𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬


Channel's geo and language: India, Sinhalese
Category: Adult


𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬
•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts
★Promotion: @Thizh_69
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl
s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Related channels  |  Similar channels

Channel's geo and language
India, Sinhalese
Category
Adult
Statistics
Posts filter


The first Mercedes-Benz ever ‼️

Benz lovers - ❤️
BMW lovers - 🔥 ‎


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


🛰️ Voyager 1 පෘථිවියට වඩා ජීවමානව පවතිනු ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරයි. 😱

මානව ඉතිහාසයේ අද්විතීය නිර්මාණයක් වන වොයේජර් 1 යානය, බ්‍රහස්පති සහ සෙනසුරු අධ්‍යයනය කිරීම සඳහා 1977 දී අභ්‍යවකාශ ගත කලේය.
අද වන විට පෘථිවියේ සිට 24,878,956,294 km දුරකින් ගමන් කරන මෙය අන්තර් තාරකා අවකාශය හරහා සදහටම පාවී යමින් තිබෙනවා. ✨

පෘථිවිය බොහෝ විට වසර බිලියන කිහිපයකින් සූර්යයා විසින් වාෂ්ප කරත්, Voyager 1 ඒ වන විටත් අභ්‍යවකාශය හරහා ගමන් කරනු ඇත. 🌌

Voyager 1 ගැන දන්නැති කෙනෙක් ඉන්නවා නම් හොයලා බලන්නකෝ කතාව... 🥹❤️‍🔥


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


Overthinking ආදරයට බලපානවද? ❤️💭

මීට කලින් ගෙනාපු සටහන අවසන් කරේ overthinking ආදරයට බලපාන කතාවෙන් නේ. කලින් සටහන කියෙව්වේ නැත්තම් ඒකත් කියවන්න.

Overthinking කියන එක අද මම වෙනස් විදිහට කියන්නම්.🦧
එක් අදහසක් හෝ තත්ත්වයක් පිළිබදව කිසිම ගැළපීමක් නැතුව නැවත නැවත විශ්ලේෂණය කිරීම overthinking කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තත්ත්වයටම decision paralysis හෝ analysis paralysis කියලත් කියනවා. ආදර සබඳතාවක් මුලින්ම පටන් ගනිද්දී මේ තත්ත්වය තමා ඇති වෙන්නේ.

ආදරයේ දී overthinking ඇති වෙන මූලික අවස්ථා 3 ක් තියෙනවා.
මුලින්ම ඔයාට self doubt එකක් ඇති වෙනවා එයා මට කැමති ද? නැත්තම් ඒ වගේ මවාපානව ද කියලා... ඊට පස්සේ future anxiety එකක් එනවා. ඒ කියන්නේ මම මේ සබඳතාව දිගටම තියාගෙන යනවද කියලා. අන්තිමට
Overanalyzing interactions. මේක තමයි බරපතලම. ඒ කියන්නේ ඔහුගේ හෝ ඇයගේ වැරදි දකින්න ලැබෙනවා, ඒ වැරදි සමහර ඒවා ඔයා විසින්ම මවාගෙන ඉන්න ඒවා, ඒ ආදරය අනවශ්‍ය ලෙස සැක කරනවා. ඉතින් ඔය අවස්ථා 3 තමයි ආදරය කරද්දී ඇති වෙන උච්චතම අවස්ථා. 😞💔

ඉතින් subgenual prefrontal cortex එකෙන් තමා අපිව ඕවර්තින්ක් වලට ගෙනියන ප්‍රධාන කාර්‍යභාරය කරන්නේ. නිකමට හරි ඔයා prefrontal cortex එක නැති කෙනෙක් උනා නම් තනිකරම මැෂින් එකක් නැත්තම් සොම්බියෙක් වෙනවා. මොකද හැඟීම් පාලනය කරලා මනස නිරෝගි කරන්න හේතු වෙන්නේ prefrontal cortex එක. ඉතින් ඒ සීමාව ඉක්මවද්දී තමා overthinking ඇති වෙන්නේ.

ඉතින් සහකරුවෙක් overthink කරද්දී ඇයි එයාට ආදරය ගැන අවිශ්වාසයක් ඇති වෙන්නේ? 🤔

හේතුව Amygdala.
Amygdala කියන්නේ අපේ භීතිය වගේම හදිසි ප්‍රතිචාරයන් මතුකරන මොළයේ කොටසක්. Overthinking මඟින් amygdala පමණට වඩා ක්‍රියාකරද්දී කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන මට්ටම වැඩි කරනවා. ඉතින් ඒහන්දා තමා අවිශ්වාසයක් ඇති වෙන්නේ.

ඉතින් overthinker කෙනෙක්ට ගැළපෙනම සහකරුවා කව්ද?

මගේ මතය නම් Overthink කෙනෙක්ට ගැළපෙනම සහකරුවා Overthink කෙනෙක්ම වෙන්නෝනි. ආයේ කියනවා මේක මගේ මතය. ආදරයේදී overthink වලින් අවිශ්වාසය වගේම ඕනෑවට වඩා care කිරීමත් අදාළයි. මොකද දැන් ඉන්න සමාජයේ ගොඩක් කපල්ස් care කිරීමෙන් ආදරයේ දිග පළල මනිනවා.👍 Over කියන්නේ පමණට වඩා කියන තේරුම නේ. ඉතින් overthink කෙනෙක්ට විතරයි ඒ වගේ පමණට වඩා නැත්තම් overcaring කරන්න පුළුවන්. 🧠👈

මොකද පමණට වඩා ආදර කරන්න නම් ඔයා ඒ ආදරයට විහින් වගකීමක් ආරූඪ කරගෙන ආදරය කරන්නෝනි. ඉතින් එහෙම ආදරයක් නඩත්තු කරන්න අමාරුයි ඒ පුද්ගලයා ඕවර්තින්ක් නැත්තම්.

