ඇයි ඔයා තාම තනිකඩ ?
හේතු කිහිපයක් ම තියෙනවා ඇයි ඒක ගැන අහන්නේ ?
මට ලොකු කුතුහලයක් තියෙනවා ඔයාට ජීවිත කාලෙටම කෙල්ලෙක් ට හිත ගියේ නැත්තේ ඇයි කියන එක ගැන
ආ ඔයා අහන්නේ ක්‍රෂ් ද,ක්‍රෂ් නම් බ්‍රෂ් ගාණටම හිටියා.
ඉතින් සෙට් වුණේ නැත්තේ ඇයි?
ක්‍රෂ් කියන්නේ ක්‍රෂ් එකට.මොළෙන් දෙන කික් එකට නැත්තම් ස්වයං මෝහනයක් විතරයි.
ඉතින් ඒක ආදරයක් බවට පෙරළගන්න බැරි ද?
ක්‍රෂ් කියන්නේ ආදරයේ මූලික මට්ටම නැත්තම් බේසික් ලෙවල් එකේ ආකර්ෂණය.ඒක තමයි ප්‍රේම වෘතාන්තවලට දොරටුව විවෘත කරන යතුර.
ඉතින් ඔයාගේ ක්‍රෂ් අතරේ ඔයාගෙම ප්‍රේම වෘතාන්තයකට යතුරක් හොයා ගත්තේ නැද්ද?
ක්‍රෂ් මට්ටමේ ඉදන් එහා සීමාවකට යන මට්ටමට ළගා වෙන කෙනෙක් හිටියා.ඒත් අද එයා මේ ලෝකයේ නැහැ. ඉතින් මගේ ෆැන්ටසි ලෝකයට ඔබින්න කෙනෙක් තාමත් නෑ .
මට සමාවෙන්න ඒක ගැන ඇහුවට.ඒත් ඔයාගේ ෆැන්ටසි ලෝකය මොකක්ද ?
මන් එදා ඉදන් ම ෆැන්ටසි ප්‍රේම මන්දිරවල ජීවත් වුණු කෙනෙක්. මන් විද්‍යාත්මක තාර්කික පොරක් වෙන්නැති.ඒත් ඒ කෙමිකල් ආතල් එකට එහා ගිහින් ඇහැට ඇහැක් ගැටුනාම එක මොහොතකට මුළු ලෝකේම නවතින ශරීරයේ පහළ ඉදන් උඩට එනකන් දැනෙන අමුතු සීතල හැගීම මම තාමත් අදුරේ ලයිට් ගහ ගහ හොයනවා.ඒ අදුරේ මට නොලැබුණු මැජික් එක ට මන් කියන්නේ ආදරය කියලා.
ඉතින් එහෙම මැජික් එකකින් ම හම්බෙන්න ඕනි ද ?
නැහැ මම එහෙම කියන්නේ නැහැ.කාලයෙන් ලැබෙන මහගු ආශිර්වාදයෙන් සරල ක්‍රෂ් මටම්මේ සිට මහා ප්‍රේම වෘතාන්ත ගොඩනගන්න පුලුවන්. ප්‍රේම මන්දිරයේ දොරටුව විවෘත කරගෙන එහි සදාකාලික පදිංචිකාරයෝ වෙන්න පුලුවන්.
ඉතින් ඒ මැජික් එකට කෙනෙක් හම්බුනොත් ඔයා සූදානම් ද?
ම්ම් ටිකක් බයයි , මොකද මගේ ෆැන්ටසි ලෝකයේ මම තමයි හොදම ප්‍රේමවන්තයා. ඒක කයිවාරුවක් නෙවෙයි ඒත් ඒ ස්වාභිමානයට මම කැමති යි.සහකාරියගේ ජීවිතයේ සියලු දේම වැළදගෙන ඇයගේ උණුහුම භාරගන්නවා කියන්නේ එක්තරා ආකාරයක විශාල කට්ටක් . ඒක සුන්දර දෙයක්. ඒත් ඒ වගේ කට්ටක් කන්න තරම් සුදුසු කෙනෙක් තාම නැහැ.
ඔයා ඔයාගේ ප්‍රේමවන්තිය මම කියලා හිතුවොත් ඔයා මට ආදරය කරන්නේ ඇයි?
එහෙම හේතුවක් කියන්න බැහැ.මම කැමති නැහැ අමුතු පුරසාරම් දොඩලා මගේ ආදරයට හේතු කියන්න.මම මුළු හදවතින්ම ඔයාට ආදරය කරාවි.ඒක මට විශ්වාසයි.
ඉතින් ඇයි ආදරේ කියන එකට හේතු නැද්ද ඔයාට?
