Overthinking ආදරයට බලපානවද?
ඊට කලින් overthink ගැන හිමීට කතා කරමුකෝ... ❤️💭
අපේ පරම්පරාවට overthink කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්ට දෙයක් නෑ. ඇත්තටම මම social media වල දැක්ක දෙයක් තමා කෝපිපාට සමාජයේ වදන්වල වැඩිපුර තියෙන්නේ ඕවර්තින්කින් ගැන. ඒ මනෝභාව තමයි මේ ලෝකේ දකින්න පුළුවන් පරම හැඟීම විදිහට සමහරු අර්ථදක්වන්නේ.ඒවුණාට මේ මනෝභාව සමරන්න තරම් ලස්සන දෙයක් නෙවේ.මුලින්ම ඒක කියන්නෝනි.
ඕවර්තින්ක් කියලා කීවාට මේකට කියන හරිම නම rumination වෙනවා. අපි භාවිතා කරන පාරිභාෂිතය මොකක් වුණත් අවසානයක් නැති නොනවතින ඍණාත්මක සිතුවිලි ලූප් එකක් මේක. මේ ලූප් එකේ මනෝභාවයන් ඇති වෙන විදි ආකාර 13 ක් තියෙනවා.🏃♂️ ඒවා ගැන පැහැදිලි කරොත් සටහන දිග වෙන හින්දා ලියන්නේ යන්නේ නෑ.
පර්යේෂණවලින් කියන්නේ වයස අවුරුදු 25-35 අතර පුද්ගලයින්ගෙන් 75% ක් ඕවර්තින්ක්වලට නැඹුරුයි කියලා සහ කාන්තාවන් පිරිමින්ට වඩා ඕවර්තින්ක් කරනවා කියලා. දැන් highschool වල ඉන්න තරුණ ළමයින්ගේ සිතුවිලිවලට සමානයි 1800 ගණන්වල හිටපු මනෝව්යාධිකයෙක්ගේ සිතුවිලිවලට. මම අදටත් RIPC එකට යද්දී practical training වල හම්බෙන අය ගොඩ දෙනෙක් overthink හින්දා ප්‍රශ්නවලට පැටලුණු මිනිස්සු. ඉතින් අපේ සංවාදවලදී ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ මිනිස්සු ඇයි තමන් අකමැති දේ තමන්ට නොලැබුණු දේවල් ගැන වැඩිපුර හිතලා අවුල් වෙන්නේ කියලා.
එක එක අය විවිධ මත දරද්දී මම මේකට දාන මතය තමයි පරිණාමික හේතු හින්දා මෙහෙම වෙනවා කියලා. සමාජීය වශයෙන් ගොඩනැගිලා ශිෂ්ටාචාර බිහි කරගන්න කලින් අවුරුදු ගණනාවක් අපි කැලෑවල හිටපු අය. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 4% කටත් වඩා අඩුවෙන් අපි ඒ කාලයේ ඉදලා තියෙන්නේ.ඉතින් ඒ හැර අනිත් කාලේ අපි කැලෑවල හිටියේ සොබාදහමේ නීතිවලට අනුකූලව. ඉතින් ඒ කාලය තුළ අපිව survive වෙන්න විතරයි අපේ මොළෙන් උපදෙස් දෙන්නේ.මම කොහොමද තර්ජන වළක්වා ගන්නේ, මම කොහොමද දෛනිකව ආහාර අවශ්‍යතාව සපුරාගන්නෙ කියන කාරණාවලට වැඩිබරක් වැටෙන්නේ.
ඒහින්දා තමා අපි නරක දේ, අවුල් දේ ඍණාත්මක දේ ගැනම හිතන්නේ. මොකද අපි දන්නවා අපිට ධනාත්මක දේවල් හිතුවා කියලා අපිට තර්ජනයක් ඇති වෙන්නේ නෑ කියලා. ප්‍රාථමික සේපියානු මොළේ එහෙම හැදෙන එක සාමාන්‍ය යි.
ඒත් නූතන සමාජයේ මේ තත්ත්වය බරපතල ඇයි?
ෆෝන් එක.😂 ඕනිම ලෙඩක් ඇති වෙන්න බලපාන ගෙදර අයගේ ඇස්වලට දකින්න ලැබෙන හේතුව ෆෝන් එක. ෆෝන් කීවට ඒ තාක්ෂණය ගැනයි මම කතා කරන්නේ.