සාමාන්‍යයෙන් මුලදී love කරද්දී අපි හැමෝම overcaring. ඉතින් කාලයක් යද්දී ඒ hype එක අඩුවෙනවා. මොකද මිනිහෙක්ට ඕනවට වඩා ආදරයක් ආරූඪ කරගෙන love කරන්න අමාරුයි...

“අම්නේ මම් ගැම්න හිම්තන්න, ඔම්‍යා මාම්ව මීම්ට වම්ඩා බම්ලාගන්න ඕම්නි.” 😭💦

මේ කතාව ගොඩක් වෙලාවට ඇහෙන්නේ ගෑනු පාර්ශ්වයෙන්. මොකද මම කලින්ම කීවා කෙල්ලෝ කොල්ලොන්ට වඩා ඕවර්තින්ක් කියලා.😅 ඉතින් මට සාපේක්ෂව, මම කැමති නෑ ආදරය කරද්දී එහෙම අමුතු වගකීමක් හැමවෙලේම මතක් කර කර ආදරය කරනවට. මොකද මම මේ කාරණා සම්බන්ධයෙන් පමණට වඩා හිතන්නේ නෑ. මම කැමති නිදහසේ ආදරය කරන්න.🏃

ඉතින් මගේ අත්දැකීමට අනුව නම් ආදරයේදී එක්කෙනෙක් overthink  නොවුනාම අනිත් එක්කෙනා සෙනිකව මූඩ් ගහනවා. මොකද තමන්ට මෙයාගෙන් අවධානය ලැබෙන්නේ නෑ කියන දේ එක්ක. ඉතින් ඒකෙදී overthink නැති පුද්ගලයාට ඕවා තේරෙන්නේ නෑ. සමහර විට ඒ ආදරය අංශු මාත්‍රයක් වත් අඩු වෙලා නැතුව ඇති. ඒත් වර්තමානයේ දී බහුතරයක් බ්‍රේකප් වෙන්නේ මේ තත්ත්වය හරියාකාරව තේරුම් ගන්න තරම් පරිණත වයසක ලව් කරන්න පටන් ගන්නේ නැති නිසා.😌✋

🏃මාත් දැන් සංවේදි වෙනවා මේවා කියලා. අදට ඇති එහෙනම්. ඒහින්දා ආදරය කරද්දී ඔය කාරණාවත් සැලකිල්ලට අරගෙන ආදරය කරන්න‼️

⚪️ ——————————————————— ⚪️

🦦මගෙන් ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බා මේ ලියන සටහන් වීඩියෝ එකක් විදිහට හදලා දැම්මොත් ගොඩක් හොඳ වෙයි නේද කියලා... එහෙම ප්‍රතිචාරයක් දාපු අයට හදපිරි මෙව්වා එක 🫶🫶. කතාව නම් ඇත්ත. මොකද කියවනවට වඩා අහලා දකින එකත් ප්‍රියයි නේ.😌 අනිත් කාරණෙ Telegram ගොඩ දෙනෙක් අතරට යන්නේ අඩුවෙන්. ඒහින්දා,
මම අලුතෙන් Tiktok page එකක් පටන් ගත්තා‼️

ඉතින් මේ ලියන සටහන්ම මගේ ගොරහැඩි voice එකෙන් පැහැදිලි කරනවා. ඉතින් කැමති නම් Follow කරලා Like කරලා Share කරලා ඕනි දෙයක් කොරලා වැඩේ එක්ක සෙට් වෙන්න.❤️👐 පහළ ලින්ක් එක දාන්නම්.

🌸 https://vt.tiktok.com/ZSMEDp5j5/

👉👈 සටහනේ කොතැනක හරි ඔයාට වැදගත් වෙන තැනක් ඇති කියලා මම හිතනවා. එහෙනම් මන් ගියා...👋🏻
#දැන්නම්හොඳටමtrackout

🖊 Janiru Ransith

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

2.5k 0 14 11 99

රුබික් කියුබ් එක නිර්මාණය කළ පසු එහි නිර්මාතෘට එය නිවැරදිව විසඳීමට මාසයක කාලයක් ගත විය. 🥲🔥

මේවා ක්ෂණිකව හදන්න පුළුවන් වැඩ්ඩො ඉන්නවද? 😎


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

3.2k 0 0 18 216

2015 දී, ටෙක්සාස් හි එළදෙනක් සිව් නිවුන් දරුවන් බිහි කළ අතර, එය මිලියන 11 න් 1 ක සම්භාවිතාවක් සහිත ඉතා දුර්ලභ සිදුවීමකි. 😱🐄

එම පැටවුන් 4 දෙනාට ඊනි, මීනි, මයිනි සහ මූ ලෙස නම් තබන ලදී. 🌝

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

3.7k 0 8 20 353

ඔබ දන්නවාද?

සාමාන්‍ය කාර්යාල මේසයක වැසිකිළියකට වඩා 400 ගුණයකින් බැක්ටීරියා තිබේ.
😵‍💫💻

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


Overthinking ආදරයට බලපානවද?
ඊට කලින් overthink ගැන හිමීට කතා කරමුකෝ... ❤️💭

අපේ පරම්පරාවට overthink කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්ට දෙයක් නෑ. ඇත්තටම මම social media වල දැක්ක දෙයක් තමා කෝපිපාට සමාජයේ වදන්වල වැඩිපුර තියෙන්නේ ඕවර්තින්කින් ගැන. ඒ මනෝභාව තමයි මේ ලෝකේ දකින්න පුළුවන් පරම හැඟීම විදිහට සමහරු අර්ථදක්වන්නේ.ඒවුණාට මේ මනෝභාව සමරන්න තරම් ලස්සන දෙයක් නෙවේ.මුලින්ම ඒක කියන්නෝනි.