මම ඔයාව දන්න කාලේ ඉදන් පියවරෙන් පියවර තමයි මගේ ආදරය ගොඩ නගා ගන්නේ එහෙම උනොත්.ඒක කැලැන්ඩරයක් අරගෙන මේන් මේ දවස කියලා මම කියන්න දන්නේ නෑ.අඩුම තරමේ මගේ ආදරය මනින්න පුලුවන් විදිහේ මිනුම්දණ්ඩක්වත් මගේ ෆැන්ටසි ලෝකයට උරුම නැහැ.මොකද ඔයාව දැක්ක දවසේ ඉදන් ඇති උනු හැගීම අදටත් තියෙනවා.ඒත් අද වෙද්දී ඒක ගොඩක් ස්ථාවර වෙලා ඒකට ගොඩක් හේතු හැදිලා වෙන්න පුලුවන්.
මට දැනෙන්නේ ඔයාගේ ආදරය කොටු කරගන්න කැමති නැහැ ඔයාගේ සහකාරියට එක හේතුවක් නිසා ආදරෙයි කියලා , මම හරි නේද?
ඔව්, ඔයා ඔයාගේ අම්මාට තාත්තා ට ආදරේ ඇයි කියලා කිව්වොත් ඔයාට තනි හේතුවක් දක්වන්න බැහැ. මම කැමති සහකාරිය ඔයා උනොත් ඔයා ඔයා වෙනතාක් මම කැමති යි.මොනා උනත් මුලින්ම දකින පෙනුමට තමයි ගොඩක් අය කැමති වෙන්නේ.ඒත් එයාගෙන් ඒ දැනෙන වයිබ් එකට , එයාගේ හිනාවෙන් දැනෙන ඒ නැවුම් බව , සිතුවිලි ආකර්ෂණයෙන් දැනෙන කැමැත්ත ඒවා ගොඩක් මූලිකයි.
මොනාම හරි වෙලා ඒ දේවල් මැකිලා ගියොත් ඔයාගේ ෆැන්ටසි ආදරය බොරුවක් වෙනවා නේද ?
එහෙම හේතුවක් නැති උනොත් ඒ ආදරය පවත්වා ගන්න අවශ්‍ය බලය හම්බෙන්නෙ ඇයට ආදරේ ඇයි කියන හේතු හොයාගෙන යන එකෙන්ම තමයි.උත්තර ප්‍රේමයට වගේ පොර ටෝක් දුන්නාට මම කැමති ඒ නිරුත්තර ප්‍රශ්නයට මුළු ජීවිත කාලෙම හේතු හොයන්න.ඇයි මම ඔයාට ආදරය කරන්නේ කියන එකට හේතු හොයන්න , ඒක තමයි ආදරේ මැජික් එක.කවුරුත් නොදකින අමුතු මැජික් එක.
ඔයාගේ ගැලපීම් මට ගොඩක් ආගන්තුක යි, ඒත් ඒ ආගන්තුක බවෙන් මට ඔයාගේ ෆැන්ටසි ලෝකයේ යතුර හොයාගන්න පුලුවන් වෙයිද ?
මම දන්නේ නෑ ඔයා මගේ සීමාව බිදී ද කියලා. ඒත් මම දන්නවා මගේ සුදුස්සියව කවදහරි ලැබෙයි කියලා. එදාට මගේ ආත්මය ඇය එක්ක වෙලාගෙන දහස් ගණන් තරු පිරුණු අහසක යට ඉදන් තොල් යාවේවි. තාර්කික නීතිවලට පටහැනිව, මොහොතක සදාකාලිකත්වයත්, ජීවිත කාලය ක්ෂණිකව ගෙවා යනවා වගේ දැනෙන ඒ මැජික් එකටත් විද්‍යාත්මක අර්ථකථනවලින් බැහැර වෙලා ඒ විශ්වීය හැගීම විදිගන්න තිබුනොත් ඒ හොදටම ඇති.
Crush එකක් ඉන්නවාද කියලා අහපු සියලුදෙනාම වෙනුවෙන් ලීවේ මේක 😂 මොන මල ඉලව්වක් ද කියලා හිතන්නත් ඇති මේක. ඒත් මේ මගේ සිතුවිල්ල. මේ සිතුවිල්ලට අකමැති අය හිටියට මම මගේ සිතුවිලි වලින් බැහැර වෙන්න කැමති නෑ නොවෑ.
අදහස් උදහස් ඕනි දෙයක් ලියාගෙන යන්න. https://ngl.link/janiru_ransith07
🖊 Janiru Ransith
#ෆැන්ටසිලෝකෙකජීවත්වෙනසේපියන්😂
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