"අම්නේ අම්පේ කාම්ලේ තම්මා හොම්දම දැම්න් ඉම්න අම්ය සෙම්ට් නෑ" 🤡
මේ කතාව ඕනෑම තැනක ඇහිලා ඇති. generation gap දෙකක ඉන්න අය අතර පැහැදිලි වෙනසක් තියෙනවා.bඔයා ඉන්නේ Gen Z වේවා Gen Alpha වේවා ඒ පරම්පරා ඔක්කෝම ජීවත් වෙන්නේ වේගයෙන් වෙනස් වෙන තාක්ෂණය එක්ක. සාමාන්‍යයෙන් මොළේ පරිණත වෙන්නේ අවුරුදු 25 වගේ කාලයකදී. ඊට කලින් අතට ලැබෙන ෆෝන් එක නිසා ඔක්කොම කණපිට ගහන සීන් එකක් තියෙන්නේ.😂 සාමාන්‍යයෙන් 25ට කලින් බඳින්න ත් එපා කියන්නේ ස්නායුපථ පරිණත වෙන්න කලින් බැන්දාම ඔයාගේ මොලේ අවුල් වෙන හන්දා.🏃♂
social media නිසා අපි අපේ ඩොපමීන් ඕනාවට වඩා උත්තේජනය කරගන්නවා. මත්ද්‍රව්‍ය පැත්තකින් තියලා තාවකාලික වින්දනය ගන්න ප්‍රධාන ක්‍රමේ social media. ඒත් ඒ වින්දනය මොළය අවුල් කරන දෙයක්. ඒ වින්දනයෙන් කියන්නේ සතුට ගැන නෙවේ. අපිට social media හින්දා සට සට ගාලා වින්දනය ලබාගන්න ක්‍රම තියෙන හින්දා මොළේ හැමවෙලේම ඒ වින්දනය ඉල්ලනවා. ඒ වින්දනය ගන්න නම් මොළයට අනවශ්‍ය සිතුවිලි එළියට දාන්නම වෙනවා. ඒහින්දා අපේ පරම්පරා අනිත් පරම්පරාවලට සාපේක්ෂව ඕවර්තින්ක්.
දැන් සමහර අය හිතනවා මේක ලෙඩක් කියලා. නැහැ මේක ලෙඩක් නෙවේ. නිරෝගි නොවන මනසක ඇති වෙන තත්ත්වයක් විතරයි.
Overthinking තමන්ගේ වාසියට හරව ගන්නේ කොහොමද ?
මම ඒක ගැන කෙටියෙන් කියන්නම්. ඔයා කොළයක් අරගෙන නෝට් කරගන්න ඔයාට එන සිතුවිලි වලින් ඔයාගේ අනාගතේට ප්‍රයෝජනවත් වෙන්නේ මොනාද සහ නැත්තේ මොනාද කියලා.ඔයා මොනා හරි ප්‍රශ්නයකින් ඉන්නවා නම් ඔයා ඕවර්තින්ක් කරන එකෙන් ඒකට පිළිතුරක් හම්බෙනවාද කියලා හිතලා බලන්න. මේක ඔයා කාලයක් තිස්සේ කරන්නෝනි. ඔයාට ඒකෙන් නරක බලපෑමක් වෙනවා නම් ඔයා පිළිගන්නෝනි ඔයා දැන් මේකෙන් වෙනස් වෙන්නෝනි කියලා. මොකද සිතුවිලි කියන්නේ හැමවෙලේම යථාර්ථය නෙවේ. Overthink කරන හැමෝටම නරක බලපෑමක් කරන්නේ නෑ ඒත් ඒක වදයක් කියලා හිතෙන අයට ඒකෙන් මිදෙන්න හොදම ක්‍රමේ විනෝදෙන් ඉන්න අපේ වචනෙන් කීවොත් ආතල් සෙට් එකක් එක්ක ඉන්න එක ඔයාගේ ඒ තත්ත්වය අඩු වෙන්න හේතුවක් වෙනවා.😂 හැබැයි ඔයා එයාලාට පෙන්නන්න එපා ඔයා ඕවර්තින්ක් කියලා සහ ඒ ආතල් කඩන්නත් එපා. 🏃♂️ මීට වඩා බරපතල ප්‍රස්න තියේ නම් මාව හරි සම්බන්ධ කරගෙන අහන්න.💆🏻♂
හැබැයි මම එක දෙයක් කීවේ නෑ. මම ආදරයට overthink බලපාන කතාව. ඒවුනාට අදට ඇති මට දැන් හති!
මම ඊළග සටහනෙන් ඒක ගේන්නද කියන ප්‍රතිචාරය ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා.🦦
එහෙනම් මන් ගියා...🏃♂️
🖊 Janiru Ransith
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