ඕවර්තින්ක් කියලා කීවාට මේකට කියන හරිම නම rumination වෙනවා. අපි භාවිතා කරන පාරිභාෂිතය මොකක් වුණත් අවසානයක් නැති නොනවතින ඍණාත්මක සිතුවිලි ලූප් එකක් මේක. මේ ලූප් එකේ මනෝභාවයන් ඇති වෙන විදි ආකාර 13 ක් තියෙනවා.🏃‍♂️ ඒවා ගැන පැහැදිලි කරොත් සටහන දිග වෙන හින්දා ලියන්නේ යන්නේ නෑ.

පර්‍යේෂණවලින් කියන්නේ වයස අවුරුදු 25-35 අතර පුද්ගලයින්ගෙන් 75%  ක් ඕවර්තින්ක්වලට නැඹුරුයි කියලා සහ කාන්තාවන් පිරිමින්ට වඩා ඕවර්තින්ක් කරනවා කියලා. දැන් highschool වල ඉන්න තරුණ ළමයින්ගේ සිතුවිලිවලට සමානයි 1800 ගණන්වල හිටපු මනෝව්‍යාධිකයෙක්ගේ සිතුවිලිවලට. මම අදටත් RIPC එකට යද්දී practical training වල හම්බෙන අය ගොඩ දෙනෙක් overthink හින්දා ප්‍රශ්නවලට පැටලුණු මිනිස්සු. ඉතින් අපේ සංවාදවලදී ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ මිනිස්සු ඇයි තමන් අකමැති දේ තමන්ට නොලැබුණු දේවල් ගැන වැඩිපුර හිතලා අවුල් වෙන්නේ කියලා.

එක එක අය විවිධ මත දරද්දී මම මේකට දාන මතය තමයි පරිණාමික හේතු හින්දා මෙහෙම වෙනවා කියලා. සමාජීය වශයෙන් ගොඩනැගිලා ශිෂ්ටාචාර බිහි කරගන්න කලින් අවුරුදු ගණනාවක් අපි කැලෑවල හිටපු අය. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 4% කටත් වඩා අඩුවෙන් අපි ඒ කාලයේ ඉදලා තියෙන්නේ.ඉතින් ඒ හැර අනිත් කාලේ අපි කැලෑවල හිටියේ සොබාදහමේ නීතිවලට අනුකූලව. ඉතින් ඒ කාලය තුළ අපිව survive වෙන්න විතරයි අපේ මොළෙන් උපදෙස් දෙන්නේ.මම කොහොමද තර්ජන වළක්වා ගන්නේ, මම කොහොමද දෛනිකව ආහාර අවශ්‍යතාව සපුරාගන්නෙ කියන කාරණාවලට වැඩිබරක් වැටෙන්නේ.
ඒහින්දා තමා අපි නරක දේ, අවුල් දේ ඍණාත්මක දේ ගැනම හිතන්නේ. මොකද අපි දන්නවා අපිට ධනාත්මක දේවල් හිතුවා කියලා අපිට තර්ජනයක් ඇති වෙන්නේ නෑ කියලා. ප්‍රාථමික සේපියානු මොළේ එහෙම හැදෙන එක සාමාන්‍ය යි.

ඒත් නූතන සමාජයේ මේ තත්ත්වය බරපතල ඇයි?

ෆෝන් එක.😂 ඕනිම ලෙඩක් ඇති වෙන්න බලපාන ගෙදර අයගේ ඇස්වලට දකින්න ලැබෙන හේතුව ෆෝන් එක. ෆෝන් කීවට ඒ තාක්ෂණය ගැනයි මම කතා කරන්නේ.

"අම්නේ අම්පේ කාම්ලේ තම්මා හොම්දම දැම්න් ඉම්න අම්ය සෙම්ට් නෑ" 🤡

මේ කතාව ඕනෑම තැනක ඇහිලා ඇති. generation gap දෙකක ඉන්න අය අතර පැහැදිලි වෙනසක් තියෙනවා.bඔයා ඉන්නේ Gen Z වේවා Gen Alpha වේවා ඒ පරම්පරා ඔක්කෝම ජීවත් වෙන්නේ වේගයෙන් වෙනස් වෙන තාක්ෂණය එක්ක. සාමාන්‍යයෙන් මොළේ පරිණත වෙන්නේ අවුරුදු 25 වගේ කාලයකදී. ඊට කලින් අතට ලැබෙන ෆෝන් එක නිසා ඔක්කොම කණපිට ගහන සීන් එකක් තියෙන්නේ.😂 සාමාන්‍යයෙන් 25ට කලින් බඳින්න ත් එපා කියන්නේ ස්නායුපථ පරිණත වෙන්න කලින් බැන්දාම ඔයාගේ මොලේ අවුල් වෙන හන්දා.🏃‍♂

social media නිසා අපි අපේ ඩොපමීන් ඕනාවට වඩා උත්තේජනය කරගන්නවා. මත්ද්‍රව්‍ය පැත්තකින් තියලා තාවකාලික වින්දනය ගන්න ප්‍රධාන ක්‍රමේ social media. ඒත් ඒ වින්දනය මොළය අවුල් කරන දෙයක්. ඒ වින්දනයෙන් කියන්නේ සතුට ගැන නෙවේ. අපිට social media හින්දා සට සට ගාලා වින්දනය ලබාගන්න ක්‍රම තියෙන හින්දා මොළේ හැමවෙලේම ඒ වින්දනය ඉල්ලනවා. ඒ වින්දනය ගන්න නම් මොළයට අනවශ්‍ය සිතුවිලි එළියට දාන්නම වෙනවා. ඒහින්දා අපේ පරම්පරා අනිත් පරම්පරාවලට සාපේක්ෂව ඕවර්තින්ක්.

