් වසරකට ආහාර ගන්නා කූරු බිලියන 45ක් භාවිතා කරයි.
මේ සඳහා වාර්ෂිකව අවුරුදු විස්සකට වඩා පැරණි ගස් මිලියන 20ක් පමණ කපා දමයි.
😶💔

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


මේ දිනවල ලෝකයේම අවධානය දිනාගත් ඉන්දියන් සාගරයේ සිට කොළඹ නගරය සහ මධ්‍යම කඳුකරය දිස්වන මනස්කාන්ත ඡායාරූපයක්... 🥹❤️‍🔥

වැඩි විස්තර සඳහා පළවෙනි comment එක බලන්න


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6k 0 45 101 579

Curiosity රෝවරය විසින් ගත් ගේල් ආවාටයේ අඟහරු භූ දර්ශනයේ විශ්මයජනක දසුනක්! 😍🤎

©NASA

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


1979 දී Ken Fraser නම් පුද්ගලයා අත්ලාන්තික් සාගරයෙන් කිලෝග්‍රෑම් 679 ක් බරැති විශාලතම බ්ලූෆින් ටූනා අල්ලා ගැනීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීය. 😱🐟

මෙම වාර්තාව තවමත් බිඳී නැත!


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.3k 0 5 203 241

#Qutestion_time

ඔයාට film එකක වෙච්ච සිදුවීමක් ඒ ළඟ ඉඳන් බලන්න අවස්තාවක් හම්බුනොත්, ඔයා තෝරාගන්න film එක/ සිදුවීම
මොකක්ද? 🤔

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.4k 0 10 97 82

😭උසස්පෙළ කල් යෑමක් නෑ. තව දින 6...‼️

නඩු කටයුතු හෝ වෙනත් මොනයම් ක්‍රියාවක් නිසා හෝ මෙවර උසස්පෙළ විභාගයේ දින වෙනසක් සිදුනොවේ.

ඒ අනුව 2024 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන අතර පාසල් වාර සටහන් ද පෙර දැනුම්දී තිබූ අයුරින්ම ක්‍රියාත්මක වේ.🔔

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.8k 0 13 34 233


5.7k 0 1 10 247

Hyperthymesia යනු ඉතා දුර්ලභ සංජානන ආබාධයක් වන අතර,
එය පවතින පුද්ගලයන්ට තමන්ගේ මුළු ජීවිත කාලයේම සිදුවූ කුඩාම සිදුවීම් දක්වා මතකයේ පවතී
. 😐👍

මෙහෙම කෙල්ලෙක් සෙට් වෙන කොල්ලො නම් අසරණයි...😭


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.5k 0 29 84 275

ලේනුන් හොඳම උයන්පල්ලන් ලෙස සැලකේ.
මන් ද ගස් මිලියන ගණනක් වැඩෙන්නේ ලේනුන්ට තම බීජ සැඟවූ තැන් අමතක වන නිසායි. 😂👌


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6k 0 9 8 427

​​ඇයි ඔයා තාම තනිකඩ ?

හේතු කිහිපයක් ම තියෙනවා ඇයි ඒක ගැන අහන්නේ ?

මට ලොකු කුතුහලයක් තියෙනවා ඔයාට ජීවිත කාලෙටම කෙල්ලෙක් ට හිත ගියේ නැත්තේ ඇයි කියන එක ගැන

ආ ඔයා අහන්නේ ක්‍රෂ් ද,ක්‍රෂ් නම් බ්‍රෂ් ගාණටම හිටියා.

ඉතින් සෙට් වුණේ නැත්තේ ඇයි?

ක්‍රෂ් කියන්නේ ක්‍රෂ් එකට.මොළෙන් දෙන කික් එකට නැත්තම් ස්වයං මෝහනයක් විතරයි.

ඉතින් ඒක ආදරයක් බවට පෙරළගන්න බැරි ද?

ක්‍රෂ් කියන්නේ ආදරයේ මූලික මට්ටම නැත්තම් බේසික් ලෙවල් එකේ ආකර්ෂණය.ඒක තමයි ප්‍රේම වෘතාන්තවලට දොරටුව විවෘත කරන යතුර.

