ලහිරු රැස් කඳ - ගලා එනවිට
ජනෙල් පත් හැර - එබී බැලුවෙමි
රෝස කැකුලක් පිබිදිලා ඇත
සුගන්ධය දස අතට විහිදී
මුතු වැලක් මෙන් - බින්දු පිනිදිය
සිනිදු පෙති මත විසිරිලා ඇත
තවම කැකුලකි - රොන් පිරී එන
සමය යෞවන වෙතට එළඹෙන
පැයෙන් පැය දවසින් දවස ගෙවී ගොස්
මද්දහන වෙත - ළඟා වන විට
කැකුල පිබිදුනි - රොන්ද පිරිලා
තරැණියක් මෙන් සුමුදු සුසිනිඳු
සුවඳ නැහැපුඩු-වෙතට ඇදිලා
තරුණ බඹරුන්-රසින් කැලතී
සොයා එන්නට වීය කැකුලිව
ඇගේ රොන් රස උරා බොන්නට
ඇයද යෞවන රසෙන් පිබිදී
බමර පහසට ලොල්ව තව තව
නැඹුරු විය ඒ පහස විඳුමට
කිලුටු විය මල ඇයද නොදැනී
උදෑසන විකසිතව තිබූ මල
සවස මිලිනව තිබුනි විසිරී
ඹමර නද නැත සුගන්ධය නැත
විසිර ඇත මල් පෙති තැනින් තැන
Written by- Vihara Heshani
》♡♡《
🍀 Channel
@Little_beauty
🍀 Chat group
@little_dream01
🌿🌸💫🌿🌸💫🌿🌸💫🌿🌸💫
ජනෙල් පත් හැර - එබී බැලුවෙමි
රෝස කැකුලක් පිබිදිලා ඇත
සුගන්ධය දස අතට විහිදී
මුතු වැලක් මෙන් - බින්දු පිනිදිය
සිනිදු පෙති මත විසිරිලා ඇත
තවම කැකුලකි - රොන් පිරී එන
සමය යෞවන වෙතට එළඹෙන
පැයෙන් පැය දවසින් දවස ගෙවී ගොස්
මද්දහන වෙත - ළඟා වන විට
කැකුල පිබිදුනි - රොන්ද පිරිලා
තරැණියක් මෙන් සුමුදු සුසිනිඳු
සුවඳ නැහැපුඩු-වෙතට ඇදිලා
තරුණ බඹරුන්-රසින් කැලතී
සොයා එන්නට වීය කැකුලිව
ඇගේ රොන් රස උරා බොන්නට
ඇයද යෞවන රසෙන් පිබිදී
බමර පහසට ලොල්ව තව තව
නැඹුරු විය ඒ පහස විඳුමට
කිලුටු විය මල ඇයද නොදැනී
උදෑසන විකසිතව තිබූ මල
සවස මිලිනව තිබුනි විසිරී
ඹමර නද නැත සුගන්ධය නැත
විසිර ඇත මල් පෙති තැනින් තැන
Written by- Vihara Heshani
》♡♡《
🍀 Channel
@Little_beauty
🍀 Chat group
@little_dream01
🌿🌸💫🌿🌸💫🌿🌸💫🌿🌸💫