දැන් සමහර අය හිතනවා මේක ලෙඩක් කියලා. නැහැ මේක ලෙඩක් නෙවේ. නිරෝගි නොවන මනසක ඇති වෙන තත්ත්වයක් විතරයි.

Overthinking තමන්ගේ වාසියට හරව ගන්නේ කොහොමද ?

මම ඒක ගැන කෙටියෙන් කියන්නම්. ඔයා කොළයක් අරගෙන නෝට් කරගන්න ඔයාට එන සිතුවිලි වලින් ඔයාගේ අනාගතේට ප්‍රයෝජනවත් වෙන්නේ මොනාද සහ නැත්තේ මොනාද කියලා.ඔයා මොනා හරි ප්‍රශ්නයකින් ඉන්නවා නම් ඔයා ඕවර්තින්ක් කරන එකෙන් ඒකට පිළිතුරක් හම්බෙනවාද කියලා හිතලා බලන්න. මේක ඔයා කාලයක් තිස්සේ කරන්නෝනි. ඔයාට ඒකෙන් නරක බලපෑමක් වෙනවා නම් ඔයා පිළිගන්නෝනි ඔයා දැන් මේකෙන් වෙනස් වෙන්නෝනි කියලා. මොකද සිතුවිලි කියන්නේ හැමවෙලේම යථාර්ථය නෙවේ. Overthink කරන හැමෝටම නරක බලපෑමක් කරන්නේ නෑ ඒත් ඒක වදයක් කියලා හිතෙන අයට ඒකෙන් මිදෙන්න හොදම ක්‍රමේ විනෝදෙන් ඉන්න අපේ වචනෙන් කීවොත් ආතල් සෙට් එකක් එක්ක ඉන්න එක ඔයාගේ ඒ තත්ත්වය අඩු වෙන්න හේතුවක් වෙනවා.😂 හැබැයි ඔයා එයාලාට පෙන්නන්න එපා ඔයා ඕවර්තින්ක් කියලා සහ ඒ ආතල් කඩන්නත් එපා. 🏃‍♂️ මීට වඩා බරපතල ප්‍රස්න තියේ නම් මාව හරි සම්බන්ධ කරගෙන අහන්න.💆🏻‍♂

හැබැයි මම එක දෙයක් කීවේ නෑ. මම ආදරයට overthink බලපාන කතාව. ඒවුනාට අදට ඇති මට දැන් හති!
මම ඊළග සටහනෙන් ඒක ගේන්නද කියන ප්‍රතිචාරය ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා.🦦
එහෙනම් මන් ගියා...🏃‍♂️

🖊 Janiru Ransith

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.6k 0 10 15 244

🐍ඉන්දුනීසියාවේ ජකර්තා හි සර්පයන් සහ පිඹුරන් යොදාගෙන සුවිශේෂී සම්භාහන ප්‍රතිකාර සේවා සපයන, Bali Heritage Reflexology & Spa නමින් ප්‍රසිද්ධියට පත් ස්පා එකක් තිබේ. 😱

මෙම සම්බාහනයේ සංකල්පය වන්නේ, සර්පයන්ගේ චලනය සහ ඔවුන් ගැන ඇති බිය නිසා ඇතිවන ඇඩ්‍රිනලින් වැඩිවීම, පරිවෘත්තීය ක‍්‍රියාවලියට ධනාත්මක බලපෑමක් ඇති කරන බවට විශ්වාස කිරීමයි. භාවිතා කරන සර්පයන් විෂ සහිත නොවන බවත් පාරිභෝගික ආරක්ෂාව සඳහා සම්බාහනය කිරීමට පෙර සර්පයන්ට ආහාර ලබා දෙන බවත්, සමහර අවස්ථාවලදී ඔවුන්ගේ මුඛය ටේප් කර වසා දමන බවත් වාර්තා වේ.

නයා :- ම්ම්ම්, සැප සැප😌


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


පුරාණ රෝමයේ, මුත්‍රා යනු බදු අය කරන ලද වෙළඳ භාණ්ඩයක් විය. 💦💵

ඒවා භාවිතා කරන ලද්දේ ඇඳුම් වල පැල්ලම් හා ග්‍රීස් පිරිසිදු කිරීම, දත් සුදු කිරීම, සම් සෑදීම, ගොවිපල පොහොර ලෙස, රෙදි සෝදන කර්මාන්තයේ ලොම් ටෝග පිරිසිදු කිරීම සහ සුදු කිරීම වැනි කටයුතු සඳහායි. 😐✋


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

5.3k 0 0 34 222

ඇහුනදෝ.... හූ.... 😮

උදේ 8ට අමතක නොකර වත්තට බහින්න සංගණනෙට ‼️

මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

5.9k 0 0 28 213

🇺🇸ෆ්ලොරිඩාවේ පවර්බෝල් ලොතරැයි ටිකට්පත් මිලදී ගැනීම වෙනුවෙන් පෝලිමේ සිටි අයෙක්,
වයෝවෘධ කාන්තාවක් එම පෝලිමේ පසුපස ඉන්නවා දැක තමාගේ ඉදිරි ස්ථානයට යෑමට ඇයට අවසර දුන්නේය. 🎰

