අවසන් සද - Chapter 09 (Story by H.D.)
ආයෙම ඇගපත සෝදගත්ත මම අද දවසේ තුන්වෙනි ළමාසාරිය ඇදගත්තා.. ඒක ලා රත්තන් පාටයි.. කහ පාට රේන්දයක් අල්ලලා තිබුණා මන්තේ අගටයි නෙරියට එන කොටසෙයි... අලුත් අවුරුද්ද වෙනුවෙන්ම අලුත් ළමාසාරි පහක්ම මැහුවා නෙව.... කෙහෙල් දල්ලෙ කොල පාටින්... ඒක අවුරුදු දා අපේ වලව්වෙදි ඇදන් උන්නෙ.. මේ අවුරුද්දෙ සුභ පාටවලින් එකක් න...