ඉතින් ඔයාගේ ක්‍රෂ් අතරේ ඔයාගෙම ප්‍රේම වෘතාන්තයකට යතුරක් හොයා ගත්තේ නැද්ද?

ක්‍රෂ් මට්ටමේ ඉදන් එහා සීමාවකට යන මට්ටමට ළගා වෙන කෙනෙක් හිටියා.ඒත් අද එයා මේ ලෝකයේ නැහැ. ඉතින් මගේ ෆැන්ටසි ලෝකයට  ඔබින්න කෙනෙක් තාමත් නෑ .

මට සමාවෙන්න ඒක ගැන ඇහුවට.ඒත් ඔයාගේ ෆැන්ටසි ලෝකය මොකක්ද ?

මන් එදා ඉදන් ම ෆැන්ටසි ප්‍රේම මන්දිරවල ජීවත් වුණු කෙනෙක්. මන් විද්‍යාත්මක තාර්කික පොරක් වෙන්නැති.ඒත් ඒ කෙමිකල් ආතල් එකට එහා ගිහින් ඇහැට ඇහැක් ගැටුනාම එක මොහොතකට මුළු ලෝකේම නවතින ශරීරයේ පහළ ඉදන් උඩට එනකන් දැනෙන අමුතු සීතල හැගීම මම තාමත් අදුරේ ලයිට් ගහ ගහ හොයනවා.ඒ අදුරේ මට නොලැබුණු මැජික් එක ට මන් කියන්නේ ආදරය කියලා.

ඉතින් එහෙම මැජික් එකකින් ම හම්බෙන්න ඕනි ද ?

නැහැ මම එහෙම කියන්නේ නැහැ.කාලයෙන් ලැබෙන මහගු ආශිර්වාදයෙන් සරල ක්‍රෂ්  මටම්මේ සිට මහා ප්‍රේම වෘතාන්ත ගොඩනගන්න පුලුවන්. ප්‍රේම මන්දිරයේ දොරටුව විවෘත කරගෙන එහි සදාකාලික පදිංචිකාරයෝ වෙන්න පුලුවන්.

ඉතින් ඒ මැජික් එකට කෙනෙක් හම්බුනොත් ඔයා සූදානම් ද?

ම්ම් ටිකක් බයයි , මොකද මගේ ෆැන්ටසි ලෝකයේ මම තමයි හොදම ප්‍රේමවන්තයා. ඒක කයිවාරුවක් නෙවෙයි ඒත් ඒ ස්වාභිමානයට මම කැමති යි.සහකාරියගේ ජීවිතයේ සියලු දේම වැළදගෙන ඇයගේ උණුහුම භාරගන්නවා කියන්නේ එක්තරා ආකාරයක විශාල කට්ටක් . ඒක සුන්දර දෙයක්. ඒත් ඒ වගේ කට්ටක් කන්න තරම් සුදුසු කෙනෙක් තාම නැහැ.

ඔයා ඔයාගේ ප්‍රේමවන්තිය මම කියලා හිතුවොත් ඔයා මට ආදරය කරන්නේ ඇයි?

එහෙම හේතුවක් කියන්න බැහැ.මම කැමති නැහැ අමුතු පුරසාරම් දොඩලා මගේ ආදරයට හේතු කියන්න.මම මුළු හදවතින්ම ඔයාට ආදරය කරාවි.ඒක මට විශ්වාසයි.

ඉතින් ඇයි ආදරේ කියන එකට හේතු නැද්ද ඔයාට?

මම ඔයාව දන්න කාලේ ඉදන් පියවරෙන් පියවර තමයි මගේ ආදරය ගොඩ නගා ගන්නේ එහෙම උනොත්.ඒක කැලැන්ඩරයක් අරගෙන මේන් මේ දවස කියලා මම කියන්න දන්නේ නෑ.අඩුම තරමේ මගේ ආදරය මනින්න පුලුවන් විදිහේ මිනුම්දණ්ඩක්වත් මගේ ෆැන්ටසි ලෝකයට උරුම නැහැ.මොකද ඔයාව දැක්ක දවසේ ඉදන් ඇති උනු හැගීම අදටත් තියෙනවා.ඒත් අද වෙද්දී ඒක ගොඩක් ස්ථාවර වෙලා ඒකට ගොඩක් හේතු හැදිලා වෙන්න පුලුවන්.