අවසානයේ 84 හැවිරිදි කාන්තාව මිලදී ගත් ලොතරැයියට ඩොලර් මිලියන 590 ක සුපිරි ජයමල්ල ඇදුණි. 🥲💔


ඒ dial එක ඔයා උනා නම් ඊටපස්සේ mk? 🙂


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6.5k 0 0 23 294

🇿🇼සිම්බාබ්වේ හි ප්‍රථම ජනාධිපති වන කැනන් බනානා 1982 දී ඔහුගේ නම සමඟ විහිළු කිරීම තහනම් කරමින් නව නීතියක් සම්මත කළේය. 😁🚷

බනානා කැන් = කෙසෙල් කැන් 🍌


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


දකුණු ආසියාව කියන්නේ මහා අමුතු සාමාජික මතවලින් ගොඩනැගුණු සමාජයක්. එක පැත්තකින් කාන්තාව උත්තරීතර තත්ත්වයකට පත් කරද්දී තව පැත්තකින් ඒ කාන්තාවම කෙලසන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා.💔 හරියටම මීට මාස 7 කට කලින් ඉන්දියාවේ වෛද්‍යවරියක්ව දූෂණය කරපු සිද්ධිය ගැන මම සටහනක් ගෙනවා. මම ඒකේ දී ලංකාවේ නීති ගැනත් ලියලා තිබ්බා සහ ඒවායෙහි සංශෝධනය විය යුතු තැන් ගැනත් සඳහන් කළා. මම ඒ කොටසත් මේකට සම්බන්ධ කරන්නම් ඉස්සරහට.

ඊට කළින්, ස්ත්‍රී දූෂණය සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද ? 

ඔව් මම කියන්නෙත් ක්‍රියාත්මක කළ යුතුයි කියන අදහසෙන්.හැබැයි ඒ වගේම එහෙම කළොත් එන ප්‍රශ්න දෙකක් තියෙනවා
ලිංගික අපරාධයක් වුණාම අපි ඒ අවස්ථාවට අනුව  කේන්ති ගන්නවා. මෙහෙම මිනිසුන් ජීවත් නොවිය යුතුයි සහ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෝනි කියලා අදහස සහකම්පනයක් තියෙන ඕනෑම පුද්ගලයෙක්ට එනවා. හැබැයි ඝාතකයෙකුට දෙන මරණ දඬුවම ලිංගික අපරාකරුවෙකුටත් දුන්නාම ඒ වින්දිතයාව මරලා ඒ අපරාධය වහන්න උත්සහ කරනවා.
උදාහරණෙකට ඔයා අපරාධකාරයෙක් විදිහට හිතුවොත් ඔයා හිතනවා එහෙම පණපිටින් යැව්වොත් අපරාධය හෙළිවෙන්න තියෙන අවස්ථාව වැඩියි කියලා. එතකොට  කොහොමත් මරණ දඬුවම ලැබෙන එකේ, අපරාධයට ලක්වෙන්නාව මරලා දාලා අපරාධය හෙළිවීම වළක්වන්න අපරාධකරුවා උත්සාහ කරන්න පුළුවන්. මොකද ලිංගික අඩත්තේට්ටම් කළත්, මැරුවත් ලැබෙන්නෙ එකම දඬුවම නේ. නමුත් මැරුවොත්, අපරාධය හෙළිවී දඬුවම ලැබීමේ සම්භාවිතාව අඩුවෙනවා. ඇයි මම එහෙම කියන්නේ කියලා හිතනවා ඇති.

2013 වසරේ දී එක්සත් ජාතින්ගේ වාර්තාවල එනවා ස්ත්‍රී දූෂණ කරපු අපරාධකරුවන් අතරින් 96% කටත් වැඩි ප්‍රමාණයක් නිදැල්ලේ ඉන්නේ කියන එක. මීට වඩා මේ දේවල්වලට සංවේදී වෙන්නෝනි. සුද්දාගෙ නීතියවත් හරිහැටිව ක්‍රියාත්මක වෙන්නේ නැති මිනිස්සු පවා ඇස්, කන් වහගෙන ඉන්න මට්ටමේ සමාජයක අපි ඉන්නේ.

අනිත් කාරණය රජය පැත්තෙන් බලන්නෝනි. දැන් මෙහෙමනේ කාන්තාවන්ට එරෙහි ව ලිංගික හිංසන සිදුවෙන්නේ ඇයි?
ඒවා වළක්වාගැනීමට සිදුකළ යුතු දේ කුමක් ද කියන දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාවක් රජයට නැති වෙනවා මොක ද මේ වගේ මරණ දඬුවම දීලා අතපිහදගන්න ස්වභාවේ ඊළගට එන්නේ. මේ අපරාධ තත්ත්ව අඩු කරන්න කිසිම පියවරක් යොදන්නේ නැති වෙයි. දිගටම ස්ත්‍රී දූෂණ වාර්තා වෙයි.

වොයිස් කට් දීලා මිනිස්සුන්ව සනසන විදිහේ ප්‍රකාශ දෙන්න සමත් රජයවල් නේ දැනටත් තියෙන්නේ.

එනිසා, අවසන් ප්‍රතිඵලය වින්දිතයාගේ පැත්තෙන් බලනවා නම් සිදුවිය යුත්තේ ලිංගික අපරාධකරුවන්ට chemical castration වගේ දැඩි දඬුවමක් දෙන එක. ඒ සම්බන්ධ නඩු අවුරුදු ගණන් ඇදෙන්නේ නැතිවෙන්න පියවර ගන්නෝනි.

