සත්‍යය කතාවක් ඇසුරෙනි,
මේක මට කිව්වෙ එක්තරා ගෑනු ළමයෙක්...
මේ සිද්ධිය වෙන්නෙ ඔයාලගෙ වයස් වලම ඉන්න ගෑනු ළමෙක්ට. නම් ගම් මනඃකල්පිත වුණත් මගේ පහසුවට මම මේ ගෑනු ළමයව Vindi කියළ හදුන්වන්නම්.
ඇත්තටම Vindi Telegram පාවිච්චි කරල තියෙන්නෙ A/l Class වැඩ වලට පාවිච්චි කරන්න. එයාට මුල් කාලෙදි Telegram ගැන එච්චර ලොකු අවබෝධයක් තිබිල නැහැ. ඒක නිසා එයා තමන්ගෙ Dp එකක් දාල තියෙනව තමන්ගෙ Account එකට. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට නාදුනන Telegram Account එකකින් කවුද කෙනෙක් Masseges දාල මේ Vindi ට.
ඉතින් ඒ කෙනා Vindi ගෙ විස්තර, එහෙමත් දැනගන්න උත්සාහ කරල තියෙනව. බලෙන් වගේ Video Calls පවා අරගන්න Try කරල තියෙනවා. මේ ගැන සැක හිතුණු Vindi මේ සිද්ධිය ගැන ගොඩක් බුද්ධිමත් විදිහට තීරණ අරන් එයාගෙ අයියල දෙන්නට මේ ගැන කියල එයාලව දැනුවත් කරල තියෙනව. ඉතින් අර massege දාපු පුද්ගලය Vindi ගෙන් Number එක ඉල්ලල තියෙනව. මේ Vindi ඒ කෙනාට දීල තියෙන්නෙ එයාගෙ පොඩි අයියගෙ Number එක.
ඒ වෙලාවෙ Vindi බුද්ධිමත්ව වැඩ කරපු නිසා මේ ප්‍රශ්නයෙන් බේරුණා. නිකමට හිතන්න එයා තමන්ගෙ Number එක දූන්න නම් මොනව වෙයිද ❓😱 අන්න ඒ නිසයි මෙච්චර කියන්නෙ විශේෂයෙන්ම ගෑණූ ළමයි ගොඩක් පරිස්සම් වෙන්න. ඇත්තටම තමන්ගෙ ඇත්ත නමවත් Telegram වලට Use නොකරන තරමට හොදයි.
තමන්ගෙ Photo තියෙන Stories දාන්න එපා. Settings වලින් Privacy පවා හදාගන්න.
Group වල ඉන්න හැම කෙනාම ළමයි නෙවෙයි. විවිධ අරමුණු තියෙන අය ඉන්නව. අනිත් එක ළමයි වුණත් හැමෝම හොද අයත් නෙමෙයි. ඕනම කෙනෙක් වැඩිය විශ්වාස කරන්න එපා. ( කොල්ලො වුණත් පරිස්සමෙන් ඉතින්.. )ඉතින් ඔයාල පරිස්සම් වෙන්න.
මේ කතාව ඒ නංගිගෙ. එයා මට මේක ඔයාලට කියල දැනුවත් කරන්න කිව්ව.
මේක දැකල එක ගෑනු ළමයෙක්ගෙ හරි ඇස් පෑදුණානම් ඒ පින යන්න ඕනෙ මේක කියපූ නංගිට.. ✨🤍
''
මේව හරියට අලු යට ගිනි පුපුරු වගේ...''
මෙහෙම සිද්ධි ගෑනු ළමයි කී දෙනෙක්ට වෙලා ඇතිද❓❓❓
තමන්ගෙ හෘද සාක්ෂිය දන්නව කී දෙනෙක්ට මේ වගේ දේවල් කියා ගන්න බැරුව තනියෙම විදවනවාද කියල... ❓❓❓
ꜱᴄɪᴇɴᴄᴇ ᴋᴜᴘᴘɪʏᴀ