🙄අටසිය පනහේ ලෑලි කාමරවල ආදරේ සහා😏
💔 උන්ගේ නල්ලමලේ ආදරේ නිසා දුක් විදින පුංචි පැටව් 💔
යාන්තමට හැඟීමක් දැනීමක් දැනීගෙන එන..
හිරිමල් යෞවනය තමයි භයානකම....
කෙල්ලෙක් ගේ කොල්ලෙක්ගේ අතක් අල්ලන්න කෙල්ලෙක්ගේ පියයුරු දකින්න පිරිමි පපුවක උණුහුම විඳින්න එන අමුතුම ෆීලින්ග් එක අත් හදා බලන්න සෑහෙන්න ට්‍රයි එකක් දෙනවා ඔය වයසේ දි..
සම්ප්‍රදායෙන් පිට යන්න, සමාජෙන් අවනම්බු සහගත කතා අහන්න, දෙමව්පියන්ට තියෙන බයට වගේ මොකක්මහරි හේතුවකට ඉස්සර කාලේ බහුතරයක් කෙල්ලෝ නම් ඔය කියන පුංචි පුංචි හැඟීම් අත් හදා බලලා නැවතුණා.. සීමාව ඉක්මවලා ගියේ නෑ.. (සුලුතරයක් හිටියා ඒත් වැඩේ වරද්දගත්ත)
දැන් ඒක හාත්පසින්ම වෙනස්.. දැන් ඉන්න කෙල්ලොන්ට කොල්ලන්ට ආදරය පියවර වශයෙන් විඳීමක් නෑ. අත් පටලවන් ඔහේ පිස්සු කතා කියව කියව රට වටේ ඇවිදිල්ලක් නෑ.. කාටත් හොරෙන් නළලට හාදුවක් දෙන්න තරම් හදවත පිවිතුරු නෑ.. ඇත්තටම ආදරය කරපු උන් ඒ දේවල් වලින් නතර වුණා.. තමන්ගේ කෙල්ලගේ ආත්ම ගරුත්වය පරිස්සම් කලා..
දැන් ඉන්න උන්ට තියෙන්නේ අමුතුම ටේස්ට් එකක්.. පිවිතුරු ආදරණීය හැඟීමක ආශ්චර්ය විඳිනවාට වඩා උන්ට ඕනි සෙක්ස් කරන්න.. එකෙක් මත්තේ නහින්න ඕනි කියලා එකක් නෑ.. කාලෙන් කාලෙට එක එක ඒවල රහ බලන එක තමයි උන්ට තියෙන එකම විනෝදේ.. කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි..
ඔය අතර බොරු ආදරේකට රැවටිච්ච අහිංසක කෙල්ලොත් ඇති.. සමහර කෙල්ලෝ ඉන්නවා ආදරය වෙනුවෙන් ඕනි දෙයක් කරන.. ඒත් ඒ ආදරේ ම තමයි දවසක එයාලව අඳුරට අරගෙන යන්නේ..
කෙල්ලනේ.. කැමති නම් තේරුම් ගනින්.. උඹට ඇත්තටම ආදරය කරන කෙනෙක් බඳින්න කලින් උඹේ පතිවත උදුර ගන්නේ නෑ .. උඹ වෙනුවෙන් බලන් ඉන්නවා මිසක්.. උඹව වැදගත් විදිහට තමන්ගේ කරගෙන උඹත් එක්ක ඒ සතුට විඳිනවා මිසක්..
උඹලාගෙ ඔය රෙද්දේ ආදරේ හින්දා දවසක උඹලාගෙ පව් කරගහන්නේ උඹලාගෙ ලෙයින් ඉපදෙන අහිංසක දරු පැටවු.. එකපාරම ඇති වෙලා නැති වෙලා යන හැඟීමක් වෙනුවෙන් උඹලා ජීවිත කීයක් නම් අපායකයට ඇදලා දානවා ද..
උඹලාට දරුවෙක් හදන්න උවමනාවක් නැත්නම් පින් සිද්ධ වෙයි කොණ්ඩම් එකක් පාවිච්චි කරපල්ලා.. එක එක මුඩුක්කුවල ලැගලා ලැගලා දරු පැටියෙක් බඩට ආවාම එක්කෝ ඒ අහිංසක පැටියාව අමු අමුවේ ඇබෝශන් කරනවා.. උඹලාට ගෙවන්න තවත් පවක් නෑ.. එගෙමත් බැරි වුනොත් වදලා කුණු කාණුවල ටොයිලට් වලවල් වල මරලා දාලා යනවා.. තොපිට ඉතින් වැහි නැති හෙ
ණ නොගැ*හුවොත් තමයි පුදුම...
ඇස් ඇරලා බලපල්ලා.. ළමා නිවාසවල තනි ඇදක අම්මෙක්ගේ අප්පෙක් උනුහුම මොනවගේ එකක් ද කියලාවත් නොදැන අහිංසක මල් වගේ දරු පැටවු කී දෙනෙක් දුක් විඳිනවා ද.. අම්මාගේ කිරි ටිකවත් බීලා හැදෙන්න ඒ දරුවොන්ට පින නෑ අර වගේ කාලකණ්ණි කරන වැඩ හින්දා .. මේක ටයිප් කරන කොටත් මගේ ඇස් දෙකට කඳුළු උණනවා..
දරුවෝ ඉන්න දරුවොන්ට ගොඩක් ආදර කරන කෙනෙක් ට මේ කතාව පපුවට ම දැනෙයි.. තමන්ගේ දරුවා දිහා බලලා ඒ වගේ දරුවෝ දිහා බැලුවම දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ..
කොහේවත් යන සුනඛ ගති තියෙන ඒසා ගෑණු මිනිස්සු නිසා දුක් විඳින්නේ ඒ පැටව් කියලා හිතෙනකොට ඇත්තටම හිතට වේදනාවකුත් එක්ක එන්නේ කේන්තියක්..
දරුවොන්ට මෙහෙම අපරාධ කරන හැම එකාටම දඬුවම් කරන්න නීතිය මීට වඩා ශක්තිමත් විය යුතුයි..
පුලුවන් නම් හිතට ගනින් කවදාවත් තවත් ජීවිතයක් දුකට පත් කරන කාලකණ්ණියෙක් වෙන්නේ නෑ කියලා.
උඹලාගෙ වැරදි වලට අහිංසක දරුවෝ දුක් විඳින්න ඕනි නෑ ...
මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ කලාතුරකින් ..
ඒ ලැබුණ ජීවිතෙත් තිරිසන් සක්කිලි අවජාතක වැඩ කරන්න එපා.. උන්ට යන්න අපායට වඩා හොඳ තැනකුත් නෑ..
විඳින්න හොඳ විදිහට ආදරේ විඳපන්.. අහු වෙන අහුවෙන කෙහෙල් ගහට කොටන කොට්ටෝරුවෙක් වෙලා හොට පටලවගන්න එපා...
හිතට දැනුනා නම් ශෙයාර් කරන්න
අපි මේ සමාජයේ ආකල්ප වෙනස් කරන්න ඕනි ..
නැත්නම් උඹෙයි මගෙයි දරුවොන්ටත් දවසක මේකේ ජීවත් වෙන්න හොඳ වටපිටාවක් නැති වෙයි ..
Madhuu...✍️✍️✍️
පින්තූරය මුල් අයිතිකරු සතුයි..
උපුටා ගැනීමකි ..
]🗣...CHANNEL 👣:-
https://t.me/pissukello