මම කියන්නේ ලංකාවේදී දැන් මේ ගෙවන කාලය තුළ  වාර්තා වෙන ස්ත්‍රී දූෂණවලට විසඳුම කිසිසේත්ම මරණ දඬුවම වෙන්න හොඳ නැහැ කියලා.

මෙහෙම යි  ලිංගික අපරාධකරුවන් බිහිවෙන්නේ කාන්තාවන් පිළිබඳ වෛරී මත සමාජයේ පැළපදියම්වීම ද ඇතුළු බොහෝ සමාජමය කාරණා නිසාමයි. මම මුලින් සඳහන් කළ  මාස 07 කට කලින් දාපු සටහන කියවපු ගොඩක් අය මට ප්‍රශංසා කරද්දී එක පුද්ගලයෙක් මට අමු තිත්තෙන් බැන්නා inbox ඇවිල්ලා. පස්සේ බලද්දී ඒ පොර පෝර්න් චැනල් එකක owner කෙනෙක්. ඉතින් ඌ ඌගේ චැනල් එකෙත් ඒ ඉන්දියාවේ දූෂණය වෙච්චි කෙල්ලගේ වීඩියෝ එකක් ඇඩ් එකක් විදිහට හදපු එකෙක් ලු. ඉතින් ඕවාගේ සෝචනීය තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ.

කලින් සටහනේ කොටසක් මම මෙතැනට සම්බන්ධ කරා.

ලංකාව ගැන කතා කළොත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 364 සහ 365  වගන්ති විශේෂ වෙනවා.364 වගන්තියේ එන්නේ ස්ත්‍රී දූෂණ සිද්ධි ගැන.ඒකේ දඩුවම විදිහට නියම වෙන්නේ අවුරුදු 7 කට නොඅඩු අවුරුදු 20 කට නොවැඩි බරපතල වැඩ සහිත ව බන්ධනාගාරගත කරන එක.ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපයෝජවල ට දඩුවම සමානයි.අනික අපේ රටේ විවාහය තුළ සිදුවන ලිංගික බලහත්කාරකම් ගැන කිසිදු සදහනක් නෑ 🫠 මම දන්නේ නෑ ඇයි ඒක වැරැද්දක් විදිහට සදහන් කරන්නේ නැත්තේ කියලා.එතකොට ඒක අනුමත කරලා ද තියෙන්නේ ? මේවයේ කිසිදු සාධාරණයක් නෑ.

මම දකින විදිහට ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වෙනස් කරන්නෝනි දේවල් දෙක තුනක්ම තියෙනවා. ස්ත්‍රී දූෂණය අර්ථ කථනය කරලා තියෙන්නේ කැමැත්ත මත පදනම් වෙලා විතරයි. එතකොට ශාරිරීකව විරෝධතාවයක් පෙන්වන්නේ නැති එකත් කැමැත්ත කියන එකට අයිති වෙන විදිහට හැදිලා තියෙන්නේ.අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනි ඒක නම්.අනික ලිංගික අපයෝජන සහ ස්ත්‍රී දූෂණ යට හිමිවෙන දඩුවම 🫠 ඒක හැමෝටම තේරෙනවා නේ මේක සාධාරණ නෑ කියලා.අනික ස්ත්‍රී දූෂණ සිද්ධියක දී පෙර ලිංගික ඉතිහාසය එක්ක සාක්ෂි විභාග කරන සීන් එකක් තියෙනවා.ඒකත් වෙනස් වෙන්නෝනි 🫠

මේවා ගැන කොච්චර සටහන් ලීවත් ඒ කාලයට දෙන උණුසුම විතරයි. ඊට පස්සේ මිනිස්සුන්ට ගාණකුත් නෑ රජයට ගාණකුත් නෑ ඒ වගේ අමනුෂ්‍ය අපරාධකරුවන්ට ගාණකුත් නෑ.💔  ඉතින් මගේ අදහස සම්බන්ධයෙන් ඔයා පිළිගන්නේ නැති තැන් ඇති.එහෙම ඔයාගේ අදහසට බාධාවක් වුණා නම් සමාවෙන්ටොනි !!!

🖊 Janiru Ransith

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6.6k 0 2 10 266

පෝස්ට් වලට Reaction නම් හොඳටම මදි...😕💔

මේ වගේ පෝස්ට් ඔයාලා වෙනුවෙන් අරන් එන්න අපිවත් උනන්දු වෙන්න Reaction එකක් දාගෙන යන්න පරණ post වලට.🥺
ලොකු දෙයක් නෙවේනේ ඒක විතරයි ඉල්ලන්නේ...❤️

❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬


බ්‍රසීලියානු සංචාරක මකුළුවන්ගේ දෂ්ඨ කිරීම නිසා පැය කිහිපයක් යනතුරු ඔබේ ශිෂ්ණය නොකඩවා ඍජු වී පවතී. 🍌🍌

Priapism නමින් හඳුන්වන මෙම රෝගී තත්වය නිසා ලිංගයට අධිකව රුධිරය ගලා යන අතර එමඟින් දැඩි වේදනාවක් හා මිනිස් සිරුරට විශාල හානියක් සිදුවේ.
🕷🏴‍☠

කොල්ලනේ ප්‍රවේසමෙන්...😪


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6.6k 0 0 14 331

අපි වයසට යනකොට හිසකෙස් සුදු වන්නේ ඇයි?👨‍🦳🤔

වයසට යන විට අපගේ රෝම කූපයේ ඇති වර්ණක සෛල ක්‍රමයෙන් මිය යයි.
කෙස් කළඹක වර්ණක සෛල අඩු වූ විට, එම කෙස් කළඹේ මෙලනින් ප්‍රමාණය තවදුරටත් අඩංගු නොවන අතර එය වැඩෙන විට අළු, රිදී හෝ සුදු වැනි විනිවිද පෙනෙන වර්ණයක් බවට පත්වේ.😱👨‍🦳


