🔘. සුරතල් සතුන් අතර ලොව පුරා ජනප්‍රියම සත්වයා බළලා/ පූසා බව නොරහසක්. අදටත් Youtube ඇතුලු සමාජ මාධ්‍ය වල නැරඹුම් වාර මිලියන ගණනින් සුරතල් බළලුන් සම්බන්ධ වීඩියෝ දක්නට ඇත. විවිධ බළලුන් වර්ග අතරින් The Cat Fanciers Association / CFA වෙබි අඩවිය මඟින් වසර ගණනාවක් පුරා අංක එකේ සුරතල් බළල් විශේෂය ලෙස තෝරාගත් රැග්ඩෝල් Ragdoll බළලුන් ගැන සවිස්තරාත්මක සටහනකි මේ.
🔘. රැග්ඩෝල් යනු ප්‍රමාණයෙන් විශාල එනම් බරින් රාත්තල් 20ක්, දිගින් අඟල් 40 ක් පමණ වන ඇස් වටා සහ හිස ප්‍රදේශයේ සහ වල්ගය ද දුඹුරු පැහැයෙන් සහ අනෙකුත් ශරීරයම සුදු පැහැයෙන් යුතු දිගු ලොම් සහිත ඉතා අලංකාර පෙනුමක් සහිත බළල් විශේෂයක් වේ. සම්පූර්ණ මුහුණම සහ වැඩි ප්‍රදේශයක් දුඹුරු පැහැ මෙන්ම තනි සුදුපැහැයෙන් යුතු variants ද දක්නට ලැබෙන ඔවුන්ගේ ඇස් නිල් පැහැයෙන් යුතු වේ. පොදුවේ මිනිසුන් සහ අනෙක් බළලුන් මෙන්ම නිවාස ආශ්රිත බලු සුරතලුන් සමඟද සමාජශීලී වීමත් මොවුන් ජනප්‍රිය වීමට හේතු වී ඇත. වසර 4 කින් පමණ සම්පූර්ණ ප්‍රමාණයටම විශාල වන මොවුන් සාමාන්‍යයෙන් වසර 17 ක පමණ කාලයක් ජීවත් වන බව වාර්තා වේ.
🔘. රැග්ඩෝල් බළලුන් 1960 දී ඈන් බේකර් (Ann Baker) විසින් සොයාගනු ලැබූවේ ඇමරිකානු බළලුන් වර්ග කිහිපයක් යම් කාලයක් තුල Breed කිරීමෙනි. ඔවුන්ගේ ඉහත සඳහන් කරන ලද ලක්ෂන හේතුවෙන් ඉතා ඉක්මනින් ජනප්‍රිය වීමට මොවුන්ට හැකිවිය. ඔවුන් ක්‍රියාශීලී විශේෂයක් නිසා වැඩිදුර ශාරීරික ව්‍යයාම අවශ්‍ය නොවේ. එමෙන්ම විශේෂ බළල් ආහාර (Canned food වැනි) ලබාදීමද ඉතා වැදගත් වෙි. ඉහත දැකවූ පරිදිම අලංකාර පෙනුම, සමාජශීලි සහ ක්‍රියාශීලී වීම, සහ ආක්‍රමණශීලී නොවීම ධනාත්මක ලක්ෂන වන අතරම 100%ක් ම පිරිසිදු /Purebread රැග්ඩෝල් සතුන් ඉතා ඉහල මිලක් වීම අවාසියකි. එමෙන්ම හදවත් රෝග වලට වැඩි අවදානමක් ඇතිවීම හේතුවෙන් සුදුසු ආහාර ලබාදීම ද අයිතිකරුවන් සතු වගකීමකි.
☑️. උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි!!! ✅
මූලාශ්‍ර :
https://www.thesprucepets.com/ragdoll-cat-breed-profile-4583144
https://www.wallpaperflare.com/search?wallpaper=ragdoll+cat
https://www.prnewswire.com/news-releases/drumroll-please-the-cat-fanciers-association-cfa-is-elated-to-reveal-the-top-15-pedigreed-cat-breeds-that-had-everyone-purring-in-2023-302063129.html