මට දැනෙන්නේ ඔයාගේ ආදරය කොටු කරගන්න කැමති නැහැ ඔයාගේ සහකාරියට එක හේතුවක් නිසා ආදරෙයි කියලා , මම හරි නේද?

ඔව්, ඔයා ඔයාගේ අම්මාට තාත්තා ට ආදරේ ඇයි කියලා කිව්වොත් ඔයාට තනි හේතුවක් දක්වන්න බැහැ. මම කැමති සහකාරිය ඔයා උනොත් ඔයා ඔයා වෙනතාක් මම කැමති යි.මොනා උනත් මුලින්ම දකින පෙනුමට තමයි ගොඩක් අය කැමති වෙන්නේ.ඒත් එයාගෙන් ඒ දැනෙන වයිබ් එකට , එයාගේ හිනාවෙන් දැනෙන ඒ නැවුම් බව , සිතුවිලි ආකර්ෂණයෙන් දැනෙන කැමැත්ත ඒවා ගොඩක් මූලිකයි.

මොනාම හරි වෙලා ඒ දේවල් මැකිලා ගියොත් ඔයාගේ ෆැන්ටසි ආදරය බොරුවක් වෙනවා නේද ?

එහෙම හේතුවක් නැති උනොත් ඒ ආදරය පවත්වා ගන්න අවශ්‍ය බලය හම්බෙන්නෙ ඇයට ආදරේ ඇයි කියන හේතු හොයාගෙන යන එකෙන්ම තමයි.උත්තර ප්‍රේමයට  වගේ පොර ටෝක් දුන්නාට මම කැමති ඒ නිරුත්තර ප්‍රශ්නයට මුළු ජීවිත කාලෙම හේතු හොයන්න.ඇයි මම ඔයාට ආදරය කරන්නේ කියන එකට හේතු හොයන්න , ඒක තමයි ආදරේ මැජික් එක.කවුරුත් නොදකින අමුතු මැජික් එක.

ඔයාගේ ගැලපීම් මට ගොඩක් ආගන්තුක යි, ඒත් ඒ ආගන්තුක බවෙන් මට ඔයාගේ ෆැන්ටසි ලෝකයේ යතුර හොයාගන්න පුලුවන් වෙයිද ?

මම දන්නේ නෑ ඔයා මගේ සීමාව බිදී ද කියලා. ඒත් මම දන්නවා මගේ සුදුස්සියව කවදහරි ලැබෙයි කියලා. එදාට මගේ ආත්මය ඇය එක්ක වෙලාගෙන දහස් ගණන් තරු පිරුණු අහසක යට ඉදන් තොල් යාවේවි. තාර්කික නීතිවලට පටහැනිව, මොහොතක සදාකාලිකත්වයත්, ජීවිත කාලය ක්ෂණිකව ගෙවා යනවා වගේ දැනෙන ඒ මැජික් එකටත් විද්‍යාත්මක අර්ථකථනවලින් බැහැර වෙලා ඒ විශ්වීය හැගීම විදිගන්න තිබුනොත් ඒ හොදටම ඇති.

Crush එකක් ඉන්නවාද කියලා අහපු සියලුදෙනාම වෙනුවෙන් ලීවේ මේක 😂 මොන මල ඉලව්වක් ද කියලා හිතන්නත් ඇති මේක. ඒත් මේ මගේ සිතුවිල්ල. මේ සිතුවිල්ලට අකමැති අය හිටියට මම මගේ සිතුවිලි වලින් බැහැර වෙන්න කැමති නෑ නොවෑ.

අදහස් උදහස් ඕනි දෙයක් ලියාගෙන යන්න. https://ngl.link/janiru_ransith07

🖊 Janiru Ransith

#ෆැන්ටසිලෝකෙකජීවත්වෙනසේපියන්😂

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6.1k 0 66 22 210
20 ta oxirgi post ko‘rsatilgan.