කොන්ඩෙ දැනටමත් සුදු අය ඉන්නවද? 😂


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6.6k 0 0 14 227

🐒 රිlove

විනාඩි 5 කින් කරන සංගණනය නිසා මේ දවස් ටිකේ මිනිස්සු වලි දාගන්න මාතෘකාවක් ඇදලා ගත්තේ. සමහරු කියනවා මේක වැරදි සංගණනයක්, තවත් සමහරු කියනවා මේක දළ අදහසක් ගන්ට විතරයි කරන්නේ කියලා. ඒක පස්සේ කතා කරමු.

🏃‍♂️ රිළව් කියන්නේ ලංකාවට ආවේණික ප්‍රයිමේටාවන් අතරින් මැකාන් කියලා හඳුන්වන වඳුරාට. පහතරට, කඳුකර හා වියළි කලාපේට වෙන් උනු වෙන වෙනම උප විශේෂත් ඉන්නවා. රිළව් ප්‍රස්නේ නම් අද ඊයේක ඇති උනු එකක් නෙවේ. මට මතකයි රොබට් නොක්ස්ගේ පොතේ පවා කියලා තියෙනවා වගා බිම්වලට හානි කරන කොච්චර වගා ආරක්ෂා කළත් ඒවාටත් ගේම ඉල්ලන අමුතු පොරක් ඉන්නවාය මෙහේ මිනිස්සු Rillaw කියලා හඳුන්වනවා ය කියලා.😌 මෙහෙමනේ ඔය මැකාන් ලා කොහොමත් උනන්දුයි මිනිස්සු ඉන්න පෙදෙස්වල ජීවත් වෙන්න. එහෙම උනත් මේ වර්තමානයේ දී වෙන වන විනාසයයි, අපි ඉවතලන කෑමවල තියෙන පෝෂ්‍ය පදාර්ථ උන්ට ෆිට් වෙන මට්ටමට හැදිලා තියෙන හින්දා උන් අපිව අතාරින්නෙත් නෑ අපි උන්ව අතාරින්නෙත් නෑ. සංසාර ගනුදෙනුවක් ඒක. 🫂

ඕක කිව්වාම මට මතක් උනේ හිච්චි කාලේ මම දේවාලයක්. දන්නවනේ රිළවුන් යහමින් ඉන්න පෙදෙස් නොවෑ දේවාල කියන්නේ. මම දේවාලවලට යන්නේ පූජා වට්ටිවලට දෙන පළතුරු බුදින්නෙක් විදිහටයි. අයිනකට වෙලා කොමඩුවක් කකා ඉද්දී රිළවෙක් මගේ ඇගට ආවා කියාම්කෝ. මළ කෙලියයි ඌ මගේ කොමඩුවටත් වැඩේ දීලා මගේ පුංචි කැප් එකත් හොරකම් කොරගෙනයි ගියේ.🏃‍♂️😂 next level එකෙන් ඇඩුව මට අන්තිමට අවට හිටපු අය පළතුරු සංග්‍රහයක් වගේම හොරකම් කරපු කැප් එකත් අරන් දුන්නා. කොහොම උනත් මම එදා ඉදන් දේවාල වලට රිංගුවේ නෑ. ඕවාගේ අමිහිරි මතකයක් තමයි මට තියෙන්නේ.🤧

රිළව් වේගයෙන් බෝ වෙනවනේ. ගෑණු රිළවා ට පිරිමි රිළව් කීප දෙනෙක් වගේම පිරිමි රිළවුන්ටත් ගෑනු රිළව් කීප දෙනෙක්ම සෙට් වෙන හින්දා මේ තත්ත්වේ වැඩියි.😬 මිනිස්සු කියලාත් වෙනසක් නෑ අපේ එයුනුත් එක්කෙනෙක්ට කැප වෙන්න අකමැති දහයක් රන් කරන උන්දැලැ නොවෑ.😂💔මම මේක ගැන කලින් විද්‍යාත්මකව පැහැදිලි කොරා, පස්සේ කියවන්ට ඒකත්.
ඉතින් රිළවුන්ගේ ලිංගික අවයව රතු වෙන්න ගද්දී රංචුව පිටින්ම ලිංගික ව එකතු වෙනවා. සමහර අවස්ථාවලදී රිළවුන්ගේ ඉන්න ඇල්ෆා පිරිමියා තමයි හැම ගෑනු සතෙක්ගෙම හම්බෙන පැටවුන්ට තාත්තා වෙන්නේ කියලා කතාවක් තියෙනවා.🙂

😂වැඩේ කියන්නේ විලෝපකයින්ගෙන් පවා රිළවු ගහණය පාලනය වෙන්නේ නෑ නේ. මට මතකයි කාලේකට කලින් රිළවු සෙට් එකක් කඳුකර කොටියෙක්ට ගේමක් දුන්නු අවස්ථාවක්. ඒහින්දාම අපිට රිළවුන්ගේ විලෝපිකයෙක් වෙන්න වෙනවා.

මේක කළමනාකරණය කරන්න නම් Culling හෝ Contraception කරන්න වෙනවා. Culling කියන්නේ වැඩියෙන් ඉන්න සත්තුන්ව මරණ එකට. contraception කියන්නේ වන්ද්‍යකරණයට.

ඉතින් මේ ක්‍රම සාර්ථක ද?

සාර්ථක උනු අවස්ථා වගේම අසාර්ථක උනු අවස්ථාද නැතිවාම නෙවේ. ඕස්ට්‍රේලියාවේ කැන්ගරු, මුහුදු කුරුල්ලෝ අදටත් මේ culling ක්‍රමේට ලක් වෙන සත්තු වෙනවා. අප්‍රිකානු රටවල ඉතින් game hunting එකක් විදිහට මේ ගහණ පාලනය කරනවා. අම්නේ පව් කිව්වාට මේ ලැබෙන ආදායමෙන් තර්ජනයට ලක්වෙන සතුන්ව සංරක්ෂණය කරන්න යොදා ගන්නවා. එක එක රටවලට සාපේක්ෂව යන යුධ වියදම්වලට වඩා සත්තුන්ව පාලනය කරන්න යන වියදමත් වැඩිවෙන අවස්ථා නැතුවාමත් නොවේ.

අර නුවරින් පත් උනු ලාල්කාන්ත  culling කරන අදහසක් තමා දැම්මේ කලින්. ඌට නම් ඒ ගැන අවබෝධයක් තිබ්බාද නැද්ද කියන ගැන මම දන්නේ නෑ. ඒත් මේක සෙනිකව ගම්මුන්ට භාර දුන්නු එකයි ප්‍රස්නේ උනේ. මොකද culling කරනවා නම් ඒ ඒ පරිසර පද්ධතියට බෙදෙන සම්පත් වලට සාපේක්ෂව ගහනයක් තියන් යන්නෝනි. ඉතින් එහෙම කරන්න තරම් දත්ත අපි ගාව නැහැ නොවෑ. රිළව් ලක්ෂ 30 ක් ඉන්නවා කීවාට අපි ගණන් කරලා බලපු එකක් නෙවේනේ. අනික ඔහොම culling කරලා රිලව් සුන්නත්දූලි කරලා දැම්මම ඒ පිරමීඩේම බිඳ හෙළිලා පරිසර සමතුලිතතාව වැටෙන්න පුළුවන්. ඉතින් ගහණ පාලන ක්‍රම කීපයක් තිබුණත් සදාචාරාත්මක ප්‍රශ්න තියේ.😐 culling කරනවට වඩා වන්ද්‍යකරණය හොදයි කියන අදහසෙන් මම ඉන්නේ. වැඩේ කියන්නේ ඕවාට යන වියදම වැඩියි.🏃‍♂️ පරිසර ප්‍රතිපත්ති ගැන මොන බයිලා ගැහුවත් ඒකට හරියන විදිහට මුදල් වෙන් කරන්නත් එපැයි. කලින් ආණ්ඩුත් මුලින්ම කෙලවගත්ත තැන පරිසරය හින්දා මීට වඩා වගකීම්සහගත වෙන්ටෝනි.🫵

මොනවා වෙන්නත් කලින් හරි කසළ කළමනාකරණයක් වෙන්නත් ඕනි. නැත්තම් මේ තත්වේ උග්‍ර වෙනවා. චීනේට ගෙනියන්න හැදුව එකත් කේස් උනේ CITES සම්මුතියට අපි බැඳිලා හින්දනේ. අන්තර්ජාතිකව සත්තු වෙළදාම් කිරීම කේස්. අනික ඉතින් රිළව් කියන්නේ වඳ වීමේ තර්ජනයට ලක් වෙන අය නේ. අනික උන්ව මස් කරන්න බලන් ඉන්න චීන්නු. අම්නේ රිම්ලව් මම්ස් කම්න බෑ කීවාට ආදි මානවයා වදුරු මස් උජාරුවට කෑවා.🍖 දෙසැම්බරයේ ගියපු චීනේ සංචාරයේදීත් මහා අමුතු මසුවුළු මට සෙට් උනා.😂 මෙහෙමයි බන් මේ මස් මොකාගේද කියලා අහන්නේ නැතුව කාපන්. සතාගේ නම ඇහුවට පස්සෙයි මානසිකව වැටෙන්නේ.🥃

පතරංග හෑල්ලට බාධා වෙන වචන සීමාව එන හින්දා මම මෙතනින් හෑල්ල අවසන් කොරන්නම්.🏃‍♂️

🖊 Janiru Ransith

#ඇහුනදෝ...
#හූහූහූ....

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6.8k 0 0 22 177

"Celebrating the strength, wisdom, and achievements of women everywhere! ✨😍

Happy Women's Day ✅❤️

#WomensDay2025
#ScienceFacts

❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

6k 0 0 6 198

ඔබේ නාභිය කුඩා ප්‍රමාණයේ කැලෑ පරිසර පද්ධතියක් වැනිය. 🌲

විවිධ නාභි 60ක් අධ්‍යයනය කිරීමෙන් පසු විද්‍යාඥයන් ඒවායේ ඇති බැක්ටීරියා විශේෂ 2,368ක් සොයා ගත් අතර ඉන් 1,458ක් තවමත් විද්‍යාව නොදන්නා ඒවාය.
😐🦠

𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

7.5k 0 1 12 343

🍻 මැලේසියාවේ දරුවන් බියර් වලින් ස්නානය කරනු ලබන්නේ ඔවුන්ගේ ජනප්‍රවාදයට අනුව මෙම පානය ඔවුන්ට වාසනාව ගෙන දෙන බව විශ්වාස කරන නිසාය. 👶🏻

පොඩි උන් ලොකු උනාම කොහොම ඇද්ද 😂🥃


𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

8.3k 0 0 11 299
20 last posts shown.